New updates Everyday

Like Us For Updates


චරිතය හොදනම් හතුරෙකුගේ නිර්මාණයක වුණත් මං රඟපානවා

නදීෂා හේමමාලි කියන්නේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ වගේම සිනමාව තුළත් තමන්ගේ දක්ෂතා පෙන් වූ නිළියක්. ඇගේ රංගනය ගැන වගේම ඇය ගැනත් විවිධ පුවත් කතා බහට ලක්වූ අවස්ථා තිබුණා.
පසුගියදාක නදීෂා තමන්ගෙම වබේ අඩවියක් ආරම්භ කළා. ඒ ගැන කතා කරන්න වගේම ඇගේ රංගන ජීවිතයේ හා පෞද්ගලික ජීවිතයේ තොරතුරු කතා කරන්නත් හිතාගෙන අපි නදීෂාට කතා කළා.
ඉදිරි සැලසුම් අතර තවත් මේ වගේ විවිධ කටයුතු කාරණා ඇති.?
ටෙලි නාට්‍යයකුයි චිත්‍රපටයකුයි නිෂ්පාදනය කරන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී ඒ දෙකම සිදුවේවි. දැනට සුදුසු කතා තේමා තෝරා ගනිමින් ඉන්නේ.

ඒ දෙකේම ප්‍රධාන චරිත නදීෂාද?
අනිවාර්යයෙන්ම ඔව්. ඕනෑම නළුවෙක් නිළියෙක් කැමතියි තමන් ආශා කරන තමන්ට ගැළපෙන චරිතයක් රඟපාන්න. තමන්ම නිෂ්පාදනයක් කරලා ඒ නිර්මාණයේ තමන් කැමති විදියේ චරිතයක් රඟපාන්න අවස්ථා උදා කර ගැනීම වරදක් නැහැනේ.
නදීෂා රඟපාන්න ආශාවෙන් ඉන්න චරිතයන් තියෙනවද?
මෙහෙනින් වහන්සේ කෙනෙකුගේ චරිතයක් රඟපාන්න විශේෂ ආශාවක් තියෙනවා.
සැබෑ ජීවිතයේදී පැවිදි බිමට යන්නත් ආශාවක් ඇතිවෙයිද දන්නෙ නැහැ. 
අනාගතයේදී එහෙම හිතෙන්නත් බැරි නැහැ.
ඇයි සසර කලකිරිලද?
කලකිරිලා නම් නැහැ. හැබැයි ජීවිතය ගැන  යථාර්ථය වටහාගෙනයි ඉන්නේ.
සිල් ගන්න බණ භාවිතා කරන්නත් කැමතිද?
දැනටත් මම ඔය දෙකම කරනවා. හැබැයි පත්තරයකට ඒ ගැන කියපු පළමු වතාව තමයි මේ.

 ඒ වගෙ කටයුතු රහසින් කළ යුතුයි කියලා හිතුණද?
නැහැ. ඒ වගේ දේවල් කියන්න ගියාම මිනිසුන් විවිධ දෘෂ්ඨීන්ගෙන් ඒ දිහා බලන්න පුළුවනි. ඒ භාවනාවේ යෙදෙමින් මනස සන්සුන් කරගන්න එක, සැහැල්ලුව කරගන්න ඕන. නිළියන් විදියට චරිතයන් රඟපෑමේදීත් උපහාරයක් වන බව මම දන්නවා. ඒ වගේම ජීවිතයේ ප්‍රශ්න ගැටලු දිහා යථාර්ථවාදීව බලන්නත් පුළුවන්.
ඔය විදියට හිතන පතන නදීෂා ගැටුමට බරයි කියලා කට කතා පැතිරෙන්නේ ඇයි? 
මගෙ අදහස හරිම සෘජුයි ඒ විදියට කෙළින් කතා කරන්න ගියාම අනිත් අය හිතන්නේ මම ගැටුමට බරයි කියලා.

 දැනට විකාශය වන ටෙලි නාට්‍යයන් තුළ ගැටුමක් ඇති කරගෙන ටෙලි නාට්‍යයන් දමල ගහල ගියා කියන්නේ කතාව ඇත්තද?
ඔය ප්‍රශ්න ඇහුවට ස්තූතියි. ඔය කාරනාව ගැන විවිධ පුවත් පළ වුණා. මට ඇත්තටම ඇත්ත සිද්ධිය කියන්න මේක අවස්ථාවක් වේවි. ඔය ටෙලි නාට්‍යය ආරම්භ කළේ කොටස් 100යි කියලා. ඒ සියය ඉවර වුණාම තව දික් කරන්න හැදුවා. පිටපත කිහිප වතාවක් ඉල්ලුවත් දුන්නෙ නැහැ. දර්ශන තලයෙදිත් නළු නිළියන් අපහසුතාවයට පත්වූ අවස්ථා ගොඩක් තිබුණා. එක දවසක් අව්වේ මහ පාරේ රූපගත කිරීම් තිබුණා. එදා මම වාහනේ ඒ.සි. දාගෙන හිටියේ මගේ වියදමින් පැට්‍රල් ගහලා.
 ඇඳුමක ප්‍රශ්නයක් මත නදීෂා නාට්‍යය දමල ගහල ගියා කියලයි ප්‍රවෘත්තිය ගියේ
ඒ ටෙලි නාට්‍යය නරඹන අය දන්නවා මම රඟපාන චරිතය ධනවත් පවුලක යුවතියකගේ චරිතයක් බව. චරතියට අදාළ ඇඳුම් මුලදී        නිෂ්පාදන අංශයෙන් ලබා දුන්නට පසුව ලැබුණෙ නැහැ. මගේ ඇඳුම් ඇඳගෙන රඟපාන්න මට අවශ්‍ය නැහැනේ. ඔය කාරණය ගැන කතා කරන්න ගියාම ටෙලි නාට්‍යයේ රේඛිය නිෂ්පාදකවරයා මට අසභ්‍ය වචනයෙන් බැන්නා. ඒකයි මම එතැනින් ඉවත් වුණේ.
විකාශය වන ටෙලි නාට්‍යයක ප්‍රධාන නිළිය අතරමැද දී දමල ගහල ගියාම ඒ නිර්මාණය අඩාල වෙනවා නේද?
මම විතරක් නමෛයි තවත් නළු නිළියන්ට ඒ කිවුව පුද්ගලයාගෙන් අසාධාරණකම් වුණා. මම එතැනදි නිවටව නම් තව අයට ඒ දේ වෙයි. මට අවශ්‍ය වුණේ ඔහුගෙන් මේ නිර්මාණයට වන අසාධරණය වළකන්න, මගෙන් සමාව ගත්තොත් දිගටම නිර්මාණයේ ඉන්න බව මම කියා සිටියා. ඒත් ඔහු ඊට  එකඟ වුණේ නැති හින්දා මට සිදුවුණා එතැනින් ඉවත්වෙන්න. ඒ නාට්‍යය දැන් මගෙ චරිතය නැතුව කරගෙන යනවා.
ඔය සිදුවීම්වලට සම්බන්ධ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයාගේ ඉදිරි නිර්මාණයක රඟපාන්න ආරාධනා ලැබුණොත් බාර ගන්නවද? 
නිර්මාණය හොඳ නම් මගෙ චරිතය හොඳ නම් හතුරෙක්ගේ නිර්මාණයක වුවත් රඟපානවා. ඒක මගෙ ප්‍රතිපත්තිය.
අර මුලින් කී රේඛීය නිෂ්පාදකයා සම්බන්ධ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත් 
ඒ වගෙ. අය කලාකරුවො නමෛයිනෙ එහෙම අය ඉන්න තැනකටවත් යන්න මම කැමති නැහැ.
ආදරය හා විවාහය ගැනත් දැනගන්න කැමතියි
මට පෙම්වතෙක් ඉන්නවා. ඉදිරියේදී අපේ විවාහය සිදුවේවි.
එයා කලාවට සම්බන්ධ කෙනෙක්ද? නළුවෙක්ද ජනප්‍රිය චරිතයක්ද?
(හිනැහි) වෙන්නත් පුළුවන්.
නොවෙන්නත් පුළුවන්.
පුංචි ඉඟියක් දෙන්න.
(හිනැහි) ගොඩක්ම කඩවසම් කෙනෙක්.
විවාහය ළඟදීම සිදුවනවද?
(හිනැහි) කාලයක් යන්නත් පුළුවන්. මේ සාකච්ඡාව පත්තරේ පළ වන විට විවාහ වෙලා ඉන්නත් පුළුවන්.


























































































 මිතුරන් සමඟ බෙදාගන්න.

අලුත්ම තොරතුරු දැනගැනීමට EMAIL ලිපිනය ඇතුලත් කරන්න.

Enter your email address:

Delivered by FeedBurner