New updates Everyday

Like Us For Updates

Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

බුද්ධ රූපය සහිත පාවහන් නිෂ්පාදනය කරලා

බුද්ධ රූපය සහිත පාවහන් නිෂ්පාදනය කරලා

කැලිෆෝනියාවේ පාවහන් නිෂ්පාදන ආයතනයක් විසින් බුදුන් රජානන් වහන්සේගේ රුව පාවහන් අඩියට යොදා පාවහන් නිෂ්පාදනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. 

බෞද්ධ දර්ශනයට නිගා වන අන්දමින් සිදු කර ඇති මෙම නිපැයුම පිළිබඳ ටිබෙට් සහ භූතාන් ජාතික බෞද්ධ ප්‍රජාව අන්තර්ජාලය හරහා සිය බලවත් අප්‍රසාදය පළ කර ඇතැයි ද එම වාර්තාවල සඳහන්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදාළ සමාගම කිසිදු තැකීමක් සිදු නොකළ බව "පන්ජාබ් නිව්ස්ලයින්" උපුටා දක්වයි.‍

එම පාවහන් යුගලවල අඩියට යොදා ඇති බුදුන්ගේ රූපය ඉවත් කරන ලෙස ටිබෙට් නායකයින් විවිධ වූ අන්දමින් ඉල්ලීම් ද කර ඇතැයි වාර්තා වේ.

උතුරු අමෙරිකානු ජාතික ටිබෙට් පාර්ලිමේන්තු සභික "ටෂි නම්ජියාල්" එම පාවහන් සමාගමට සිය විරෝධය පළ කරමින් ලිපියක් ද යොමු කර ඇත.

පාවහන් යුගල අඩියේ ඇති බුදුන්ගේ රූපය දැකීමෙන් තමන් වඩාත් සංවේදී වූ බවත් එම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් අදාළ ලිපියේ සඳහන්ය.

ලොව පුරා විසිර සිටින මිලියන ගණනාවක ජනතාව වන්දනාමාන කරන බුදුන් වහන්සේගේ රුව මෙවැනි වෙළඳභාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බවත් මෙ සඳහා සැලකිය යුතු අන්දමේ නිදහසට කරුණු කිසිවක් නොමැති බවත් එම ලිපියෙන් පෙන්වාදෙයි.

එබැවින් පාවහන් සමාගම විසින් සිදුකරන කිසිදු අන්දමේ නිෂ්පාදනයකට බුදුන්ගේ රුව ඇතුළත් කර නොගන්නා ලෙස ටෂී මහතා සිය ලිපියෙන් ඉල්ලා ඇත.

කැලිෆෝනියාවේ පිහිටා ඇති ICON නම් මෙම සමාගම 1999 වසරේ දී ස්ථාපිත කරන ලද්දේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පදකයෙක් විසිනි.

මෙය කාන්තා පාවහන් සහ අත්බෑග නිපදවන සමාගමකි.

























 මිතුරන් සමඟ බෙදාගන්න.

වළ පයයි ගොඩ පයයි

වළ පයයි ගොඩ පයයි

ලොව සුපතල ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන තරගාවලියේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ බර්නි එක්ලෙස්ටොන් (81) තුන්වැනි කසාදය කරගත්තේය.
මනාලිය වුයේ 35 හැවිරිදි ෆැබියානා ෆොලෝසිෂ්ය. ස්විට්සර්ලන්තයේ ග්ස්ටාඩ් හෝටලයේ පැවැති විවාහ මංගල උත්සවයට ස්ටාර්ලින් පවුම් දෙකෝටි හැට ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 520කට වැඩි මුදලක් වැය විය. මංගල මුදුවේ වටිනාකම ස්ටාර්ලින් පවුම් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට අධිකය. තම පියාගේ තුන් වැනි මංගල උත්සවයට බර්නිගේ වැඩිමහල් දරුවෝ සහභාගී වීම ප්‍රතික්ෂේප කළහ.












































 මිතුරන් සමඟ බෙදාගන්න.

අදටත් ඒ ආසාව නැතුව නෙමෙයි... Lankasri news gosips

Lankasri
"සිරස කුමරිය" කිරුළ දිනාගැනීමෙන් පසු මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගත් ඇය මේ වනවිට පුංචි තිරයේ කාර්යයබහුල රංගන ශිල්පිණියක බවට පත්ව සිටියි.
එමෙන්ම සිංහල සිනමාවට එක්වුණු නවතම චිත්‍රපටයක් වන "සෙල්වම්" චිත්‍රපටය තුළින් සිංහල රිදී තිරයට පිවිසීමට ද ඇය අවස්ථාව උදාකරගත්තාය. ටෙලි නාට්‍ය, රූපවාහිනී වෙළඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා ද සඳහා ද සිය රංගන දායකත්වය ලබාදෙමින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඇය සමත්වූවාය.
ඇය ශලිනි තාරකා. . .

*සම්පූර්ණ නම
ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා

*උපන්දිනය
1990. 11. 15

*ලග්නය
කුම්භ

*උස
අඩි 05 අඟල් 3 ½

*ප්‍රියතම විලාසිතාව
ඩෙනිම් කලිසමයි, ටී ෂර්ට් එකයි

*ඉතින් ශලිනි, කොහොමද මේ දවස්වල ජීවිතේ?


 ජීවිතේ ගොඩක් සුන්දරයි. වැඩ කටයුතුත් හොඳින් කෙරෙනවා. වෙනදාට වඩා ටිකක් කාර්යයබහුලයි.

*ඔබ මෑතකදී උසස් පෙළ විභාගයට මුහුණදුන්නා. ඒ එක්කම කොහොමද ඔබ අධ්‍යාපනය පැත්තෙන් ඔබේ වැඩ කටයුතු?

මම 2010 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. 2011 වසරේ එහි ප්‍රතිඵල ආවට පස්සේ බොහොම කාර්යයබහුල වෙලයි හිටියේ. ඒ නිසා වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට යොමුවෙන්න මට කාලයක් ලැබුණේ නෑ. ඉතින් මේ 2012 වසරේදී වත් කාල වේලාව එහාමෙහා කරගෙන වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ආසාවක් තියෙනවා ව්‍යාපාරික අංශයට යොමුවෙන්න.  ඒ නිසා ඒ හා සම්බන්ධව අධ්‍යාපනය හදාරන්න බලාපො‍රොත්තුවෙන් ඉන්නවා. මම කැමතියි ඇගලුම් කර්මාන්තය සහ අවන්හලක් වැනි පැත්තකට යොමුවෙන්න. මම මුලින්ම ඇඟලුම් කර්මාන්තයට යොමුවෙයි.

*ඔබ ලේඛන කලාව පැත්තටත් යොමුවෙලා ඉන්න බව අපිට දැනගන්නා ලැබුණා?

පොඩි කාලේ ඉඳන් ලියන්න ගොඩක් ආසයි. මම නිසඳැස් වගේ දේවල් ගොඩක් ලියනවා. සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ මම නවකතා ලියන්න පටන්ගත්තා. හැබැයි එකක්වත් ඉවරකළේ නෑ. කාටවත් පෙන්නන්නත් ලැජ්ජයි. දැනට ඒ වගේ ලියපු නවකතා 03 ක් විතර තියෙනවා. ඒ හැම නවකතාවක්ම ඉදිරියේ දී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. 

*ශලිනි, ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහම්බයක් විදිහට. ඒ අවස්ථාව ගැන දැන් මොකද හිතන්නේ?

ඔව්, 2007 වසරේ මම බොහොම අහම්බයෙන් ක්ෂේත්‍රයට පිවිසුණේ. එතැන් සිට මේ දක්වා මම ටෙලි නාට්‍ය 15 ට සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී මම දායකවුණු නිර්මාණ 05 ක් විකාශය වෙන්න නියමිතව තිබෙනවා.මම හිතනවා මගේ සමකාලීනයන් සමග බලද්දි මට හොඳ නිර්මාණවලට දායකවෙන්න අවස්ථාව ලැබුණා කියලා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මම ක්ෂේත්‍රයට ආවේ අකමැත්තෙන්. නමුත් දැන් කැමැත්තෙන් වැඩ කටයුතු කරගෙන යනවා. පොඩි කාලේ මම හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න. මම දන්නේ නෑ ඇයි මට එහෙම ආසාවක් ඇතිවුණේ කියලා. අදටත් ඒ ආසාව නැතුව නෙමෙයි. නමුත් දැන් ඉතින් බෑ කියලා හිතෙනවා.
*දීර්ඝකාලීනව වෘත්තීය රංගන ශිල්පිණියක් විදිහට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඔබ බලාපොරොත්තු වෙනවද?

දීර්ඝකාලීනව ක්ෂේත්‍රයේ රැඳෙන්න බලාපොරොත්තුවක් නෑ. මම මුලින් කිව්වේ ඒකයි මම ව්‍යාපාරික පැත්තට යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. තව අවුරුදු 03 විතර මම ක්ෂේත්‍රයේ රැඳිලා ඉඳීවි. මම ක්ෂේත්‍ර‍යට එද්දිම තීරණය කළා මගේ විවාහයත් සමග මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙනවා කියලා. මම ඒ දැඩි තීරණේ ස්ථාවරව රැඳිලා ඉන්නවා. මේ තාක් දුරට මම මගේ ජීවිතේ ප්‍රතිපත්ති බිඳලා නෑ. ඉතින් ඒ ප්‍රතිපත්ති ඒ විදිහටම රැකගෙන මගේ සීමා මායිම් මත හොඳ නිර්මාණවලට දායකවෙලා, ප්‍රේක්ෂක ආදරය ඒ විදිහටම තියාගෙන ක්ෂේත්‍රයෙන් ඉවත්වීම තමයි මගේ බලාපොරොත්තුව. නමුත් මම ඉවත්වෙන්නේ රංගනයෙන්. සමහරවිට වෙනත් අංශයකින් මම ක්ෂේත්‍රය තුළ රැඳීඉන්න ඉඩ තියෙනවා.

*ඒ කියන්නේ තවත් අවුරුදු 03 න් පමණ පසු අපට ඔබේ විවාහය ගැන දැනගන්න ලැබෙයිද?

ඒ ගැන නම් දන්නේ නෑ. බලාපොරොත්තුවක් තියෙනවා වසර 03 න් විවාහවෙන්න. ඒත්, එහෙම වෙයිද දන්නේ නෑ. විවාහයත් එක්ක මම ක්ෂේත්‍රයෙන් ඉවත්වෙනවා.

*ජනප්‍රියත්වය ඔබට ආභරණයක්ද?

ජනප්‍රියත්වය ආභරණයක්. ආභරණයක් පළඳින්නේ ලස්සන වෙන්න. ඒ නිසා මම ලබපු ජනප්‍රියත්වය මම මගේ ජීවිතය ලස්සන කරගන්න තමයි පළඳින්නේ.

*ශලිනි, ඔබේ කලා ජීවිතය තුළ ඔබ විසින් පනවාගත් කිසියම් සීමා මායිම් තිබෙනවාද?


මම මගේ වයසට ගැළපෙන සහ මගේ අනාගතයට හානියක් නොවන චරිත තමයි තෝරාබේරාගෙන කරන්නේ. ඒක තමයි මගේ ලොකුම සීමාව. ඊට අමතරව මට චරිතයක් ලැබුණම මම අනිත් අයගෙනුත් ඒ ගැන අදහස් විමසලා බලනවා. නමුත් මේ දක්වා ම‍ගේ සීමාවෙන් පිට පැනපු නිර්මාණවලට ආරාධනා ලැබිලා නෑ. ඒකත් මගේ වාසනාව. හැම නිර්මාණයකටම බෑ කියන්නේ සිද්ධවෙලා නෑ.

*යම් ක්ෂේත්‍රයකින් ජනප්‍රියත්වයක් ගොඩනගාගත් පුද්ගලයින්ට, විශේෂයෙන් කාන්තා පාර්ශවයට ටිකක් වැඩිපුර කටකතාවලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

මුල්කාලේ නම් මම ඒ ගැන ගොඩක් කණගා‍ටුවට පත්වුණා. දුකින් අඬ අඬ හිටියා. දැන් නම් ඒවා ගානක් නෑ. කටකතා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඕනම කෙනෙක්ට පතුරුවන්න පුළුවන්. නමුත් කෙනෙක් කටකතාවක් පතුරුවද්දි පොඩ්ඩක් හිතන්න ඕන ඒකෙන් තව කෙනෙක්ට කොයිතරම් කැළලක් වෙනවද කියලා. මම නම් දැන් කටකතා ගැන හිතන්නේ නෑ. කතාවකුත් තියෙනවනේ ඵල ඇති රුකටයි ගල් වදින්නේ කියලා. මේ දක්වා මට ඇතිවුණු කිසිම කටකතාවක් කවුරුවත් ඔප්පු කරලා නෑ. පසුගිය දවසක පුවත්පතක මම සහ තවත්
 පුද්ගලයෙකු සම්බන්ධ කරලා කටකතාවක් පළකරලා තිබුණා. ඒ සම්බන්ධව අලුත් අවුරුද්ද ලබද්දිම මට ගොඩක් දුරකථන ඇමතුම් ආවා. මම ඒ ගැන එම පුවත්පතෙන් විමසීමක් කළා මෙවැනි දේවල් සොයාබැලීමකින් තොරව පළකරන්නේ ඇයි කියලා. ඔවුන් ඒ ගැන මගෙන් සමාව ඉල්ලීමක් කළා.

*ශලිනි, අපේ රටේ ඇතැම් රංගන ශිල්පිණියන් පහසුවෙන් මුදල් ඉපයීම සඳහා සමාජ විරෝධී මාර්ගයන්ට පිවිසුණු බවට පසුගිය දිනවල තොරතුරු හෙළිවුණා. මේ සම්බන්ධව ඔබ මොන වගේ අදහසක්ද දරන්නේ?

මම ඔවුන් රංගන ශිල්පිණියන් නොකියා නිළියන් කියලා හඳුන්වන්නම්. ඉතින් හැමෝම එකම මිම්මෙන් මනින්නේ නැතුව පොඩ්ඩක් ඇස් කන් ඇරලා බලන්න කියලා ඉල්ලනවා. දැන් කාලේ රූප රාමුව පිටිපස්සෙන් ගියත් කියන්නේ එයා නිළියක් කියලා. ඉතින්, මම වුණත් ඔය කියන සිද්ධිවලට සම්බන්ධ බව කියන, මාධ්‍ය ඔස්සේ හෙළිකරපු නිළියන් නිර්මාණවල නම් දැකලා නෑ. ඔවුන් තමන් නිළියන් කියලා හිතාගෙන ඒ මුදල් ඉපයීම් කරනවා ඇති. ඒ ගැන හැමෝම එකතුවෙලා පියවරක් ගන්න ඕන. නැත්නම් එයින් අනාගතයේ ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්න ඉන්න පිරිසට සහ සම්බන්ධවෙලා ඉන්න රංගන ශිල්පිණියන්ට ලොකු කැළලක් වෙනවා.

*ඔබේ කලා කටයුතු ගැන අපි බොහෝ විස්තර කතාකළ නිසා ඔබේ පවුලේ සාමාජිකයින් ගැනත් විස්තර ටිකක් දැනගන්න ඔබට ආදරය කරන ඔබේ රසික රසිකාවියන් කැමති වේවි?  

මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා රූපලාවන්‍ය ශිල්පිණියක්. ඇය රංගනයටත් ටිකක් විතර සම්බන්ධ වෙලා ඉන්නවා. මට නංගි කෙනෙක් සහ අයියා කෙනෙක් ඉන්නවා. නංගි තවම පාසල් යනවා.
 *ඔබ කොහොමද ඔබේ විවේකය විනෝදයෙන් ගතකරන්නේ?

විවේකයක් ලැබුණොත් මම පැය කිහිපයක් නිදාගන්නවා. දැනට මම ඉන්නේ කොළඹ. ඉතින් ඉඩක් ලැබුණොත් මම මීගමුව මගේ ගෙදරට යනවා. ඒ වගේම මගේ යාළුවෝ හම්බවෙන්න යනවා. මම වැඩිපුර කැමති නිදහස් වෙලාවක් ලැබුණොත් කිසිකෙනෙක් නැතිව ටිකක් නිදහසේ ඉන්නයි.

*ක්ෂේත්‍රයේ වැඩ කරද්දි හෝ ඔබේ පෞද්ගලික ජීවිතයේදී ඔබට විවිධ සිත් රිදවීම්වලට මුහුණදෙන්න සිද්ධවෙනවා. මෑතකදී ඔබට මුහුණදෙන්න සිද්ධවුණු ඒ වගේ අවස්ථාවක් මතක්කරන්න පුළුවන්ද?

එහෙම ලොකු හිත් රිදවීම් නම් මට ඇතිවෙලා නෑ. මොකද මගේ හිත රිද්දුවත් මම ගණන් ගන්නේ නෑ. ඉතින් ඒ නිසා මට ඒක දැනෙන්නේ නෑ.  හැබැයි ඒ වගේ සිත් රිදවීමක් වුණොත් මට ඇ‍ඬෙනවා. ප්‍රශ්නයක් ඇතිවුණොත් නම් මම ඒ ගැන කෙලින්ම අහලා විසඳුමකට එනවා.

*පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් ආදරණීය පෙම්වතිය වන ඔබ මේ වෙනකොට සැබෑ ජීවිතයේත් පෙම්වතියක්ද කියලා ඇහුවොත්?

තවම නෑ.

*ඔබ බලාපොරොත්තු‍ වෙන්නේ මොනවගේ සහකරුවෙක්ද?
 මම සුදු අයට කැමති නෑ. ඒ නිසා ඔහු කොහොමත් සුදු කෙනෙක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම උස වෙන්න ඕන. සුදු නැති උස කෙනෙක් හොඳයි. ගතිගුණ ගැන කිව්වොත්, කතා දෙකක් නෑ මට අවංකව ආදරය කරන්න ඕනෙ. සහ මාව හොඳට බලාගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනෙ. මම ගැන හොඳට හොයලා බලන්න ඕනෙ.

*සාමාන්‍ය ජීවිතයේ ශලිනි තාරකා හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?

මම බොහොම සාමාන්‍යයි. විනෝදෙන් ඉන්න කැමතියි. පොළවේ පය ගහල ඉන්න කෙනෙක්.

*කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම් ඔබ මොනවගේ ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙයිද?

ගුවන් සේවිකාවක් වෙයි. එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉඳීවි.

*මේ දවස්වල කලා ශිල්පිණියන් කරන චෝදනාවක් තමයි අන්තර්ජාලය හරහා ඔවුන් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙනවා කියන දෙය. විශේෂයෙන් ෆේස්බුක් වෙබි අඩවිය හරහා. ඇතැම්විට තමන්ගේ නම්වලින් ව්‍යාජ ගිණූම් නිර්මාණය කරලා තියෙනවා කියලා ඔවුන් චෝදනා කරනවා. මේ ගැන ඔබේ අත්දැකීම මොන වගේද?

මගේ නමින් ඒ වගේ ව්‍යාජ ගිණුම් ගොඩක් හදලා තියෙනවා. ඒ නිසා මම වෙනත් නමකින් එම වෙබ් අඩවියේ ඉන්නවා.

HARD TALK

*ක්ෂේත්‍රයේ ඔබ සමග වැඩ කළ කිසියම් ශිල්පියෙකුගෙන් ඔබ ආදර යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවාද?

 ඔව්.

*ක්ෂේත්‍රයේ කිසියම් ශිල්පියෙකු ගැන ඔබ තුළ කිසියම් කැමැත්තක් ඇතිවෙලා තියෙනවද?

ඔව්.

*ඔබ ප්‍රථම ආදර සම්බන්ධව කොපමණ කල් පැවතුණාද?

වසර තුනක්.

*ඔබේ විවාහයේ දී ජ්‍යොතිෂයට මුල් තැනක් දෙනවද?

ඔව්.

*දේශපාලනයට සම්බන්ධවෙන්න අවස්ථාවක් ලැබුණොත් බාරගන්නවද?

නැහැ.

*සාර්ථක රංගන ශිල්පිණියක් ඔබ වඩා වඩා වැදගත්කොට සලකන්නේ මුදල්, සම්මාන, ජනප්‍රියත්වය?

ජනප්‍රියත්වය.



මිතුරන් සමඟ බෙදාගන්න.

මම එයින් ලොකු තෘප්තියක් ලබනවා. Lankasri News Actess Gosips

Lankasri web වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා සඳහා රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට රංගන ශිල්පිණියක ලෙස ඔබ වඩාත් හොඳින් හඳුනාගෙන තිබේ. පුංචි තිරය ඔස්සේ තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කළ ඇය පසුව "හාට් එෆ් එම්", "ජුලියා" වැනි චිත්‍රපට සඳහාත් සම්බන්ධවෙමින් රිදී තිරය ඔස්සේත් සිය රංගන ප්‍රතිභාව වඩාත් ඔප්නංවා ගනිමින් සිටියි. මේ දිනවල විකාශය වන "සිහින පියාපත්" ටෙලි නාට්‍යය තුළින් ද ඇය ඔබ හමුවට පැමිණෙයි.


ඇය අංජලී පූර්ණිකා. . .
ඡායා - ඉන්දික ප්‍රභාත්
*සම්පූර්ණ නම
සුදසිංහලියනගේ අංජලී පූර්ණිකා ලියනගේ
*උපන්දිනය
1983. 03. 29
*ලග්නය
කටක
*උස
අඩි 05
*ප්‍රියතම විලාසිතාව
ඩෙනිම් කලිසමයි, ටී ෂර්ට් එකයි

*ඉතින් අංජලී,කොහොමද මේ දවස්වලජීවිතේ?

රූගත කිරීම් එක්ක තමයි මේ දවස්වල කාලය ගතවෙන්නේ. දීර්ඝ ටෙලි නාට්‍ය කිහිපයක රූගතකිරීම්වලට මේ දවස්වල සහභාගිවෙනවා. ඉතින් ටිකක් කාර්යයබහුලයි.
*ඔබේ කලා ජීවිතය ආරම්භවන්නේ කොහොමද?
මම පාසල් යන කාලේ ඉඳන් කලාවට සම්බන්ධයි. පාසලේ දී නර්තනය හැදෑරුවා. මට එහිදී සමස්ත ලංකා තරග සඳහා ඉදිරිපත්වෙන්න අවස්ථා ලැබුණා. ඒ හරහා මගේ ඡායාරූප කිහිපයක් පුවත්වල මුල් කවරවල පළවුණා. පසුව මට සුජීව ප්‍රසන්න ආරච්චි මහතාගේ බොඳ මීදුම් නවකතා මාලාවේ මුල් කවරවලට පෙනීසිටින්න අවස්ථාව ලැබුණා. එය නවකතාවක් වුණත් ඒ තුළින් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. එතැන් සිට තමයි මගේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ.
*ක්ෂේත්‍රයට පිවිසෙන නවක රංගන ශිල්පිණියන් ඔබට අභියෝගයක්ද?
ක්ෂේත්‍රයට අලුත් මුහුණු එකතුවෙන්න ඕන. අලුතෙන් ශිල්පිණියන්ට එකිනෙකට වෙනස් විවිධ හැකියාවන්, දක්ෂතා තිබෙනවා. අභියෝගයකට වඩා මට ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම හිතන්නේ නෑ එහෙම අභියෝගයක් ඇතිවෙයි කියලා. හැමකෙනෙක් එක්කම සහයෝගයෙන් වැඩකරනවා.
*කලාවට අමතරව ඔබ දක්ෂකම් දක්වන වෙනත් ක්ෂේත්‍ර මොනවාද?
මුලින් කිව්වා වගේ රගපෑමට අමතරව මම දන්න දේ නර්තනයයි. දැනට නම් මම වසරක විතර ඉඳන් නර්තනය හැදෑරීමෙන් ඈත්වෙලා ඉන්නේ. කාර්යයබහුලත්වය නිසා. ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් පිහිනීමේ ක්‍රීඩාවට මම දක්ෂතාවක් තියෙනවා. ඒ සම්බන්ධව යම්තාක් දුරකට හැදෑරීමක් කර තිබෙනවා.

 *ඉදිරියේ දී කලා කටයුතුවලට අමතරව වෙනත් ක්ෂේත්‍රයකට යොමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
ලංකාවේ තත්ත්වය ගැන බැලුවොත් මම හිතන්නේ නෑ කලාව වෘත්තියක් විදිහට තෝරාගැනීම සුදුසුයි කියලා. සාමාන්‍ය මිනිස්සු විදිහට අපේ ජීවන රටාවත් එක්ක. ඒ වගේම මම දකින විදිහට කලාව වෘත්තිය කරගත්තොත් ඒ තුළින් කලාවට සාධාරණයක් කරන්න බැරිවෙනවා. ඒ නිසා මම හිතන්නේ තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වෙනත් ක්ෂේත්‍රයකටත් යොමුවෙන්න පුළුවන් නම් එය වටිනවා.
*වෘත්තීය වශයෙන් මේ වනවිට ඔබ තෝරාගෙන තිබෙන්නේ කුමන ක්ෂේත්‍රයද?
වෘත්තියක් විදිහට මම ව්‍යාපාරික කටයුත්තක යෙදිලා ඉන්නවා. මම තේ වගාකිරීමේ කටයුත්තකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. මම වගා කටයුතුවලට කැමතියි. සාමාන්‍ය මට්ටමින් තමයි දැනට මේ වැඩ කටයුතු පවත්වාගෙන යන්නේ. මම එයින් ලොකු තෘප්තියක් ලබනවා. පහතරට තේ තමයි වගා කරන්නේ. හොරණ ප්‍රදේශයේ තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. ඒ සඳහා මගේ තාත්තා තමයි මට ලොකු සහයෝගයක් ලබාදෙන්නේ. 

*රංගන ශිල්පිණියක් ලෙස මේ දක්වා පැමිණි ගමන ගැන ඔබ සෑහීමට පත්වෙනවද?
මට අද වෙනකම් හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ හොද නිර්මාණවලට දායකවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මට මුල්කාලේ මාලනී ෆොන්සේකා, ටෝනි රණසිංහ වැනි ප්‍රවීන ශිල්පීන් යටතේ, ඔවුන්ගේ අනුදැනුම මත රඟපාන්න අවස්ථාව ලැබුණා. මට අද දක්වා එය හොඳ තෝතැන්නක් වුණා. කලාව තුළ අපි බොහෝ දේ ඉගෙනගන්න ඕන. කලා ක්ෂේත්‍රය පාසලක් නම් මම හිතන්නේ මම තවම ඉන්නේ හෝඩියේ. මට තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. හොඳ නිර්මාණවලින් මම හැමදාම යමක් ඉගෙනගන්නවා. කලාව සම්බන්ධව මම සෑහීමට පත්වෙන්නේ නෑ. නමුත් මට රංගනයෙන් දායකවෙන්න ලැබුණු දේවල් ගැන මම සතුටුවෙනවා. ඒ නිර්මාණවලට සාධාරණයක් කළා කියලා මම හිතනවා.
*ජනප්‍රියත්වය ඔබට ආභරණයක්ද?
මම කියන්නේ නෑ ජනප්‍රියත්වය කරදරයක් කියලා. නමුත් මම ගොඩක් කැමතියි සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත්වෙන්න. අපිට සාමාන්‍ය ජීවිතයේ දී පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් විදිහට හැමවෙලේම අපිට ජනප්‍රිය චරිතයක් කියන එක හිතේ තියාගෙන ජීවත්වෙන්න අමාරුයි. ඉතින් එක වෙලාවකට ජනප්‍රියත්වය ආභරණයක්. සමහර අවස්ථාවලදී එය අපිට තියෙන නිදහස සීමාකරන දෙයක් වෙනවා.
*අංජලී, ඔබේ කලා ජීවිතය තුළ ඔබ විසින් පනවාගත් කිසියම් සීමා මායිම් තිබෙනවාද?

ටෙලි නාට්‍යයක් බාරගැනීමේ දී මම පිටපත හොඳින් කියවලා මට ලැබෙන චරිතය හොඳින් කරන්න පුළුවන්ද කියලා අවබෝධ කරගෙන තමයි බාරගන්නේ‍. මම එහෙම සීමා පනවගෙන තියෙනවා. සහ මගේ රට මගේ සංස්කෘතිය, ඒ වගේම මම මවක් මේ හැමදෙයක්ම කල්පනා කරලා තමයි මම චරිතයක් බාරගන්නේ. ඇඳුමක් පළඳුමක් පවා තෝරාගැනීමේ දී මම ඒ කරුණු ගැන සැලකිලිමත්වෙලා මටම සීමා පැනවීමක් සිදුකරගෙන තිබෙනවා.
*යම් ක්ෂේත්‍රයකින් ජනප්‍රියත්වයක් ගොඩනගාගත් පුද්ගලයින්ට, විශේෂයෙන් කාන්තා පාර්ශවයට ටිකක් වැඩිපුර කටකතාවලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?
අපිට කටකතාවක් නිර්මාණය වෙන්නේ ප්‍රසිද්ධ චරිතයක් නිසයි. අපි ඉන්න තත්ත්වය අනුව එක් එක් අය ඒ පිළිබඳව දකින විදිහ වෙනස්. ඉතින් කටකතා ජීවිතයට එනවා. මිනිස්සුන්ගේ විවිධ මානසික තත්ත්ව තිබෙනවා. එවැනි අවස්ථාවක තමයි මිනිස්සු තවත් කෙනෙක්ට කටකතාවක් හදන්නේ. තමන් වරදක් නොකරනවා නම් ඒ කටකතාව තමන්ට අදාළ නැත්නම් එය බාරනොගෙන හිටියම මම හිතනවා එය තමන්ට ගැටලුවක් වෙන්නේ නෑ කියලා.
*තරුණියක් විදිහට ආදරය සහ විවාහය ගැන ඔබ දරන අදහස කුමක්ද?
විවාහය කියන්නේ ඔහු හෝ ඇය සමග මුළු ජීවිත කාලය ජීවත්වෙන්න ඕන. එතනදී සුළු හෝ වරදක් වුණොත් මුළු ජීවිත කාලයට විඳවන්න වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ. ආදරය කරනකොට තමයි අපි එකිනෙකාව තේරුම්ගන්නේ. ආදරය කරනකොටයි බැඳීම්, විශ්වාසය ඇතිවෙන්නේ. මම දකින විදිහට නාඳුනන දෙන්නෙක් වුණත් බැඳීමක්, විශ්වාසයක් එක්ක ආදරයක් ගොඩනැගෙනවා. ආදරය කරද්දි තමයි නොගැළපීම් තේරුම්ගන්නේ. ආදරය නොකර ඒ දේවල් තේරුම්ගන්න බෑ. එතනදී ඔහුට හෝ ඇයට නම්‍යශීලීවෙන්න පුළුවන්. ආදරය කරන කෙනාට අනුව හැඩගැහෙන්න. නමුත් එවැනි පරිත්‍යාගයක් කරන්න අපහසු නම් ඉතින් මම හිතන්නේ නෑ ආදරය කරන දෙ‍න්නෙක් විවාහ විය යුතුමයි. මොකද එහෙම නොගැළපෙන දෙ‍න්නෙක් විවාහ වුණොත් මුළු ජීවිත කාලයම දුක්විඳින්න වෙන්න පුළුවන්.   
*ඔබේ කලා කටයුතු ගැන අපි බොහෝ විස්තර කතාකළ නිසා ඔබේ පවුලේ සාමාජිකයින් ගැනත් විස්තර ටිකක් දැනගන්න ඔබට ආදරය කරන ඔබේ රසික රසිකාවියන් කැමති වේවි?   
මගේ දුව දිනුලි ජයෝදා මල්ලවආරච්චි. ඇය දැනට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 4 වෙනි වසරේ ඉගෙනගන්නවා. මට නංගිලා දෙන්නෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා. එක් අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් විවාහකයි. දෙන්නෙක් විවාහවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි සහෝදරියන් පස්දෙනාගේ අදහස් පස්විදිහක්. තාත්තාට තමයි ඒකෙන් ප්‍රශ්න ඇතිවෙන්නේ. තාත්තා පස්දෙනාම කියන දේවල් අහන්න ඕන. ඒත්, අපි හැමෝම බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන ඉන්නවා.
*කාර්යයබහුල ජීවිතයත් එක්ක ඔබට විවේක කාලයක් ලැබුණොත් ඒ විවේකය ඔබ ගතකරන්න කැමති කොහොමද?
විවේකයක් ලැබුණු ගමන් මම ගෙදර යනවා. මගේ දුවත් එක්ක වැඩිපුර කාලය ගතකරන්න කැමතියි. ඇයගේ අධ්‍යාපන කටයුතුවලට සමහර අවස්ථාවලදී මගෙන් අතපසුවීම් සිදුවන අවස්ථා තියෙනවා. ඒ නිසා මගේ කාලය අනුව මම ඒ දේවල් ගැන සොයලා බලනවා. හොඳ චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් බලනවා. එහෙම තමයි මම නිවාඩු පාඩුව ගතකරන්නේ.
*ක්ෂේත්‍රයේ වැඩ කරද්දි හෝ ඔබේ පෞද්ගලික ජීවිතයේදී ඔබට විවිධ සිත් රිදවීම්වලට මුහුණදෙන්න සිද්ධවෙන්වා. මෑතකදී ඔබට මුහුණදෙන්න සිද්ධවුණු ඒ වගේ අවස්ථාවක් මතක්කරන්න පුළුවන්ද?
ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ සිත් රිදවීම් ඇතිවුණා. සමහර ප්‍රශ්නවලදී, සමහර අවස්ථාවලදී මගේ ජීවිතෙත් කඩාවැටීම් ඇතිවුණා. කාලයත් එක්ක දැන් මම ඒ දේවල්වලට ඔරොත්තු දෙනවා. මම හිතන්නේ හැම මනුස්සයෙකුටම ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒක අපිට උරුම දෙයක්. අපි ඒ හැම ප්‍රශ්නයක්ම බාරගෙන ඒ දේවල්වලට මුහුණදුන්නොත් තමයි ජීවිතය දිනුම් කියලා මට හිතෙන්නේ.
HARD TALK
*ඔබේ ජීවිතයේ වැදගත් කටයුතුවලදී ඔබ ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවාද?
ඔව්.
*ඔබට තරුණයෙක් පළමුවරට ආදරය ප්‍රකාශ කළේ වයස අවුරුදු කීයෙදිද?
අවුරුදු 16 දී.
*ඔබේ ප්‍රථම ප්‍රේමයෙන් ඔබට ලැබුණු පළමු තෑග්ග මොකක්ද?
ටයිටැනික් චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන ජැක් සහ රෝස් හිටිය බුක්මාර්ක් එකක්.
*ක්ෂේත්‍රයේ ඔබ සමග වැඩ කළ කිසියම් ශිල්පියෙකුගෙන් ඔබ ආදර යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවාද?
නැහැ.
*ඔබට ක්ෂේත්‍රයේ තරහකාරයෝ ඉන්නවද?
නැහැ.
මිතුරන් සමඟ බෙදාගන්න.

නදීශාගේ උපන්දිනයදා Lankasri Gossip News Nadeesha Hemamali Birth Day party

නදීශාගේ උපන්දිනයදා







මිතුරන් සමඟ බෙදාගන්න.

මේ වෙනකොට මට පෙම්වතෙක් නෑ - උත්පලා Lankasri - lankasriweb.com Gossip News

lankasriweb.com Gossip News "පතිනි" ටෙලි නාට්‍යය තුළින් මෙරට රංගන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිකරගත් ඇය එතැන් සිට මේ දක්වා ටෙලි නාට්‍යය බොහොමයක් සඳහා සිය රංගන දායකත්වය ලබා දී තිබේ.

එමෙන්ම දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ "ආදරණීය පූර්ණිමා" සහ "ආදර වසන්තයක්" වැනි ටෙලි නාට්‍ය තුළින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඇය සමත්විය. මේ දිනවල රූපවාහිනිය ඔස්සේ විකාශය වන "රන් සමනළයෝ", "ඉසිවර සැණකෙළි" සහ "ආදරේ අහස තරම්" ටෙලි නාට්‍ය ඔස්සේ ද ඇය ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි.

*සම්පූර්ණ නම
ගුණතිලක උත්පලා මධුෂාණි

*උපන්දිනය
1990 ජූලි 07

*ලග්නය
මිථුන

*උස
අඩි 05

*පදිංචිය
බොරැල්ල

උත්පලා, කොහොමද ඉතින් ජීවිතේ?

මේ දවස්වල මෙගා ටෙලි නාට්‍ය 04 ක් සඳහා දායකවෙනවා. ඒ නිසා ටිකක් කාර්යයබහුලයි. "සාරංගනා", "ආදරේ අහස තරම්", "සඳ සිත්තම්" සහ "යශෝධරා" කියන නාට්‍ය 04. ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල කාලය ගතවෙන්නේ.

මේ වෙද්දි ඔබ වෘත්තීය වශයෙන් රංගන ශිල්පිණියක් විදිහට කටයුතු කරනවාද?

වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් කියනවාට මම කැමති නෑ. මොකද වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් වීමේ බලාපොරොත්තුව මට නැති නිසා. මම වෘත්තීය රංගන ශිල්පිණියක් නෙමේ.

ඔබේ සමකාලීන රංගන ශිල්පිණියන් සමග සසඳද්දි ඔබට ක්ෂේත්‍රය තුළ ඉහළ සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වුණා කියලා හිතනවාද?

මම මුලින් කිව්වා වගේම මම වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් නෙමෙයි. ඒ නිසා මට කා එක්කවත් තරගයක් නෑ. මට අවශ්‍යතාවය තිබුණේ හොඳ නිර්මාණවලට දායකවීමටයි. තවමත් විකාශය නොවුණත් මට පසුගිය කාලේ හොඳ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නිර්මාණ අතින් ම‍ම

සමකාලීන ශිල්පිණියන් සමග සමානයි කියලා හිතනවා. නමුත් ජනප්‍රියත්වය හෝ මුදල් අතින් මට කිසිවෙකුවත් අභිබවායන්න අවශ්‍ය නෑ.

වෘත්තීය වශයෙන් ක්ෂේත්‍රයේ රැඳීඉන්න අකමැති ඇයි?

වෘත්තීය නිළියක් වෙන්න අකමැති නෑ. මම හිතන්නේ තරුණියක් විදිහට ජීවිතයේ ඊට වඩා ලොකු බලාපොරොත්තු තියෙනවා. මම අනිත් අය ගැන කියන්න දන්නේ නෑ. නමුත් මගේ කැමැත්තක් නෑ වෘත්තීය මටටමේ නිළියක් වෙන්න. මගේ ඉහළම බලාපොරොත්තුව හොඳ බිරිඳක් වීම හා හොඳ මවක් වීමයි. 

තවමත් පුංචි තිරයේ නිර්මාණවල ප්‍රධාන කාන්තා චරිතය සඳහා දායකවෙන්න ඔබට අවස්ථාව ලැබිලා නෑ නේද?

මම දායකත්වය ලබාදුන් නිර්මාණත් එක්ක මගේ හැකියාව පෙන්වන්න පුළුවන් නිර්මාණ මට ලැබුණේ නෑ. තවමත් විකාශය නොවුණත් මම ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය ලබාදුන් නිර්මාණ කිහිපයක්ම තියෙනවා. මම හිතනවා ඒ නිර්මාණ විකාශය වෙද්දි ඔය ප්‍රශ්නයට පිළීතුරක් ලැබෙයි කියලා.

ඔබ හිතන විදිහට ශ්‍රී ලංකාවේ නිළියක් වෙන්න නම් අවශ්‍ය වන අවම සුදුසුකම් මොනවද?

මම හිතන විදිහට අවම සුදුසුකම තමයි රූපය. ඒ වගේම දක්ෂතාවය අවශ්‍යයි. අපේ රටේ ති‍යෙන අඩුව තමයි අපිට අපේ හැකියාව දියුණුකරගන්න ඉගෙනගන්න තැනක් නෑ. ඉගෙනගන්න තැන් කිහිපයක් තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ ඒවාට සම්බන්ධවෙන්න අපේ රටේ නිළියන්ට නිසි මාර්ගයක් තියෙනවා කියලා.


රංගන ශිල්පිණියක් විදිහට ඔබ සතුව තිබෙන සුදුසුකම් සහ හැකියාවන් ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

ඇත්තටම නැහැ. මම කලාව තුළ අද බිහිවුණු දරුවෙක් වගේ. මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට තව ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. වෘත්තීය මට්ටමේ නිළියක් නොවුණත් මම කැමතියි මම ක්ෂේත්‍රයේ රැඳීඉන්න කෙටි කාලය තුළ මගේ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැ‍ඳෙන නිර්මාණවලට දායකවෙලා ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න.

ක්ෂේත්‍රයෙන් ඉක්මනින්ම ඉවත්වීමේ බලාපොරොත්තුවක් තියෙනවාද?

තවත් වසර එකහමාරක පමණ කාලයක් මම ක්ෂේත්‍රයේ රැඳී ඉඳීවි. විදේශගත වීමේ බලාපො‍රොත්තුවක්


කලින් ඉඳලම මට තිබුණා. යම් යම් හේතූන් මත එය කල්ගියා. නමුත් තවම මගේ අරමුණ විදේශගතවීමයි.

ඔබ රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටයක් නිසා ඔබ පසුගිය කාලේ තරමක කළකිරීමකින් සිටියා. ඇත්තටම මොකක්ද සිද්ධවුණේ?

මම සම්බන්ධවුණු චිත්‍රපටය "වියපත් බඹරා". මම එහි නිරූපණය කළේ වසර 16 ක පමණ දැරියකගේ චරිතයක්. නමුත් එම චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න මගේ ව්‍යාජ ප්‍රදර්ශන පුවරු යොදාගෙන තිබුණා. ඇත්තටම මම ඒ දවස්වල ගොඩක් කළකිරීමෙන් හිටියේ. ඒ නිසා බොහෝ කටකතාත් පැතිරුණා. නමුත් මම අදටත් කියන්නේ මම එහෙම දෙයකට සම්බන්ධ වෙලා නෑ.

එය ඔබේ ප්‍රේමයටත් බලපෑමක් එල්ල කළා නේද?

එම චිත්‍රපටය නිසාම නෙමෙයි නමුත් මගේ පෙම් සබඳතාවය මට නවත්වන්න සිදුවුණා. ඒකට ප්‍රධානම හේතුව අප දෙදෙනා අතර නොගැළපීමයි. මම හිතන්නේ පෙම් සබඳතාවයක දී දෙදෙනෙකු අතර අවබෝධය හා විශ්වාසය ඉතාම වැදගත්. ඒ විශ්වාසය ගොඩනගාගන්න බැරි නම් ඒ සම්බන්ධතාවය ඉදිරියට ගෙනයනවාට

වඩා, අපි දෙන්නම කතා කරලා තීරණයකට ආවා වෙන්වෙන්න.

එතකොට ඔබේ මව්පියන් ඔබ ක්ෂේත්‍රයේ රැඳීසිටීම ගැන මොකද හිතන්නේ?

මගේ පියා නම් ඇත්තටම කැමති නෑ මම ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන. ඔහු විදේශගත වෙලා ඉන්නේ. අම්මා නම් කැමතියි. ඇය තමයි මගේ හෙවනැල්ල වගේ ඉන්නේ. ඇය නිසා තමයි මම ක්ෂේත්‍රයේ යම්තාක් දුර ගමනක් ගියේ. මම හිතනවා ඉතුරු ගමනටත් මගේ අම්මා මගේ හෙවනැල්ල වගේ ඉඳීවි කියලා. ඒ වගේම මගේ අක්කා, මගේ නෑදෑයෝ හැමෝම මට උදව් කරනවා.

ප්‍රේමයෙන් පැරදීම ගැන ඔබ මොකද හිතන්නේ?

ප්‍රේමයෙන් පැරදුණා කියන්න බෑ. නොගැළපීම මත අපි දෙන්නා තව දුර ගමනක් යනවාට වඩා කතාකරලා වෙන්වෙන එක හොඳයි. මම කොයිවෙලාවකවත් කියන්නේ නෑ මම ප්‍රේමයෙන් පැරදුණා කියලා.

ඔබේ විවාහය ගැනත් අපට ළඟදිම අහන්න ලැබෙයිද?

මම හිතන්නේ මගේ විවාහයත් ඉතා ඉක්මනින් සිදුවෙයි. මේ වෙනකොට නම් මට පෙම්වතෙක් නෑ. නමුත් මගේ අම්මාගේ බලාපොරොත්තුව මම මේ රටින් යන්න කලින් මගේ විවාහය සිදුකරන්න. විවාහ යෝජනා නම් එනවා. නමුත් මම හිතුවා මගේ ප්‍රේමය අවසන් වෙලා තවම මාස කිහිපයයි ගතවෙලා තියෙන්නේ. මම

ගත්ත තීරණය වැරදුණා. ඒ නිසා මම ඒ සම්බන්ධව තීරණය කරන්න අම්මාට භාරදීලා තියෙනවා. මගේ ජීවිතයේ මාව හොඳින්ම තේරුම්ගත්තේ මගේ අම්මා. මම හිතනවා අම්මා මට හරියටම හරියන කෙනා තෝරයි කියලා.

විවාහයෙන් පස්සේ කලාවෙන් ඉවත්වීමේ තීරණයේ තවමත් වෙනසක් නැද්ද?


මම කොහොමත් මුල ඉඳලම කැමති වුණේ නෑ මගේ පවුල් ජීවිතයයි, වෘත්තීය ජීවිතයයි දෙක සම්බන්ධ කරගන්න. මම දැකලා තියෙනවා මේ ක්ෂේත්‍රයේ සාර්ථක පවුල් ජීවිත ගෙවන පිරිස්. නමුත් මම මුල් තැන දෙන්නේ මගේ පවුල් ජීවිතයට. මම ගමෙන් ආව කෙනෙක්. මගේ ගැමිකම, හැමදේම එක්ක මම හිතන්නේ මම මුල් තැන දෙන්න ඕන පවුල් ජීවිතේට. ඒ නිසා විවාහයෙන් පස්සේ මම මේ වෘත්තියෙන් ඉවත්වෙනවා.

මේ දක්වා ඔබේ වෘත්තීය වගේම පෞද්ගලික ජීවිතය දිහාත් ආපහු හැරිලා බැලුවොත් තියෙන්නේ ජයග්‍රාහී හැඟීමක්ද? පසුතැවීමක්ද?

මම හිතන්නේ මම ජයග්‍රහණය කරලා තියෙනවා. මොකද මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දේවල් මට මේ වනවිට ලැබිලා තියෙනවා. මම රංගනයෙන් දායකවුණු චිත්‍රපටය හැරුණුවිට මම එහෙම කිසිමදෙයක් ගැන කළකිරීමක් ඇතිකරගෙන නෑ. මම ඒ දෙය මගේ ජීවිතයට අත්දැකීමක් කරගත්තා. මම දැන් නිර්මාණයක් තෝරාගැනීමේ දී වඩාත් සැලකිලිමත් වෙනවා.

මේ දක්වා ඔබේ ජීවිතය තුළ ඔබ ලබා තිබෙන දරුණුම දඬුවම මොකක්ද?

මම පුංචි කා‍ලේ අම්මාට නොකියා යාළුවෙක්ගේ ගෙදර ගියා. මට අවුරුදු 07 ක් විතර කාලේ. මම ආයේ ගෙදර එන්න පරක්කු වුණා. ඒ නිසා අම්මා මාව හොයාගෙන ආවා. ඊටපස්සේ මාව කාමරයකට දාලා මට ඇතිවෙනකං ගැහුවා. ඒක මගේ ජීවිතයටම අමතක වෙන්නේ නෑ. ඒ සිද්ධියෙන් පස්සේ මම පාසලෙන්

ඉවත්වෙනකම්ම කිසිම යාළුවෙක්ගේ ගෙදරක ගියේ නෑ. ඒක තවම මගේ මතකයේ තියෙනවා.

රංගනයට අමතරව ඔබ දස්කම් ‍දක්වන වෙනත් ක්ෂේත්‍ර මොනවාද?

මම පුංචි කාලේ ආස කළේ නර්තන ගුරුවරියක් වෙන්න. මම නර්තනය තමයි හැදෑරුවේ. මම කවදාවත් හිතුවේ නෑ රංගන ශිල්පිණියක් වෙයි කියලා. මම හිතන්නේ මම තවමත් වැඩිපුර දක්ෂ නර්තනයට කියලයි.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම් ඔබේ ජීවිතය මොනවගේ පැත්තකට යොමුවෙයිද?

මම රංගන ශිල්පිණියක් නොවුණා නම් නර්තන ගුරුවරියක් වෙයි.


HARD TALK

ආදරය කරන යුවලක් අනිවාර්යයෙන්ම විවාහ විය යුතු බව ඔබ සිතනවාද?

නැහැ.

කවදා හෝ ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් ඔබට ආදර යෝජනාවක් ලැබිලා තියෙනවද? 

ඔව්.

ඔබේ පෙම්වතාගේ ඉල්ලීම මත ඔබට ලැබුණු කිසියම් නිර්මාණයක් ප්‍රතික්ෂේප කළ අවස්ථාවක් තියෙනවද?

ඔව්.

කිසියම් දර්ශන තලයකදී ප්‍රවීණ ශිල්පියෙකුගෙන් හෝ ශිල්පිණියකගෙන් බැනුම් අහන්න සිද්ධවුණු අවස්ථාවක් තියෙනවද?

ඔව්.

කිසියම් නිර්මාණයක් වෙනුවෙන් පොරොන්දු වුණු මුදල් නොලැබී ගිය අවස්ථා තිබෙනවාද?

නැහැ.

පෞද්ගලික ජීවිතයේ හෝ කලා ක්ෂේත්‍රයේ ඔබට තරහකාරයෝ ඉන්නවද?

නැහැ. 


මිතුරන් සමඟ බෙදාගන්න.

අලුත්ම තොරතුරු දැනගැනීමට EMAIL ලිපිනය ඇතුලත් කරන්න.

Enter your email address:

Delivered by FeedBurner