New updates Everyday

Like Us For Updates

Showing posts with label Lanka Sri. Show all posts
Showing posts with label Lanka Sri. Show all posts

Lankasri News අගනුවර ගණිකා ජාවාරම්කරුවන්ට කොටුවුණ ගමේ කෙල්ලන්ගේ කතාව

Lankasri News

අගනුවර ගණිකා ජාවාරම්කරුවන්ට කොටුවුණ ගමේ කෙල්ලන්ගේ කතාව


ඇය නුවරඑළිය ප‍්‍රදේශයේ වත්තක පදිංචිව සිටින 21 හැවිරිදි වියේ පමණ පසුවන සුන්දර යුවතියකි. තරුණියගේ මව සහ පියා මිය ගිය නිසා එදා පටන් ඇය බලා ගත්තේ ආච්චි සහ සීයා ය. එළවළු වගාකර විකුණා ලබාගන්නා සොච්චම් මුදලින් මේ තිදෙනා ජීවිකාව ගෙන යති. ආච්චි හා සීයා සමග මේ තරුණිය ජීවත්වන්නේ නොයෙක් අඟහිඟකම් මැද්දේය.

කොළඹ සිට එළවළු මිලදී ගැනීමට නුවරඑළියට කාලයක් පටන් පැමිණෙන මුදලාලි කෙනෙක් සිටින අතර ඇය ඔහුද තරමක් දන්නා හඳුනනපුද්ගලයෙකි. 
”මට පුළුවන් නම් කොළඹ පැත්තෙන් මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න” යැයි තරුණිය එළවළු මිලදී ගැනීමට පැමිණ සිටි දිනක මුදලාලිගෙන් විමසුවාය.

”ගාමන්ට් රස්සාවක් හොයලා දෙන එක මට සුළු වැඩක්” යැයි මුදලාලි පැවසුවේ තරුණිය දෙස කෑදර බැල්මක්ද හෙළමිනි.

නුවරඑළියේ සිට තරුණිය ඔහුත් සමග පසුගිය දිනක කොළඹ පැමිණියේ ගාමන්ට් රස්සාවක් සොයාගෙනය. මුදලාලි ඔහුගේ හිතවත් ත‍්‍රීරෝද රථ රියදුරෙක්ගේ ත‍්‍රිරෝද රථයක තරුණියව නංවාගෙන ගියේ කොල්ලූපිටිය මුහුදු වෙරළ තීරයේ තිබෙන ගෙස්ට් හවුස් එකකටය.

ගෙස්ට් හවුස් එකේදී හමුවන පුද්ගලයකුට තරුණිය බාර දෙන්නේ මේ තමාගේ හොඳම හිතවතෙක් බවත් මොහු ගාමන්ට් රස්සාවක් සොයාදෙනු ඇති බවත් පවසමිනි.

මේ තැනැත්තා රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. කාලයක සිට දන්නා හඳුනන මුදලාලිගේ කීම විශ්වාස කළ තරුණිය කිසිම බියක් සැකක් නොමැතිව ඔහුත් සමග යන්නේ ගාමන්ට් රස්සාවක් ලබාගැනීමේ අරමුණ ඇතිවය.

වැල්ලවත්ත පැත්තේ තියන රෙස්ට්හවුස් එකක දින දෙක තුනක් නවත්වාගෙන සිටින තරුණිය ඊළඟට කැඳවාගෙන යන්නේ මහරගම ප‍්‍රදේශයේ පිහිටි නිවසකටය. මහරගම ප‍්‍රදේශයේ පිහිටි ඒ නිවසේ මවක් පියෙක් සහ දියණියක් ද තවත් කාන්තාවෝ දෙදෙනෙක්ද පදිංචිව සිටිති. ගෙදර අයිතිකාරියගේ දියණිය හා අනෙක් කාන්තාවන් දෙදෙනා පවසා ඇත්තේ ඔවුන් කොළඹ ප‍්‍රදේශයේ මල් සාප්පුවක සේවය කරන බවය. කාන්තාවන් දෙදෙනා මේ ගෙදර පදිංචිවී සිටින බවත් නුවරඑළියේ සිට පැමිණි තරුණියට පවසා තිබේ. රූමතියන් වන මේ කාන්තාවන් තිදෙනා සමහර දිනවලට සවස වැඩ ඇරී ගෙදර එන්නේ ඉතිරිවුණ මල් ගෙදර ගෙනා බව පවසමින් යැයිද කියති.

ගාමන්ට් රස්සාව කවදා ලැබේ දැයි කියා නුවරඑළියේ තරුණිය කිහිපවතාවක්ම විමසා සිටි අවස්ථාවේ ඇයට අර කාන්තාවන් තිදෙනා පවසා ඇත්තේ ළඟදීම එය ලැබෙනු ඇතැයි කියා ය.

”මොකද තවමත් මේකිගෙන් වැඩක් ගත්තේ නැත්තේ” යැයි කියා එක් කාන්තාවක් අනෙක් කාන්තාවන් දෙදෙනාගෙන් විමසනවා නුවරඑළියේ තරුණියට ඇසී ඇත. ඒ කාන්තාවන්ගේ කථාව ඇසීමෙන් නුවරඑළියේ තරුණියගේ හිතට කිසියම් සැකයක්ද ඇතිවී තිබෙන බව කියති. යන එන ඉසව්වක් හෝ ඉන්නේ කොහේද කියා වැටහීමක් නොමැති නිසා පලා යාමටද ඇයගේ හිතට බියක් ඇතිවී තිබේ.

ගාමන්ට් එකක රස්සාවක් සොයා දෙන්නම් කියා එළවළු මුදලාලිගෙන් නුවරඑළියේ තරුණිය බාරගත්තේ ගණිකා වෘත්තියේ කාන්තාවන් හා තරුණියන් යොදවා යහමින් මුදල් හරි හම්බකරන ජාවාරම්කාරයෙක් බව ඇය හාංකාසියක්වත් දැන සිට නැත.

ත‍්‍රිරෝද රථ රියදුරෙක් ලෙස ජීවිකාව ආරම්භ කර ඇති මොහු පසුව ගණිකාවන් සැපයීමේ ජාවාරමට අතගසා ඇත්තේ එතරම් වෙහෙස මහන්සියකින් තොරව යහමින් මුදල් හම්බකිරීමට හැකියාව තිබෙන නිසාය. කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ හා වෑන් රථ ලබාගෙන ඒවා යොදාගෙන ගැනුම්කරුවන්ට අවශ්‍ය තැනටම රූබර තරුණියන් හෝ කාන්තාවන් ගෙන ගොස් දීම රාජගිරියේ ගණිකා ලොක්කා වසර කිහිපයක සිටම කරගෙන යයි.

”අලූත් කෑල්ලක් එහෙම නැද්ද ළඟදී හම්බවුණේ. ගාණ කීය වුණත් කමක් නැහැ. මට  ඕනෑ අලූත් කෑල්ලක්. පරණ කෑලි එක්ක ඉඳලා දැන් ඇතිවෙලා තියෙන්නේ”

රාජගිරියේ ගණිකා ලොක්කාගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් දී එසේ විමසා ඇතැයි කියන්නේ ඔහුගේ හොඳම කස්ටමර් කෙනෙකි. ‘අලූත් කෑල්ලක්’ යනුවෙන් මේ ගැණුම්කරු කියා ඇත්තේ තමාට කන්‍යාවියකගේ පහස අවශ්‍ය බවය.

”අපෝ ඕක සුළු වැඩක්. ළඟදී අලූත්ම කෙනෙක් හම්බවුණා. ඒවාගේ කෙනෙක්ව ඉල්ලනකම් තමා මම බලාගෙන හිටියේ. තැන කියන්න මං අරගෙන එන්නම්” යැයි රාජගිරියේ ගණිකා ලොක්කා ගැණුම්කරුට පැවසීය. කුලී පදනම මත ලබාගන්නා සුඛෝපභෝගී වාහන තුළම අවශ්‍ය නම් ගැණුම්කරුට සිය අවශ්‍යතා සපුරාගත හැකිය. එසේත් නොමැති නම් තරුපහේ හෝටලයකට වුවද රැගෙන යාමට හැකියාව මොහු විසින් ලබාදී ඇත.

රාජගිරියේ ගණිකා ලොක්කා වැඩ කරන්නේ ගැණුම්කරුගේ රුචිකත්වය අනුවය. නුවරඑළියෙන් ගෙනා තරුණිය සුඛෝපභෝගී මෝටර් රථයක නංවාගෙන තවත් කාන්තාවක්ද සමග පිටත්වන්නේ ඇයට ඇඟලූම් කම්හලේ රැකියාවකට යාමට එහි අයිතිකරු හම්බවෙන්න යන බව පවසමිනි.

කොළඹ ප‍්‍රදේශයේ පාළු ස්ථානයකට ගොස් මෝටර් රථය නතර කරන රාජගිරියේ ගණිකා ලොක්කා සහ අනෙක් කාන්තාව බැස යන්නේ ‘මේ ළඟකට යන්නේ ඉක්මනට එනවා’ යැයි පවසමින් බව ද කියති. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනගත් නුවරඑළියේ තරුණිය හිමිං සීරුවේ පලාගොස් ත‍්‍රිරෝද රථයකට අත අල්ලා ගොඩවන්නේ යන එන තැනක් ගැන කිසිම අවබෝධයක් නොමැතිවය. කොළඹ ප‍්‍රදේශයේ කිසියම් ප‍්‍රදේශයක් බලා ඇය ත‍්‍රිරෝද රථයෙන් බැසගත් ගමන් ගාස්තුව ගෙවීමට මුදල් ඇය අතේ තිබී නොමැත. තමා මුහුණ පෑ ඇබැද්දිය ඇය ත‍්‍රිරෝද රථ රියදුරු මහත්තයාට පැවසීමෙන් පසු ඔහු මේ බව ඒ අසල සිටි තවත් ත‍්‍රිරෝද රථ රියදුරු මහත්මයෙකුට දැනුම් දී තිබේ.

ඒ ත‍්‍රිරෝද රථ රියදුරා තරුණිය නංවාගෙන යන්නේ බොරැල්ල පැත්තේ තිබෙන කන්‍යාරාමයක් වෙතය. ඇය කන්‍යාරාමයට බාර දීමෙන් පසු කන්‍යා සොහොයුරියන් දෙදෙනකු ඇය කැඳවාගෙන එන්නේ කොළඹ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයටය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සැම්සන් ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලබන්නේ පොලිස් පරීක්ෂක අමිල ජයරත්න මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

පොලිස් නිලධාරීන් දෙදෙනකු ගැනුම්කරුවන් ලෙස පෙනී සිටිමින් රාජගිරියේ ගණිකා ලොක්කාගේ ජංගම දුරකථනයට කථාකර කාන්තාවන් දෙදෙනකු අවශ්‍ය බවත් මරදානට ඒ කාන්තාවන් දෙදෙනා කැඳවාගෙන එන ලෙසත් පවසා ඇත.

පොලිස් නිලධාරීන් යෙදූ මෙම උපක‍්‍රමයට රැවටුණු ඔහු කාන්තාවන් දෙදෙනකුද නංවාගෙන මරදාන ප‍්‍රදේශයේ පාසලක් ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ අවට රැකවල්ලා සිටි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක අමිල ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායම මොහු අල්ලාගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගණිකා ජාවාරම්කරු නුවරඑළියේ තරුණිය ලබාගෙන ඇත්තේ එළවළු මුදලාලිට රුපියල් 15,000 ක පමණ මුදලක් ලබාදීමෙන් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇතැයිද පැවසේ. ගණිකා ජාවාරම්කරු සමග අල්ලාගත් එක් කාන්තාවක් කුරුණෑගල ප‍්‍රදේශයේ ද අනෙක් කාන්තාව මහරගම ප‍්‍රදේශයේ ද පදිංචිකාරියෝ වෙති.

නුවරඑළියේ තරුණිය දින කීපයක් නවාතැන් ගෙන සිට ඇත්තේ මහරගම ප‍්‍රදේශයේ කාන්තාවගේ නිවසේය. මහරගම කාන්තාව සැමියාගෙන් දික්කසාද වී ජීවත්වන්නේ ඇයගේ මව් පියන් සමග මහගෙදර ය. කුරුණෑගල කාන්තාව සැමියාගෙන් වෙන්වී ජීවත්වන අතර මේ දෙදෙනාටම දරුවෝ සිටිති. මේ දෙදෙනා අවුරුදු 27 සහ 29 අතර වයසේ පසුවන කොයිකාගෙත් සිත් පැහැර ගැනීමට සමත් රූබර කාන්තාවන් දෙදෙනෙකි.

ගණිකා වෘත්තියේ නිරතවෙමින් එක් කාන්තාවක් පමණක් මාසිකව සාමාන්‍යයෙන් රුපියල් 40,000 ක පමණ මුදලක් උපයන බවට කරුණු හෙළිවී ඇත.

”තරුපහේ හෝටල්වලට තමා අපි වැඩි වශයෙන් යන්නේ. පැය 2-3 ක් ගත කරන්න අපේ ගාණ රුපියල් 15,000 ක් විතර වෙනවා. කෑම බීම කාමර ගාස්තු අප එක්කගෙන යන කෙනා ගෙවන්න ඕනෑ හොඳ සල්ලිකාරයෝ තමා අප එක්කගෙන යන්නේ. සමහරු සන්තෝසමත් එක්ක වැඩිපුර ගාණක් දීලා යනවා. අවුරුදු 60-70 විතර වයසේ පසුවන සල්ලිකාරයෝ, ලොකු ලොකු රස්සාවල් කරලා පැන්ෂන් ගත්තු මහත්තුරු පවා අපේ පහස සොයාගෙන එන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. අපට වයස ප‍්‍රශ්නයක් නැහැ, ගාණ තමා බලන්නේ. අපට වැඩක් නැතිව යන්නේ බොහොම කලාතුරකින් දවසක තමා” යැයි මෙම කාන්තාවන් දෙදෙනා පවසා ඇතැයිද දැන ගැනීමට ඇත.

”දරුවන්ටත් හොඳින් උගන්වනවා විතරක් නොවේ අපේ අම්මලා තාත්තලා රැක බලා ගන්නෙත් මේ රස්සාවෙන් තමා. හම්බකර ගන්නා සල්ලිවලින් දෙයියනේ කියලා කරදරයක් නැතිව ජීවත්වනවා” යැයිද සැකකාර කාන්තාවන් දෙදෙනා පවසා ඇතැයි කියති. ගැණුම්කරුවන් සොයා ගැනීමට ගණිකාවන් යොදාගන්නා උපක‍්‍රමයක්ද මේ කාන්තාවන් දෙදෙනා පොලීසියට හෙළිකර ඇති බව දැන ගැනීමට තිබේ. හොඳ හෝටලයකට ගිය පසු ගැනුම්කරුගෙන් ලැබෙන ගාණෙන් කිසියම් මුදලක් ඒ හෝටලයේ කළමනාකරුවකුට හෝ සේවකයකුට ලබාදී කස්ටමර්ලා සොයාදෙන ලෙස ඉල්ලා සිටින්නේ ජංගම දුරකථන අංකයන්ද ඔවුන් අතට පත්කිරීමෙන් පසුවය.

මේ කාන්තාවන් දෙදෙනාගේ මව්පියන් මෙච්චර කාලයකට සිතාගෙන සිට ඇත්තේ දුවලා මල් සාප්පුවක වැඩ කරන බවය. ඇත්ත කථාව ඔවුන් දැනගෙන ඇත්තේ දියණියන් පොලිස් දැලට අසුවීමෙන් පසුවය. නුවරඑළියේ තරුණිය රාජගිරියේ ගණිකා ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයාට විකුණා රුපියල් 15,000 ක පමණ මුදලක් ලබාගත් එළවළු මුදලාලි හා ඔහුගේ හිතවතා වන ත‍්‍රිරෝද රථ රියදුරා අල්ලා ගැනීමටද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

එළවළු ව්‍යාපාරය කරගෙන යන අතරවාරයේ මොහු කාන්තාවන් හා තරුණියන්ට රස්සා සොයා දෙන බව පවසා රවටාගෙන පැමිණ ගණිකා ව්‍යාපාර කරගෙන යන පුද්ගලයන්ට විකුණා මුදල් උපයන තැරැව්කාරයකු බවටද තොරතුරු පොලීසියට ලැබී ඇතැයි කියති.

අත්අඩංගුවට ගත් රාජගිරියේ ගණිකා ජාවාරම්කරු ළඟ තවත් කාන්තාවන් රැසක්ම සේවයේ නිරතව සිටින බවට ද තොරතුරු දැන ගැනීමට ඇත. ජාවාරම්කරු කරන්නේ ඒ කාන්තාවන් අවශ්‍යතැන්වලට ගෙනගොස් දී හොඳ ගාණක් ගැනීමය. මොහු ද දරුවන් සිටින පියෙකි.

උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්

Lankasri Web News රන්ජන් අනර්කලී නැවත පෙම්වතුන් වෙලා

Lankasri web News 

රන්ජන් අනර්කලී නැවත පෙම්වතුන් වෙලා

 

ජනප්‍රිය සිනමා නළුවෙකු වන රන්ජන් රාමනායක  ජනප්‍රිය ටෙලි හා සිනමා නිළියක වන අනර්කලී ආකර්ෂා සමග පෙම් පුවතක් පටන් අරගෙන තිබෙන බවට ආරංචියක් තියෙනවා. ඉටි මල් යන දීර්ඝ ටෙලි නාට්‍යයේ රඟපාන්න මේ දෙන්නාටම අවස්ථාව ලැබිලා. ඒ නාට්‍ය හරහා තමයි මේ දෙන්නා මෙළෙස පෙම්වතුන් වෙලා එක් වෙනවයි කියන්නේ.

කලක් රිදී තිරයේ කඩවසම් පෙම්වතකු වන තිස්ස විජේසුරේන්ද්‍ර දැන්වීම් ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙකු ලෙස රඟපාන බවත් ඔහුගේ දියණිය පූජා ලෙස අනර්කලී රඟපාන බවත් ආරංචි වෙනවා.

පූජාට පෙම් බඳින තරුණයා ආදිත්‍යයි. රන්ජන් තමයි ආදිත්‍යට ජීවය ලබා දෙනවයි කියන්නෙ. ඒ අනුව රන්ජන් සහ අනර්කලී ඉටි මල් ඔස්සේ නැවතත් සුපෙම්වතුන් යුවළක් බවට පත් වෙනවාලු.

ඉටි මල් නම් වූ එය සුරන්ජන් විජයනාමගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙහි කතාව, දෙබස් තිර රචනය නිහාල් බණ්ඩාර ජයතිලකගෙන්ද, ඩබ්ලිව්. ජයතිස්ස අංග රචනයෙන්ද එක් වෙනවා. චාමර සමරවික්‍රම රේඛීය නිෂ්පාදනයෙන් ඉටි මල් සඳහා එක්ව සිටිනවා.

 

Sri Lankan Actress, Models and Hot Girls. LankaSri All the latest images of Sri Lankan Actress

Sri Lankan Actress, Models and Hot Girls. Lanka sri All the latest images of Sri Lankan Actress, Girls & Model Images available LANKASRI. Sri Lankan Female Models









Lankasri Tamil hot images.. tamil actress hot

Lankasri Tamil hot images.. tamil actress hot 300 + Hot Images - Tamil Actress Images








Lanka Sri - Upeksha Swarnamali Hot Image Collection

Lanka Sri Upeksha Swarnamali Hot Image Collection Upeksha Swarnamali - Sri Lankan Model and Actress 













Lanka Sri : New Life Of Nadeesha

Lanka Sri Train To Kandy is a Sri-Lankan film that tells the story of a young girl who tries to escape her unfortunate life & upbringing. A dark colour palette with accents of red tells the audience to expect drama and violence while the sublime hopeful gaze of the girl suggests hope in spite of unforgiving circumstances.

 Train To Kandy – Shooting Photos




අලුත්ම තොරතුරු දැනගැනීමට EMAIL ලිපිනය ඇතුලත් කරන්න.

Enter your email address:

Delivered by FeedBurner