New updates Everyday

Like Us For Updates

Showing posts with label Lanka Gossip News. Show all posts
Showing posts with label Lanka Gossip News. Show all posts

චරිතය හොදනම් හතුරෙකුගේ නිර්මාණයක වුණත් මං රඟපානවා

නදීෂා හේමමාලි කියන්නේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ වගේම සිනමාව තුළත් තමන්ගේ දක්ෂතා පෙන් වූ නිළියක්. ඇගේ රංගනය ගැන වගේම ඇය ගැනත් විවිධ පුවත් කතා බහට ලක්වූ අවස්ථා තිබුණා.
පසුගියදාක නදීෂා තමන්ගෙම වබේ අඩවියක් ආරම්භ කළා. ඒ ගැන කතා කරන්න වගේම ඇගේ රංගන ජීවිතයේ හා පෞද්ගලික ජීවිතයේ තොරතුරු කතා කරන්නත් හිතාගෙන අපි නදීෂාට කතා කළා.
ඉදිරි සැලසුම් අතර තවත් මේ වගේ විවිධ කටයුතු කාරණා ඇති.?
ටෙලි නාට්‍යයකුයි චිත්‍රපටයකුයි නිෂ්පාදනය කරන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී ඒ දෙකම සිදුවේවි. දැනට සුදුසු කතා තේමා තෝරා ගනිමින් ඉන්නේ.

ඒ දෙකේම ප්‍රධාන චරිත නදීෂාද?
අනිවාර්යයෙන්ම ඔව්. ඕනෑම නළුවෙක් නිළියෙක් කැමතියි තමන් ආශා කරන තමන්ට ගැළපෙන චරිතයක් රඟපාන්න. තමන්ම නිෂ්පාදනයක් කරලා ඒ නිර්මාණයේ තමන් කැමති විදියේ චරිතයක් රඟපාන්න අවස්ථා උදා කර ගැනීම වරදක් නැහැනේ.
නදීෂා රඟපාන්න ආශාවෙන් ඉන්න චරිතයන් තියෙනවද?
මෙහෙනින් වහන්සේ කෙනෙකුගේ චරිතයක් රඟපාන්න විශේෂ ආශාවක් තියෙනවා.
සැබෑ ජීවිතයේදී පැවිදි බිමට යන්නත් ආශාවක් ඇතිවෙයිද දන්නෙ නැහැ. 
අනාගතයේදී එහෙම හිතෙන්නත් බැරි නැහැ.
ඇයි සසර කලකිරිලද?
කලකිරිලා නම් නැහැ. හැබැයි ජීවිතය ගැන  යථාර්ථය වටහාගෙනයි ඉන්නේ.
සිල් ගන්න බණ භාවිතා කරන්නත් කැමතිද?
දැනටත් මම ඔය දෙකම කරනවා. හැබැයි පත්තරයකට ඒ ගැන කියපු පළමු වතාව තමයි මේ.

 ඒ වගෙ කටයුතු රහසින් කළ යුතුයි කියලා හිතුණද?
නැහැ. ඒ වගේ දේවල් කියන්න ගියාම මිනිසුන් විවිධ දෘෂ්ඨීන්ගෙන් ඒ දිහා බලන්න පුළුවනි. ඒ භාවනාවේ යෙදෙමින් මනස සන්සුන් කරගන්න එක, සැහැල්ලුව කරගන්න ඕන. නිළියන් විදියට චරිතයන් රඟපෑමේදීත් උපහාරයක් වන බව මම දන්නවා. ඒ වගේම ජීවිතයේ ප්‍රශ්න ගැටලු දිහා යථාර්ථවාදීව බලන්නත් පුළුවන්.
ඔය විදියට හිතන පතන නදීෂා ගැටුමට බරයි කියලා කට කතා පැතිරෙන්නේ ඇයි? 
මගෙ අදහස හරිම සෘජුයි ඒ විදියට කෙළින් කතා කරන්න ගියාම අනිත් අය හිතන්නේ මම ගැටුමට බරයි කියලා.

 දැනට විකාශය වන ටෙලි නාට්‍යයන් තුළ ගැටුමක් ඇති කරගෙන ටෙලි නාට්‍යයන් දමල ගහල ගියා කියන්නේ කතාව ඇත්තද?
ඔය ප්‍රශ්න ඇහුවට ස්තූතියි. ඔය කාරනාව ගැන විවිධ පුවත් පළ වුණා. මට ඇත්තටම ඇත්ත සිද්ධිය කියන්න මේක අවස්ථාවක් වේවි. ඔය ටෙලි නාට්‍යය ආරම්භ කළේ කොටස් 100යි කියලා. ඒ සියය ඉවර වුණාම තව දික් කරන්න හැදුවා. පිටපත කිහිප වතාවක් ඉල්ලුවත් දුන්නෙ නැහැ. දර්ශන තලයෙදිත් නළු නිළියන් අපහසුතාවයට පත්වූ අවස්ථා ගොඩක් තිබුණා. එක දවසක් අව්වේ මහ පාරේ රූපගත කිරීම් තිබුණා. එදා මම වාහනේ ඒ.සි. දාගෙන හිටියේ මගේ වියදමින් පැට්‍රල් ගහලා.
 ඇඳුමක ප්‍රශ්නයක් මත නදීෂා නාට්‍යය දමල ගහල ගියා කියලයි ප්‍රවෘත්තිය ගියේ
ඒ ටෙලි නාට්‍යය නරඹන අය දන්නවා මම රඟපාන චරිතය ධනවත් පවුලක යුවතියකගේ චරිතයක් බව. චරතියට අදාළ ඇඳුම් මුලදී        නිෂ්පාදන අංශයෙන් ලබා දුන්නට පසුව ලැබුණෙ නැහැ. මගේ ඇඳුම් ඇඳගෙන රඟපාන්න මට අවශ්‍ය නැහැනේ. ඔය කාරණය ගැන කතා කරන්න ගියාම ටෙලි නාට්‍යයේ රේඛිය නිෂ්පාදකවරයා මට අසභ්‍ය වචනයෙන් බැන්නා. ඒකයි මම එතැනින් ඉවත් වුණේ.
විකාශය වන ටෙලි නාට්‍යයක ප්‍රධාන නිළිය අතරමැද දී දමල ගහල ගියාම ඒ නිර්මාණය අඩාල වෙනවා නේද?
මම විතරක් නමෛයි තවත් නළු නිළියන්ට ඒ කිවුව පුද්ගලයාගෙන් අසාධාරණකම් වුණා. මම එතැනදි නිවටව නම් තව අයට ඒ දේ වෙයි. මට අවශ්‍ය වුණේ ඔහුගෙන් මේ නිර්මාණයට වන අසාධරණය වළකන්න, මගෙන් සමාව ගත්තොත් දිගටම නිර්මාණයේ ඉන්න බව මම කියා සිටියා. ඒත් ඔහු ඊට  එකඟ වුණේ නැති හින්දා මට සිදුවුණා එතැනින් ඉවත්වෙන්න. ඒ නාට්‍යය දැන් මගෙ චරිතය නැතුව කරගෙන යනවා.
ඔය සිදුවීම්වලට සම්බන්ධ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයාගේ ඉදිරි නිර්මාණයක රඟපාන්න ආරාධනා ලැබුණොත් බාර ගන්නවද? 
නිර්මාණය හොඳ නම් මගෙ චරිතය හොඳ නම් හතුරෙක්ගේ නිර්මාණයක වුවත් රඟපානවා. ඒක මගෙ ප්‍රතිපත්තිය.
අර මුලින් කී රේඛීය නිෂ්පාදකයා සම්බන්ධ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත් 
ඒ වගෙ. අය කලාකරුවො නමෛයිනෙ එහෙම අය ඉන්න තැනකටවත් යන්න මම කැමති නැහැ.
ආදරය හා විවාහය ගැනත් දැනගන්න කැමතියි
මට පෙම්වතෙක් ඉන්නවා. ඉදිරියේදී අපේ විවාහය සිදුවේවි.
එයා කලාවට සම්බන්ධ කෙනෙක්ද? නළුවෙක්ද ජනප්‍රිය චරිතයක්ද?
(හිනැහි) වෙන්නත් පුළුවන්.
නොවෙන්නත් පුළුවන්.
පුංචි ඉඟියක් දෙන්න.
(හිනැහි) ගොඩක්ම කඩවසම් කෙනෙක්.
විවාහය ළඟදීම සිදුවනවද?
(හිනැහි) කාලයක් යන්නත් පුළුවන්. මේ සාකච්ඡාව පත්තරේ පළ වන විට විවාහ වෙලා ඉන්නත් පුළුවන්.


























































































 මිතුරන් සමඟ බෙදාගන්න.

Miss World Sri Lanka 2012 ,Sumudu Prasadini

Miss World Sri Lanka 2012 ,Sumudu Prasadini

Miss World Sri Lanka 2012, Sumudu Prasadini is a professional model and an actress in Sri Lanka. her home town is Kurunegala. Apart from being an actress, Prasadini is also interested in athletics, drama and fashion designing and most of the time she designs her own clothes. Sumudu has said she had not any political background to achieve her victories. She was very happy to got a chance to participate miss world 2012 .She was able to win 26th place of top models among 127 countries.She believes she has never followed a bad routing to obtain such a position although she could have many opportunities. She rejected many proposals from croesuses. She has still protected her character. She says she has lot of restrictions because she has come from a village.



මිතුරන් සමඟ බෙදාගන්න.

සමහරු කටකතාවක්‌ නම් හැදුවා. හැබැයි ඒ කටකතාව නම් ඇත්තක්‌ - අමිෂා කාවින්දී

අමිෂා කාවින්දී තරුණ රංගන ශිල්පිනියක්‌. අමිෂා පාසල් කාලයේ පටන් පෙන් වූ නර්තන දක්‌ෂතාවය නිසාම ඇයට චිත්‍රපට ලෝකයට සම්බන්ධවීමට වාසනාව උදා වුණා. මුලින්ම චිත්‍රපට දෙකක පමණ පසුබිම් නර්තන ශිල්පිනියක්‌ ලෙස කටයුතු කළ අමිෂාට "සඳ දෙව් දෝණි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්ට ආරාධනා ලැබුණා. එදා පටන් මේ දක්‌වාම ටෙලි නාට්‍යවල රංගනයට වඩා චිත්‍රපට රංගනයට ප්‍රමුඛතාවය ලබාදෙන්නට ඇයට හැකියාව ලැබුණා.

අමිෂා කොහොමද?

හොඳයි......... හොඳින් ඉන්නවා.

අමිෂා මේ දවස්‌වල මොනවද කරන්නේ.....

මේ දවස්‌වල ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්නවා. "විහඟ ලඳුන්" චිත්‍රපටයේ ෂූටිං ඉවර වුණා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ තුෂාර සම්පත්.

තිරගත වෙන්නට නියමිත චිත්‍රපට තියෙනවාද?

කිහිපයක්‌ම තියෙනවා. මගේ පළමු චිත්‍රපටය "සඳ දෙව් දෝණි" තවම තිරගත වුණේ නැහැ. ඒක මම රඟපෑවේ 2005 වසරේදී. මේ අවුරුද්දේ තිරගත වෙනවා කියලා ආරංචියක්‌ තියෙනවා. මම දෙවෙනියාට කළ "සදා කල් ඔබ මගේ" චිත්‍රපටයත් තිරගත වෙන්නට නියමිතය. "විහඟ ලඳුන්" චිත්‍රපටයේ වැඩ ඉවරයි.

අමිෂා රංගනයට යොමු වුණේ කොහොමද?

පාසලේදී මම විෂයක්‌ වශයෙන් නර්තනය ප්‍රගුණ කළා. බාහිරවත් මම නර්තනය ඉගෙන ගත්තා. ඒ නිසාම පාසල් යන කාලෙදිම චිත්‍රපටවල පසුබිම් නර්තන ශිල්පිනියක්‌ ලෙස කටයුතු කරන්න අවස්‌ථාව ලැබුණා.

ඒ අතරතුරේදී තමයි නිශාන්ත වීරසිංහ ඔහුගේ "සඳ දෙව් දෝණි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා මට ආරාධනා කළේ. ඒ කාළේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්‌. විශේෂයෙන්ම කවදාවත් රඟපාලා නැති කෙනකුට ඒ වගේ අවස්‌ථාවක්‌ ලැබෙනවා කියන්නේ ඉහේ මලක්‌ පිපුණා වගේ වැඩක්‌. මම ආරාධනාව බාරගෙන රඟපාන්න ආවා.

ටෙලි නාට්‍ය කරලා නැද්ද?

තියෙනවා. "කාව්‍ය" ටෙලි නාට්‍යයේ කාව්‍යාගේ යෙහෙළිය තිමානිගේ චරිතය සහ "නිලංජනා" ටෙලි නාට්‍යයේ නිලංජනා ගේ යෙහෙළිය සමන්තිගේ චරිතය. ඊටපස්‌සේ ටෙලි නාට්‍යවල රඟපෑවේ නැහැ. චිත්‍රඵටවල විතරයි රඟපෑවේ.

අමිෂා ඉගෙන ගත්ත පාසල

ජාඇල නිමල මරියා බාලිකා මහා විද්‍යාලය

අමිෂා පවුලේ තොරතුරු

අපි ඉන්නේ ජාඇල. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්‌කයි. අක්‌කා විවාහවෙලා ඉන්නවා. එයාට දුවක්‌ ඉන්නවා.

අමිෂා විලාසිතා කරන්න කැමති කෙනෙක්‌ද?

ඔව්....කවුද අකමැති විලාසිතා කරන්න. මම සාමාන්‍යයෙන් තැනට ගැළපෙන විදිහට අඳින කෙනෙක්‌

ආදරය ගැන කතා කළොත්...

ආදරය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්‌. ජීවිතය තුළදි ආදරය විඳින්න ඕන කියලා මම විශ්වාස කරනවා.

විවාහය ගැන මොනවද හිතන්නේ.

තරුණ කාලේදී සමහරකුට විවාහය අත්‍යාවශ්‍ය නොවන දෙයක්‌ කියලා හිතෙන්න පුළුවන්. නමුත් වයසට යන විට දැනෙන තනිකම. පාළුව ගත් තීරණ වැරදි බවට පෙන්වා දෙන්න පුළුවන්. මගේ සිත තුළ විවාහය ගැන සුන්දර බලාපොරොත්තු තියෙනවා. තව අවුරුදු 2 කින් මම අනිවාර්යයෙන්ම විවාහ වෙනවා.

අමිෂා කටකතාවලින් සැලෙනවද?

අපෝ නැහැ. ඕනම කෙනෙකුට කටක්‌ තියෙන නිසා තවත් කෙනෙකු ගැන හොඳ හෝ නරක කටකතාවක්‌ හැදිය හැකියි. නැත්නම් පොඩි දෙයක්‌ ලොකු කරලා සමාජය පුරාම පතුරවා යවන්නත් පුළුවනි.

මට කාගේ හරි ගැන කටකතාවක්‌ කියන්න ආවොත් මම ඒක සාවදානව ඇහුම්කන්දීලා එක කණකින් අහලා අනෙක්‌ කණෙන් පිටකරලා දානවා. සාමාන්‍යයෙන් මම වැඩ කරන්නේ මට ඕන විදියටයි.

ඔයා ගැන කතාවක්‌ පැතිරුණොත්. අමිෂා මොකද කරන්නේ.....

ගණන් ගන්නේ නැහැ. මට නම් කටකතා අඩුයි. සමහරු කටකතාවක්‌ නම් හැදුවා. හැබැයි ඒ කටකතාව නම් ඇත්තක්‌.


හරින්දි ලියනගේ
ඡායා - දිනේෂ් ගමගේ


උපුටා ගැනීම දිවයින


තුරන් සමඟ බෙදාගන්න.

Miss World 2012-Dance Of The World

Miss World 2012-Dance Of The World

Miss World 2012-Dance Of The World
මිතුරන් සමඟ බෙදාගන්න.

Miss Ithalia 2012 – Nayomi

මිතුරන් සමඟ බෙදාගන්න.

ආදරේදී තුන් වතාවක් වැරදුනා - අරුණි රාජපක්ෂ

ආදරේදී තුන් වතාවක් වැරදුනා - අරුණි රාජපක්ෂ

අරුණි රාජපක්ෂ 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනා ගනිමින් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවදානය දිනා ගත්තා.  නිරූපිකාවක් හා නිළියක් ලෙස ඉදිරියට ආ අරුණි කන්ද උඩරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් සමග මීට පෙර විවාහ වුන එක ගැන එයා කිව්වෙ මහ අමුතු කතාවක්.

"එහෙම දෙයක් මට මතක නැහැනේ", "මම නම් එහෙම එකක් ගැන දන්නේ නෑ" ආදී කියමන් එක දැන් ජනප්‍රිය කතාවක් වෙලා. පසුගිය දිනවල දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාටත් අතීතය අමතක වෙලා තිබුන බව පුවත්පත් මගින් දුටුවා. ගොඩාක් දෙනෙක් දන්න විදියට මේක බෝවෙන ලෙඩක් නම් නොවෙයි.

නමුත් කුඩා මොලේට ආසන්නව යම් තදබල පහරක් වැදුනොත් අතීතය අමතක වෙලා විනාඩි කිහිපයක් ඇතුලත කර කී දේවල් පමණක් මතකයේ තිබෙන අයුරු සහ කම්පනයක් ගෙනදීමට තරම් විශේෂ සිදුවීමකින් ඊට සම්බන්ධිත අතීතයන් නැවතත් තාවතාලිකව මතක් වෙන අයුරුත් "ගජිනි - Ghajini" යන ජනප්‍රිය හින්දි චිත්‍රපටයෙන් අපි නරඹලා තියෙනවා. ඒකට කියන්නේ "ෂෝට් ටර්ම් මෙමරි ලොස්" කියලා. ගජිනි විත්‍රපටියේ ගැබ්වෙලා තියෙන්නේ හරි ලස්සන, අවංක ආදර කතාවක්. 

නමුත් අරුණිගේ ආදර කතාව ගැන සතිඅන්ත පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත් සහ එම ජායාරූප තමන් නොදුටු බවත්ය. අපි බලමු එයා තව මොනවාද කියන්නේ කියලා.

කීපදෙනෙකුට ආදරේ කරපු කෙනෙක් අදරයේදී විශ්වාස කරන්න පුලුවන්ද?
පුළුවන්. මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නෑ.

ඔබට ආදරේදී කී වතාවක් වැරදුනාද?
තුන් වතාවක්

විවාහයක් කියන්නේ හදිසියේ සිදුවියයුතු දෙයක් ද?
නෑ බොහොම කල්පනාවෙන් සිදුවියයුතු දෙයක්.

එහෙනම් ඔබ හදිසියේ විවාහ උනේ?
කවුද කියන්නේ?

කන්ද උඩරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක විවාහ ගිවිසගත්ත කියන එක බොරුවක් කියලද කියන්නේ?
එහෙම කතාවක් තියනවද? මම නම් එහෙම එකක් ගැන දන්නේ නෑ.

වෙබ් අඩවි වල තිබුන චායාරූප ඔබේ නෙවෙයිද?
මම ඒවා දැක්කේ නෑ.

ගින්නක් නැතිව දුමක් නගියිද?
සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.

පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවක ප්‍රධානියෙක් එක්ක තිබුණා කියන සම්බන්ධතාවයටත් කණකොකා හැඬුවද?
කණකොකා හඩන්න එහෙම සම්බන්ධයක් තිබුනේ නැහැනේ.

වගකිමෙන්ද කියන්නේ?
ඔව්. වගකීමක් නැතිව වචන පාවිච්චි කරන්න බැහැනේ. නිවේදිකාවක් උනාම මාධ්‍ය ප්‍රධානියාට සම්බන්ධ කරනවා. නිලියක් උනහම නළුවට සම්බන්ධ කරනවා. ඕවා කතා විතරයි.

කටකතා වලට බයද?
අපෝ නෑ. මම ඒවා ගැන හිතන්නේ නැහැ.

දැන් පෙම්වතෙක් ඉන්නවද?
ඔව්.

කවුද?
නම ගම හෙළි කරන්න බෑ.

Night Club යනවද?
පුරුද්දකට යන්නේ නැහැ. ඒත් වෘත්තීය අවස්තාවකටනම් යනවා.

මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවද?
නැහැ. මම ඒවාට විරුද්දයි.

මත් ද්‍රව්‍ය, Night Club යන්නේ නැතිව නිරුපිකාවකට පැවැත්මක් තියනවද?
ඇයි නැත්තේ! එක මහා මෝඩ සංකල්පයක්.

හදහන් විස්වාස කරනවද?
ඔව්.

විවාහයෙදී?
ඔව්. විවාහයේදීත් මම හදහන් බලයි.

ගැහැණු ළමයින්ට තිබිය යුතුම මොනවද?
චරිතය.

ඔබටත් එය තියෙනවද?
නැත්නම්!!
මිතුරන් සමඟ බෙදාගන්න.

මේ ආදර්ශය අපට ලබාදෙන්නෙ වෙනකෙක් නොව ලොව මීටර් 100, 200 වේගවත්ම මිනිසාවන උසේන බෝල්ට්ය..


සහෝදරකමට, හිතවත් කමට ජාති ආගම් බේද නැත.. ලොව කොහේ ජීවත් උවද නිහතමානීය..
මේ ආදර්ශය අපට ලබාදෙන්නෙ වෙනකෙක් නොව ලොව මීටර් 100, 200 වේගවත්ම මිනිසාවන උසේන බෝල්ට්ය..

එංගලන්ත ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 අවසන් මහා තරගය සදහා තරග කරුවන් සිය ධාවන තීරුවලට පැමිණියහ..
ඔහුන්ගේ පිටුපසින් සිටින්නේ තරගකරුවන් බහාලන ඇදුම් මළු රැගෙනයාම සදහා සිටින ස්වේච්ඡා ළමුන් පෙළයි..
උස්සේන් බෝල්ට්ද සිය ඇදුම් ගලවා දමද්දී ඔහුගේ කූඩය රැගෙන යන ජෝර්ජ් නැමති මෙම පාසල් සිසුවා ආසාවෙන් එම කූඩය දිහා බලා සිටියේය..

ඇයි..? කියා සුහදව ඇසූ උස්සේන් බෝල්ට් ජෝර්ජ් හා සුහදව සුළු කතාබහක යෙදී.. අපේ බාසාවෙන් පහක් (knuckles)දැම්මේය..
එසේ සුහද වූ උසේන් බෝල්ට් නැවත සූදානම් වෙද්දී..
මම ඔයාගෙ තොප්පියට ආසයි.. ජෝර්ජ් පැවසීය..
ඇත්තටම ආසද..? නැවතත් බෝල්ට් ඇසීය...
ඔව්.. මම කැමතියි.. ජෝර්ජ් ඉතා ගෞරවාන්විතව පිළිතුරු දුණි..
සිය කූඩයට අත දැමූ උසේන් බෝල්ට් සිය තොප්පිය ගෙන ජෝර්ජ්ට පිරිනමන ලදී...

ඔහු හොද මහත්මයෙක්... කොතරම් ප්‍රසිද්ධ දක්ෂ උනත් ඔහු මා එක්ක සුහදව කතා කලා... ඔහුගේ කැප් එක මට දෙන්න තරම් ඔහු නිහතමානී උනා.. බලාගෙන අය එකපාරටම කෑ ගැහුවා මේක දැකල.. මේ මගේ ජීවිතයේ වටිනාම සංවාදයයි.. ප්‍රේක්ෂකයෝ කෑගහද්දි මට හිතාගන්න බැරිඋනා.. දටත් මට මේක හීනයක්.. ඔහු මට වීරයෙක් සදහටම. අම්ම කියනව මේක විකුණමු කියලා.. ඒත් මම මේක රාමු කරල මගේ ලග තියාගන්නවා.. දිනය අවසානයේදී ජෝර්ජ් පුවත්පත් වලට පැවසීය.. 

 මිතුරන් සමඟ බෙදාගන්න.

රට කැළඹූ කලාවැව ඡායාරූපයේ හිමිකරු කියන කතාව



ලොව පුරා විවිධ අභ්‍යවකාශ වස්‌තූන් හා යානාවන් පිළිබඳ නව සොයාගැනීම් ඉදිරිපත් කරන මොහොතක, එවැනි යානා පැමිණ ගිය හැටි තොරතුරු කියවන මොහොතක "දිවයින" පුවත්පත ද එවැනි අද්භූත වස්‌තුවක ඡායාරූපයක්‌ පසුගිය දිනක පුවත්පතේ පළ කළේය. ඒ වස්‌තුව පිළිබඳ ඊට පෙර කිසිදු අයුරකින් මාධ්‍යයෙන් හෙළිදරව් කර නොතිබිණි. ලොවක්‌ විශ්මයට පත් කළ කලා වැව් පිටියේදී කැමරා කාචයකට හසු වුණු ඒ අ

ද්භූත වස්‌තුව කුමක්‌ද? රාවණාගේ දඬුමොණරයද? පිටසක්‌වලින් පැමිණි යානාවක්‌ද? නැති නම් මේ කිසිවක්‌ම නොවේද? තවමත් ප්‍රශ්නාර්ථයකි. මේ වන විටත් මෙරට පමණක්‌ නොව දේශ දේශාන්තරවල විවිධ තරාතිරම්වල අය ද මේ වස්‌තුව පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් සිටියි. එහි සත්‍ය අසත්‍යතාව කවරක්‌ වුවද යම් අදිසි බලවේගයක්‌ විශ්වය පුරා විහිදී ඇති බවට විශ්වාස කළ හැකි තත්ත්වයේ තොරතුරු ද නිරන්තරයෙන්ම ලැබෙමින් තිබේ. එහෙයින්ම කලා වැව ඉස්‌මත්තේ සටහන් වූ ඒ අද්භූත වස්‌තුවේ අලුත්ම තතු විමසීමට පසුගිය දිනක අපි ඒ ඡායාරූපයේ හිමිකරු සොයා ගියෙමු.

ඔහු ප්‍රවීණ ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකරය.

"මල්ලිට කියන්න, ඔය ෆෝටෝ එක ගැන විස්‌තර අහන්න දැනට කෝල් පන්දාහකට වැඩි ප්‍රමාණයක්‌ මගේ හෑන්ඩ් ෆෝන් එකට ඇවිත් තියෙනවා. සමහර අය දෙවිවරු වගේ කතා කරලා මාව "බයිට්‌" කරන්න හදනවා. තවත් අය බොරුවට මාධ්‍ය ආයතනවලින් වගේ කතා කරනවා. ඒ නම් ගොඩක්‌ම මගේ යාළුවෝ. මමත් රැවටෙන වෙලාවල් තිබුණා. හැබැයි මම කිසිම වේලාවක මේක වදයක්‌ කියලා හිතුවේ නැහැ. බොහෝම කැමැත්තෙන් ඒ අය අහන දේවල්වලට උත්තර දුන්නා. කිසිම වේලාවක "මම කාර්යබහුලයි පස්‌සෙ ගන්න" කියලා ෆෝන් එක කට්‌ කරලා නැහැ. කවුද දුරකථන ඇමතුම ගත්තෙ ඒ වේලාවේම උත්තර දෙනවා. සමහර අය මට ෆෝන් එකෙන් බැනලා කියෙනවා මිනිස්‌සු මුළා කරන්න බොරු පින්තූර හදලා පත්තරවල දාන්න එපා කියලා. ඒත් මම ඒ අයට බනින්න ගියේ නැහැ. මට පුළුවන් විදිහට ඒ අයට මේකෙ සත්‍යතාව පැහැදිලිs කරලා දුන්නා" අව්‍යාජ සිනහා රැල්ලක්‌ මුව දෙකොණේ මතු කර ගනිමින් කීර්ති අමරසේකර එසේ කතාවට මුල පිරුවේය.

මාධ්‍ය තුළින් රාවණා යුගය පිළිබඳ පුළුල් කතිකාවතක්‌ නිර්මාණය කර ඇති මෙවැනි මොහොතක මේ අද්භූත වස්‌තුවද රාවණාගේ දඬුමොණරය විය හැකි බවට ඇතැම්හු මත පළ කළහ. එමෙන්ම ඔවුහු රාවණා ගැන දැඩි භක්‌තියකින් කතා කරන බවක්‌ද පෙනී ගියහ. කලාවැව ඉස්‌මත්තට පැමිණ ඇත්තේ රාවණාගේ දඬුමොණරය නම් එය සැබැවින්ම ලාංකීය ජනතාවට මහත් සේ ආඩම්බර විය යුතු කරුණක්‌ බවද ඔවුහු පෙන්වා දුන්හ.

"මිනිස්‌සු රාවණා ගැන මෙච්චර භක්‌තියකින් අදහන බවක්‌ ඇත්තටම මමත් දැනගත්තේ මේ සිද්ධියෙන් පස්‌සෙයි. කෙනෙක්‌ දවස්‌ ගාණක්‌ම මගේ ෆෝන් එකකට කතා කරලා කියනවා මේ යානාව නිසා අපේ ගෙදර ප්‍රශ්න, අක්‌කා හැම වේලාවෙම බනිනවා කියලා. "මමයි ඡායාරූප ගත්තෙ ඔයාගේ ගෙදර කොහොමද ප්‍රශ්න ඇති වෙන්නෙ" කියලා මම ඒ කෙනාගෙන් ඇහුවා. එහෙම ඇහුවාම ඒ පුද්ගලයා ෆෝන් එක කට්‌ කරනවා. ඔහොම දවස්‌ දෙක තුනක්‌ම කතා කරලා එක දවසක්‌ මෙහෙම කිව්වා. 

"අපේ සීතා අක්‌කා මට ගෙදර ඉන්න දෙන්නෙ නැහැ. මේක මහ මළ වදයක්‌ කියලා"
ඔය ඡායාරූපය සම්බන්ධයෙන් එන කෝල්වලට මම බොහෝම ඉවසිලිවන්තව කතා කළා. මාව බයිට්‌ එකට ගන්න හැදුවත් මම හිත පාලනය කරගෙන හිනා වෙලා ෆෝන් එක කට්‌ කරලා දැම්මා. නමුත් එදා නම් මගේ රතු ඉර පැන ගෙනයි ආවේ.

"තමුසෙට විතරක්‌ නෙමෙයි ඕයි මටත් දැන් තමුසෙව වදයක්‌ වෙලා තියෙන්නෙ. කියන දෙයක්‌ තේරෙන භාෂාවෙන් කියනවා. නැතුව මගේ කාලෙ කන්න එපා" කියලා මම කිව්වා.

එතකොට ඒ කෙනා කියනවා යානාව අරගෙන යන්න යතුර දුන්නේ ඇයි කියලා සීතා අක්‌කා බනිනවා කියලා. මටත් කිසිම දෙයක්‌ ඔළුවට ආවේ නැහැ. මම ෆෝන් එක කට්‌ කරලා දැම්මා. අයිත් දවසක එයාට කෝල් එකක්‌ ගන්න කියලා මගේ ෆෝන් එකට SMS එකක්‌ එව්වා. ඒ වේලාවේ මම හිටියේ මගේ යාළුවෙක්‌ එක්‌ක. මම යාළුවට විස්‌තරේ කියලා SMS එක පෙන්නුවා. "බොට සල්ලි නැත්නම් සීතාගෙන් සල්ලි කීයක්‌ හරි ඉල්ලගෙන ෆෝන් එකට රීලෝඩ් එකක්‌ දාගනින්" කියලා මගේ යාළුවා ඒ කෙනාට SMS එකක්‌ යෑව්වා. පස්‌සෙ ඒ කෙනා කතා කරලා කිව්වා සීතා කියන්නෙ මගේ අක්‌කා නෙමෙයි මගේ අයියගේ වයිෆ් කියලා. බලනකොට මේ කතා කරලා තියෙන්නෙ බිභීෂණලු. (රාවණාගේ සහෝදරයා) එයා කතා කළේ ෆුල් සීරියස්‌. අදටවත් මට ඒ කෙනාගේ නම කියලා නැහැ. රාවණාව පුදුම විදිහට අදහන කෙනෙක්‌.

"තව දවසක්‌ කෙනෙක්‌ කතා කරලා කියනවා මම හොයපු යානාව හම්බ වුණා කියලා. ඒ රාවණා චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්‌. ඒ පුද්ගලයා නම කිව්වා. ඒත් මට ඒ නම මතක නැහැ. ඒ අය දඬුමොණරය කියන්නෙ කොහොම එකක්‌ද කියලා හොය හොය ඉඳලා තියෙන්නෙ. පස්‌සේ අපිට අවශ්‍ය යානාව (හැඩය) සොයා දුන්නා කියලා මටත් ස්‌තූති කළා"

අයිත් දවසක ඔස්‌ටේ්‍රලියාවේ ඉන්න සිංහල යුවළක්‌ කතා කරලා මෙහෙම කිව්වා. අපි ඔස්‌ටේ්‍රලියාවේ ගෙදර ඉන්න කොට ඔය වගේ යානාවක්‌ දැක්‌කා. ඒත් අපිට පින්තූර ගන්න බැරි වුණා. අපේ අම්මා කිව්වා ඒ දඬුමොණරයක්‌ වෙන්න ඇති කියලා. පස්‌සෙ අපි දඬුමොණරය ගැන සොයන්න උනන්දු වුණා. රාවණා ගැන තොරතුරු හෙව්වා. අපි රාවණා ගැන සොයන්න කොච්චර නම් උනන්දු වුණා ද කියලා කිව්වොත් ඒ වෙනුවෙන්ම ලංකාවටත් ආවා" මිනිස්‌සු රාවණා ගැන මෙන්ම රාවණා යුගය පිළිබඳ සොයාබැලීමට කොතරම් නම් උත්සුක ද? කීර්ති රාවණා කතාව මතුසම්බන්ධ කරමින් කතාව වෙනත් දිශාවකට යොමු කළේය.

මීට පෙර නොවූ අයුරින් අසාමාන්‍ය ලෙස කලා වැවේ ජලය අඩු වීම නිසා කලා වැව ආරක්‍ෂා කරන කඩවර අප්පච්චි වැවට සිදුවෙමින් තිබෙන නස්‌පැත්තිය දැක බලාගැනීමට මේ යානාවෙන් පැමිණියා විය හැකි යෑයි කලාවැව අවට ගම්මු පැවසූහ. ඈත අතීතයේ සිටම කලාවැව අවට ගම්මානවල ජනතාව වාර්ෂිකව උත්සවයක්‌ පවත්වමින් කඩවර දෙවියන්ට පුද සත්කාර කිරීම පුරුද්දක්‌ කරගෙන සිටිති. එහෙත් මෙවර තවම ඒ වත්පිළිවෙත් සිදු කිරීමට ඔවුහු ප්‍රමාද වී සිටියහ. ඒ උත්සව ප්‍රමාද වූ නිසා කඩවර දෙවියන් කලාවැව ඉස්‌මත්තට පැමිණියාදෝ කියා ඇතැම් ගම්මුන් තුළ කුකුසක්‌ මතුව තිබේ. කෙසේ වෙතත් ඉතා කඩිනමින් ඒ වාර්ෂිකව පවත්වන පින්කම සිදු කිරීමට කටයුතු සූදානම් කළ යුතු යෑයි ද ගම්මු පැවසූහ.

ඇසට නොපෙනෙන ස්‌පර්ශ නොවන අදිසි බලවේගවලට ඇතැමුන්ගේ මනස ඇදී යන්නේ විදුලියටත් වඩා වැඩි වේගයෙනි. විවිධ ගම්මානවල විවිධාකාර ඇදහිලි ක්‍රම, විශ්වාස තිබේ. එහෙත් අපි මේ නොපෙනෙන බලවේගවලට මිථ්‍යාවක්‌ යෑයි නොකියමු. ඒ විවිධ පුද්ගලයන්ගේ සිතුම් පැතුම්ය. අපි නැවත කලාවැව ඉස්‌මත්තේ අද්භූත වස්‌තුව දෙසට හැරෙමු. ඡායාරූප ශිල්පී කීර්තිගේ හඬ තවත් එලෙසින්ම ගලා යයි.

"සමහර අය කිව්වා කැමරාව ඉස්‌සරහින් කුරුල්ලෙක්‌ ගිහිල්ලා කියලා. ඇත්ත වෙන්න පුළුවන්. කවුරු මොනව කීවත් මට කිසිවක්‌ බැහැර කරන්න බැහැ. මමත් තවම සොයන්නේ මේ වස්‌තුව මොකක්‌ද කියල තමයි. ඒ වගේම තව කෙනෙක්‌ මට මේල් එකක්‌ එවලා අහලා තිබුණා අලින්ව ෆොටෝ ගන්න ගියා නම් හාරදහසෙන් පංගුවකට ෂටර් එක දාගෙන හිටියේ අලි ඔච්චර වේගයෙන් දුවනවද කියලා. කැමරා තාක්‍ෂණය දන්න අයටත් වරදින වෙලාවල් තියෙනවා. මම ඒ වෙලාවේ ෆොටෝ ගන්න භාවිත කළේ "ඇපචෝ පයෝරටි" කාචය. මොකක්‌ හරි හේතුවකින් ෂීධ එක තිබුණෙ 800 කට ගිහින්. ඇපචර් එක 56 ට ගිහිල්ලා තිබුණා. එහෙම වේලාවට Shutter Speed එක තීරණය කරන්න මට බැහැ. ඒ නිසා තත්ත්පරයෙන් හාරදහසෙන් පංගුවකට Shutter Speed තියෙන්න ඇති.

මේ වස්‌තුව කැමරා කාචයට හසු වී ඇත්තේ කුමන ස්‌ථානයකදීද කියා පළමුව විද්‍යානුකූලව පරීක්‍ෂා කර බැලිය යුතුය. කැලෑවට එපිටින් නම් කොහෙත්ම මේ වස්‌තුව සතෙක්‌ නොවේ. ඒක විශාල වස්‌තුවක්‌ විය යුතුය. වැව් ඉස්‌මත්තේ කැලෑවට මෙපිටින් නම් එය ඇතැම් විට කුරුල්ලෙක්‌ විය හැකිය. මේ වස්‌තුව කැමරාවට හසු කරගත් ඡායාරූප ශිල්පියාට එය විස¹ගත යුතු ගැටලුවක්‌ විය. ඔහු මෙරට තාරකා විද්‍යාඥයන් කිහිප දෙනකුටම අද්භූත වස්‌තුව ගැන පැහැදිලිs කරමින් ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේය. එහෙත් මෙරට තාරකා විද්‍යාඥයෝ නිරුත්තර වූහ. ඡායාරූප ශිල්පියාට තවමත් සාර්ථක පිළිතුරක්‌ ලැබී නැත.

අවසන ඔහුගේ හිතවත් ඉංජිනේරු මහත්මයෙක්‌ පොසිටියු ඡායාරූපය නෙගටියු කර පරීක්‍ෂා කළේය. එවිට ඒ වස්‌තුව කැමරා කාචයට හසුව ඇත්තේ කැලෑවට එපිටින් බව පැහැදිලිව පෙනිණි. තව දුරටත් ඒ නිගමනය සාක්‍ෂාත් කරගැනීමේ අදහසින් ඒ ඉංජිනේරුවරයා ඉන්ෆොරෙඩ් කාචයකට එමෙන්ම අල්ට්‍රා කාචයකට ද සම්බන්ධ කර ඡායාරූපය පරීක්‍ෂා කර මෙය කැලෑවට එපිටින් පෙනෙන වස්‌තුවක්‌ බව ස්‌ථිරව නිගමනය කර ඇත. දැන් මේ අද්භූත වස්‌තුව කිනම් හෝ සතෙකු, කුරුල්ලකු නොවන බව පැහැදිලිය.

"ආරක්‍ෂක අමාHdංශයේ නිලධාරියෙක්‌ මගේ හිතවතෙක්‌ගෙන් මේ ඡායාරූපයේ ඔර්ජිනල් පින්තූරය ඉල්ලගෙන ගිහින් පරීක්‍ෂා කරලා තිබුණා. එතැනදී ඒ නිලධාරීන් දැකලා තිබුණා මේ වස්‌තුවට ඉහළින් තවත් ගෝලාකාර වස්‌තූන් පහක්‌ තිබෙන බව. ඒවා මම දැකලා තිබුණෙ නැහැ. නැවත මම ඡායාරූපය ලොකු කරලා හොඳට බලනකොට එක්‌ ගෝලාකාර වස්‌තුවක්‌ මටත් පෙනුණා. මේ ලෝකයෙන් පිට ලෝකවලට යවන යානා වලටත් ආරක්‍ෂාවට තවත් යානා කිහිපයක්‌ යවනවාලු. බොහෝ විද්වතුන් කියන්නෙ මේ වස්‌තුවට ඉහළින් පෙනෙන අනිත් වස්‌තුන් මේ මව් වස්‌තුවට ආරක්‍ෂාවට පැමිණි එවා කියලයි."

ඒ වගේම එංගලන්තේ විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්‌ මට කතා කරලා මේ ඡායාරූපය ගැන විස්‌තර අහලා, අද්භූත වස්‌තුවේ ඔර්ජිනල් පින්තූරයත් බලලා මට කිව්වා සමහර රහස්‌ යානා නිර්මාණය කරන්නේ රේඩාර්වලටත් හසු නොවන ආකාරයට ගණිත ක්‍රමයක්‌ අනුගමනය කරලා කියලා. ඉතිං "පිටසක්‌වල ජීවීන්" අපේ ලෝකයට එනවා නම් ඒ අය අපිට වඩා දියුණු ජීවීන් වෙන්න ඕනා කියලත් කිව්වා. රේඩාර්වලට විතරක්‌ නෙමෙයි තවත් ජීවියකුගේ ඇසට අසු නොවන ආකරයට ගමන් කරන්න ඉතාම දියුණු තාක්‍ෂණයක්‌ ඒ ජීවීන් භාවිත කර ඇති බවත් ඒ ගුරුවරයා කියා සිටියා. ඒත් යම්කිසි පරාසයකදී කෝටියකින් එක්‌ වාරයකදී මේ යානා පෙනෙන්නට පුළුවන් කියලත් පැහැදිලි කර දුන්නා. මගේ කැමරාවට හසු වුණු මේ අද්භූත වස්‌තුවත් පිටසක්‌වල යානාවක්‌ බව ඒ ගුරුවරයා විශ්වාස කරනවා කියලත් කිව්වා." 

ඈත අතීතයේ සිට හඳුනා නොගත් පිටසක්‌වල යානා ගැන (Unidentified Flying Object) ලෝකයේ විවිධ මතිමතාන්තර පැවැති බවට සාධක තිබේ. 1930 ගණන්වලදී පිටසක්‌වල ජීවීන් ගැන සොයාබැලීමට පරීක්‍ෂණ කිරීමට ද ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයන් පටන්ගෙන තිබේ. 1940 ගණන්වලදී ඇමරිකාවේ රොයෙල් ප්‍රදේශයට කඩා වැටුණු යානාවේ පිටසක්‌වල ජීවීන් සිටි බවට මතයක්‌ ද පැතිර ගියේය. එහෙත් එහි සත්‍යතාව ලෝකයට හෙළිදරව් කිරීමට ඇමරිකාව මැලි විය. පසුකාලීනව පිටසක්‌වල ජීවීන් ගැන පුළුල්ව පරීක්‍ෂණ කිරීමට ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයෝ උනන්දු වූහ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුහු පිටසක්‌වල ජීවීන් කොටස්‌ දෙකකට බෙදා වෙන් කර හැඳින්විය. ඒ පියවි ඇසට පෙනෙන ජීවීන් හා කැමරා කාචයට හසු වන ජීවීන් කියාය.

කැමරා කාචයක්‌ යනු අතිශයින්ම සියුම් කාචයකි. එහෙයින්ම පියවි ඇසට නොපෙනෙන බොහෝ දේවල් කැමරා කාචයට හසු විය හැක. එමෙන්ම පිටසක්‌වල ජීවීන් ගැන පරීක්‍ෂණ කරන විද්‍යාඥයන් පවසන්නේ තත්ත්පරයට කිලෝ මීටර් එක්‌ ලක්‍ෂ අසූ හය දහසක වේගයෙන් පිටසක්‌වල යානාවලට ගමන් කිරීමට හැකියාවක්‌ ඇති බවයි. එමෙන්ම ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් මේ යානා ගමන් කරන බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති. එසේම මේ යානා විශ්වය තුළ ගමන් කිරීමට "ස්‌පේස්‌ බයින්ඩින් තියරිය" අනුගමන කරන බවද ඔවුහු පෙන්වා දෙති. මේ කරුණු කාරණා ගෙන සලකා බලන විට කලාවැව් ඉස්‌මත්තේදී කැමරාවට හසු වුණු මේ අද්භූත වස්‌තුවද පිටසක්‌වල යානාවක්‌ යෑයි පැවසීමට නොහැකිද?

මේ පිටසක්‌වල යානාවක්‌මයි කියා අපි මොහොතකට සිතමු. එසේ නම් මේ යානාව කෙසේ හෝ අපි හඳුනා ගත්තේ යෑයි කියා ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර විය යුතුය. එමෙන්ම මේ ලෝකයට එන්නට තරම් ඒ ජීවීන්ට කොතරම් දියුණු මනසක්‌ තිබිය යුතුද? මේ සා දියුණු ජීවීන් කොටසක්‌ පෘථිවියට පය ගැසීමට ලංකාව වැනි රටක් තොරාගත්තේ කිමද?

තරංග රත්නවීර


 

මිතුරන් සමඟ බෙදාගන්න.

Udari with Baby

Udari with Baby and Husband  – Read article and watch Photos


ශීතකරණයක් නිසා ඇති වූ උණුසුම් තත්වයක්



" *******  කියල කෙනෙක් මෙහේ ඉන්නවද?"
"ඔව්! ඒ මම තමයි. මොකක්ද වුවමනාව?" තම නිවසට පැමිණි තරුණයන් දෙදෙනාගෙන් කලණි නැවත ප්‍රශ්න කලාය.
"ආ! මිස්, අපේ කොම්පැනියෙන් පුටු හයක් ගත්තනේ. ඒ බිලට ඇදපු ලොතරැයියෙන් ෆ්‍රිජ් එකක් ඇදිලා තියෙනවා. අපි ඒක දැනුම් දෙන්නයි ආවේ."
"අනේ කොච්චර එකක්ද, අපිනම් හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම දිනුමක් ලැබෙයි කියලා."
"ඔව්, ඔව්, මිස් හරිම වාසනාවන්තයි. මේ තෑග්ග දෙන්න මිස් එදා බඩු ගත්තු බිල දෙන්න පුළුවන්ද?"


"අනේ ඒ බඩු අරගෙන දැන් අවුරුද්දකටත් වැඩියි නේ. බිලනම් හොයා ගන්න නැහැ."
"ආ! දැන් මොකද කරන්නේ. බිල නැතිනම් ඉතින් තෑග්ග දෙන්නත් විදියක් නෑ. කමක් නෑ. කමක් නෑ. අපි කොම්පියුටරෙන් බිලක් හදලවත් දාමු. ඒ වුනාට බිල දෙන්න රු.9000 ක් ඕන කරනවා." තරුණයෙක් පැවසීය.

මේ වන විට වත්තේ කිසියම් වැඩක යෙදී සිටි කලණිගේ ස්වාමාපුරුෂයා එතනට පැමිණියෙන් ඇය ඔහුට සියලු විස්තර පැවසුවාය.

"ඕකනේ කියන්නේ, බඩුවක් ගත්තම බිලක්වත් පරිස්සම් කර ගන්නෙ නෑ. බිල හදන්න රු.9000 ක් දුන්නට කමක් නෑ. තෑග්ග ඒ වගේ හතර පස් ගුණයක් වටිනවානේ." සැමියාද ඔහුගේ කැමැත්ත පළ කළේය. ඒ අනුව කලණි රු. 9000 ක මුදල් වහාම තරුණයන් දෙදෙනාට දුන්නේ තෑග්ග ලබා ගැනීමේ මහත් බලාපොරොත්තු ඇතිවය.

"හොඳයි අපි හෙට උදේ එහෙනම් ෆ්‍රිජ් එක ගෙනත් දෙන්නම්. හැබැයි ඒක බා ගන්න කවුරු හරි දෙතුන් දෙනෙක් කතා කරගෙන ඉන්න." යැයි පැවසූ ඔවුහු, අවශ්‍ය වුණොත් කතා කරන්න යි කියා දුරකථන අංකයක්ද දී පිටව ගියහ.

කලණි සහ ඇගේ සැමියා තවත් නෑදෑයන් දෙදෙනෙකුද කැඳවාගෙන තමන්ට ලැබුණු ශීතකරණය ගෙනෙන තුරු මග බලා සිටියහ.

දවස ගෙවී ගියද තරුණයන් දෙදෙනා පැවසූ ෆ්‍රිජ් එකනම් ලබුනේ නැත. අන්තිමේදී තරුණයන් දුන් දුරකථන අංකයට කතා කර තොරතුරු දැන ගැනීමට උත්සාහ කළ ද එය භාවිතයේ නොමැති අංකයක් බව කියැවිණි

තෑග්ගක් ඇති බව පවසා රු. 9000 ක මුදලක් වංචා කර ඇති බවට ඔවුහු අවසානයේ පොලිසියට පැමිණිලි කළහ. සිද්ධිය සම්බන්ධව තිහගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.මිතුරන් සමඟ බෙදාගන්න.

අලුත්ම තොරතුරු දැනගැනීමට EMAIL ලිපිනය ඇතුලත් කරන්න.

Enter your email address:

Delivered by FeedBurner