New updates Everyday

Like Us For Updates

Showing posts with label ලග්න පලාඵල. Show all posts
Showing posts with label ලග්න පලාඵල. Show all posts

2012 වසර ඔබට කොහොමද?

මීන ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

මීන ලග්නය 
මිත්‍රශීලී ගුණවත් මිතුරන් ඇසුට යොමුවේ.  


ගුරු හිමි මීන රාශියෙන් ජන්ම ලාභය ලැබූ ඔබට රැකියාවේ උසස්වීම් සහ යහපත් වෘත්තීමය වෙනස්කම් හා අපේක්ෂිත රැකියා ලැබීම් හා විදේශීය රැකියා ලැබීම් ආදියටද වාසනාව සැනසිලි හා සතුටුදායක තත්වයක් උදාකරනු ඇත. අෂ්ඨම ඒරාෂ්ඨක අපල යෙදී තිබුණ නමුත් උච්ච බලයෙන් යුතු සෙනසුරු ග්‍රහයාට යහපත් ග්‍රහ දෘෂ්ඨි ලබා දෙන ලග්නාධිපති කරදර භාධක අපල අවම කිරීමට උත්සුක වේ. ධනස්ථානයේ බ්‍රහස්පතිගේ පිහිටීම අනුව ආර්ථික කටයුතුවල යහපත් දියුණුවක් පෙන්නුම් කෙරේ. නමුත් මැයි 17න් පසු බ්‍රහස්පති වෘෂභ රාශියට මාරුවීම නිසා සුභඵල ගෙනදීම මදක් මන්දගාමී වේ. එසේම වසර ආරම්භයේ සෙනසුරු අටවැන්නේ ඒරාෂ්ඨක වීම නිසා දියුණුවට බාධා අධික වියදම් දැරීම ව්‍යපාරවල නියුතු වූවන්ගේ මූලික ප්‍රාග්ධනය හීනවීමටද හේතු ඇතිවේ. රැකියා අංශ‍යේ දෝෂාරෝපන චෝදනාවලට ලක්වීම හා අනවශ්‍ය කරදර මතුවීමටද ඉඩ ඇති හෙයින් කල්පනාකාරී විය යුතුය.

උසස් අධ්‍යාපනයේ නියැලෙන්නන් උනන්දුවිය යුතු අතර තරමක අමතකවීම් වැඩකටයුතු අතපසුවිම් ඇති වේ. උසස් අධ්‍යාපනය උදෙසා විදේශ ගමන් යෙදේ. එහි ප්‍රතිඵල සතුටුදායක වේ. සෙනසුරු ඒරාෂ්ඨකයද බ්‍රහස්පති අටවැන්නේ සිටීමද සුභවාදී මෙම කරුණුවලට බාදා ඇති කරන්නනට හේතු වේ.නමුත් ඒවා ඉදිරියේදි යහපත් වෙනස්වීම් රැසකට මුල පුරනු ඇත. මිත්‍රශීලී ගුණවත් මිතුරන් ඇසුට යොමුවේ.

ලග්නාධිපති වූ බ්‍රහස්පති ධනස්ථානයේද සඳු අයස්ථානගතව 11 වැන්නේ එම සඳුගෙන් කේන්ද්‍රස්ථානගතව සිටීමද සිකුරු ක්වෂේත්‍ර  බලයෙන් ගුරුගෙන් දෙවැන්නේ සිටීම අතින් ඉතා යහපති. සෙනසුරු උච්චව 8 වැන්නේ යෙදීම හේතුවෙන් වරින්වර හදිසි ධනයට හිමිකම් කියන මෙම වසර යහපත් ආර්ථික තත්වයකට හේතුවේ. නව ආර්ථික ආදායම්වලටද මංපෙත් විවර වේ. විදේශ සම්බන්ධ ව්‍යාපාර මෙන්ම හවුල් ව්‍යාපාරවලටද හේතුවේ. කෘෂිකාර්මික ගොවීන්ට යහපත් ප්‍රතිඵල ලැබේ. ස්වයං කර්මාන්තවල නියුතු වූවන්ට දියුණුවක් පෙන්නුම් කෙරේ.

දරු සම්පත් අපේක්ෂිත අයගේ පැතුම් ඉටුවේ. බඩේ උස්නාදික කම කුජ ග්‍රහයාගේ  ගමන අනුව පෙන්නුම් කරන අතරම ගබ්සාවීම්ද සිදුවේ. උස්නිධික ආහාරවලින් ප්‍රවේශම් විය යුතුය.  දරුවන්ට ඒරාස්ඨක අපල පවතින බැවින් සියළු අයහපත් බලපෑම්වලින් ආරක්ෂා කර ගත යුතුය.

පවතින පෙම් සබඳතා ශක්තිමත් නොවේ. යුගදිවි ඇරඹුමට මැයි 17න් පසුව යහපති. විවාහක අය ඉතාමත් බුද්ධිමත්ව යුග දිවිය පවත්වාගත යුතුය. විවාහ ස්ථානය වූ 7වැන්න පාපකර්නී විම මීට හේතුවයි. විවාහ කටයුතු ප්‍රමාද වීමටත් බාධා ඇතිවිමටත් එයට හේතුවේ.

ශරීර සෞඛ්‍ය සම්බන්ධව බැලීමේදී උස්නාදික රෝග වකුගඩු මුත්‍ර ආබාධ හදිසි අනතුරු තුවාල ශල්‍යකර්ම ආදිය පෙන්නුම් කෙරේ. ස්නායුගත දුරුවලතා මෙන්ම පාදවල සහ පිට කොන්දේ දුබලතා මතුවේ. ඒරාෂ්ටක දෝෂ පවතින නිසා නිතර අසනීප විය හැකිය. සෙසුරුගේ දහාවක ඔබ සිටින්නේනම් නිතර ආගමික කටයුතුවල යෙදීමද බොධි පූජා තැබීම සෙත් කවි කියවීම තුන් සූත්‍රය උදේ හවස කියවීම සුභදායක වේ.

අය - 05
වැය - 07
ශුභ දින - බ්‍රහස්පතින්දා සහ සඳුදා
ශුභ වර්ණය - ලා රෝස
ශුභ අංකය - 02

මේෂ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

මේෂ ලග්නය
සමාජයේ  සැළකිළි, රැකියාවේ දියුණුව,  භූමි ලාභ   
   

මෙම වර්ෂය උදාවන අවස්ථාවේ මේෂ ලග්නයේ ග්‍රහ පිහිටීම් ගැන සළකා බැලීමේදී යහපත් දියුණුවක්  උදාකරණ වර්ශයක් බව පෙනේ.  ලග්නයේ රවි සහ බ්‍රහස්පති  ග්‍රහයා සංයෝගවී සිටීම  වැදගත්  යෝගයකි. ලග්නයෙන්  පළවන ත්‍රිකෝණය වන සිංහ  රාශියත් දෙවන ත්‍රිකෝනය වන  නවවන ධනු රාශිය අයත් රවි සහ බ්‍රහස්පති ලග්නයේ  සංයෝග වීම  සමාජයේ  සැළකිළි ලබන යහපත් රැකියා ලැබීමේ වාසනා භාග්‍යය  උදා කරයි.

එමෙන්ම රැකියා ස්ථානය වන  දස වැන්නේ සදු ග්‍රහයා  රවිගේ නැකතක  තැන්පත්ව   එම සදුගේද  බ්‍රහස්පති ග්‍රහයා කේන්ද ස්ථාන ගතව  සිටීමෙන් රැකියා කටයුතු වල දියුණුව, උසස් වීම,   යහපත් ස්ථාන  මාරුවීම්, නව රැකියා අපේක්ෂිත ඔබටද මෙම  වසර බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත වසරක්  බැව් පෙනේ. ව්‍යාපාරික කටයුතු වල  නිරත ඔබගේ ආදායම් තත්වය වැඩි දියුණු වේ. හවුල් ව්‍යාපාර කටයුතු වල නියැලෙන ඔබට බුධ ග්‍රහයා බාධක ස්ථානය වන 11 වැන්නේ සිටීම නිසා  ඇතැම් විට විවිධ බාධක ප්‍රශ්න මතු වීමට හේතු වේ.  2012  මැයි  17  සිට බ්‍රහස්පතී ධනස්ථානය වන 2 වැන්නට පැමිනීමෙන් ආදායම් තත්වය තව දුරටත්  සතුටුදායක වේ. වදේශ සමිබන්ධ ව්‍යාපර ඇරඹුමටද යෝග්‍ය වේ.

           පදිංචි නිවාස ස්ථාන  ගැන  බැලීමේදී චන්ද්‍රයා 10 වැන්නේ සිට බලවත්  සිකුරුගේ  දුෂ්ටියට ලක්වීම තුලින් නව නිවාස  අලූතින් සෑදීම හෝ සුන්දර  පරිසර වල පදිංචිය  සිදුවීමද   යහපත්  පදිංචි ස්ථාන මාරුවීම් වලටද මෙම වසර හේතුවේ. භූමි ලාභද  පෙන්වා දෙන  අතර පදිංචි නිවස  අලූත් වැඩියා කටයුතු සිදු කෙරේ.

           අධ්‍යාපනය  ගැන බැලීමේද රවි සහ ලග්නාධි පති පරිවර්ථන යෝගව රවි, ගුරු මනා සම්භන්ධතාවය  තුලින්  අධ්‍යාපන  කටයුතු වල  සාර්ථක ප්‍රතිපල  උදා කරයි. උසස් විභාග  සමත් වේ.  බාරහිර අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක්  පෙන්නුම් කෙරේ.  විදේශ උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙන ඔබට  මෙම වසර විශිෂ්ඨ වේ. නව පාසල්  අපේක‍ෂිත කුඩා දුවා  දරුවන්ට  බාධාවෙන් තොරව  පාසල් පහසුකම්  සැලසේ.

          දරුපල අපේක‍ෂිත  ඇයට  බලාපොරොත්තු  ඉටුවන  මෙම වසරේ රාහු ග්‍රහයා 8 වෙනි භාවයේ පිහිටිම නිසා සුලූ සැත්කම් වලට ලක්වීමට හේතු වේ. විශේෂයෙන්ම  මෙම වසරේ ඇය හෝ ඔබ ගත කරනු ලබන්නේ රාහුගේ මහා දශාවක්  නම් හදිසි අනතුරු  වලින්ද  ප්‍රවේශම් විය යුතුය. ශරීරය උෂ්ණාධික වේ. ගබ්සා  වීම් පෙන්නුම් කෙරේ. තවද මෙම ලග්නයේ  දුවා දරුවන් සිටින ඔබ ඒ  අයගේ  රැකවරනය  සහ සෞඛ්‍යය  ගැනද සැළකිලිමත් විය යුතුය.

        යුග දිවිය ඇරඹුමට  මංගල යෝග උදා කරන ඔබට බ්‍රහස්පතීගේ මහ දශාව ගත කරන්නේනම් වඩාත්ම  උචිත වේ. රාහුගේ දසාවක් පැවතෙන්නේනම් බුද්ධිමත්ව  විවාහ කටයුතු පිළිබදව තීරණ ගත යුතුවේ. ප්‍රමාද වූ මංගල යෝග උදාවේ. එසේම විවාහක ඔබ  තාවකාලිකව දුර බැහැරට වාසයට හේතු වේ. පෙම් සබදතා ඇරඹේ.

       ධනය සහ  මිල මුදල් අතින් සතුටු  විය හැක. ලාබීමේ වාසනා භාග්‍ය බ්‍රහස්පතිගේ  පිහිටීම  තුලින් පෙන්නුම් කෙරේ. විවිධ වු ආදායම් මාර්ග සැකසේ. වසර මැද  භාගයේ මුදල්  ගණු දෙණු  සමිබන්ධව  සැළකිලිමත් වන්න. උත්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා 7 - 8  වැන්නේ පිහිටා සිටින්නේ නම් ඉතාම බුද්ධිමත්ව ඉවසීමෙන්  මෙම වසර ගත කළ යුතුය. පවතින  මහා දශා අතුරු දශා අනුව ශුභ  අශුභ ඵල වෙනස් ව්මි සිදුවේ. ආගමික වතාවන් හි යෙදීම ශුභ දායක වේ.

      ශරීර සෞඛ්‍යය  සමිබන්ධයෙන් බැලීමේදී රාහු  8 වැන්නේ  අගහරු 5 වැන්නේ ස්ථාන ගතවීම බඩේ උෂ්ණගති  අසනීප ගති  ඇති විය හැක. ශරීරය  උෂ්ණාධික වේ. මුත්‍රා,  වකුගඩු, අර්ශස්  රෝග වලින්ද  ඔබ ආරක්ෂාවිය  යුතු  අතර එවැනි  රෝග පැවතෙන  ඔබ  වඩාත් සැලකිලිමත් විය යුතු වකවානුවකි.

අය  - 14, වැය  02
ශුභ  දින  ඉරිදා  සහ අගහරුවාදා
ශුභ වර්ණය -  රන්වන් සහ රතු
ශුභ  අංකය   -01  සහ 09

වෘෂභ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

වෘෂභ ලග්නය
හදිසි  ධන ලාභ, නව රැකියා

මෙම වර්ෂය  උදා වන අවස්ථාවේ ලග්නයට  බලපාන ග්‍රහ තත්වය ගැන බැලීමේදී ලග්නාධිපති සිකුරු ග්‍රහයා ලග්නයේ  ස්වක‍ෂත්‍රව  සදුගෙන් ත්‍රිකෝණ ගතව  මාලවියෝගයකින්  බලවත්වී යහපත උදෙසා  සමාජසේවා පරිත්‍යාගශීලි  කටයුතු  කිරීමට  නිරන්තරයෙන්ම  අවකාශය  සැලසෙන අතර  කාගේත්  සහයෝගය  නොමදව ලැබේ. ලග්නාධිපති  සිකුරු බලවත් වීම ඔබගේ  අනාගත  දියුණුවට  විවිධ පැතිකඩක්  ඔස්සේ  ආදායම් මාර්ග  නිර්මාණය වේ. කලා කටයුතු වල  නියතු  ඔබ මෙම වසරේ සම්මාන  ගරු බුහුමන්  වලට  පාත්‍ර වේ. කලා නිර්මාණ  විදේශීය වශයෙන්ද  එළිදැක් වේ. වාහන යොදවා  කරන ව්‍යාපාර  කටයුතු වල ප්‍රගතිය  පෙන්නුම් කෙරේ.

           ධනස්ථානධිපති  බුධ ග්‍රහයා  අය ස්ථානයේ  ගමන් කිරීම නිසාද  ලග්නයෙන් සහ ලග්නාධිපතිගෙන්ද  බැලීමේදී සතුටු දායක  ආදායම් තත්වය හදිසි  ධන ලාභ, අලූත් රැකියා තත්වයන්  උදා කරයි. නව රැකියා  බලාපොරොත්තු වන ඔබට  එය  සපුරා ගත හැකි වේ. එසේම  විදේශ රැකියා සම්බන්ධයෙන්  හෝ  දුර ප්‍රදේශ වළ  රැකියා පෙන්නුම් කෙරේ. විදේශ සම්බන්ධ  ව්‍යාපාර වලින්  ආදායම් ලැබීමේ වාසනාවද  ඇති කරයි. නව ව්‍යාපාර ආරම්භයට සුදුසු වේ.  රාජ්‍ය අංශයේ නියුතු  ඔබට  උසස් වීම් සිදුවේ.  හවුල් කටයුතු වල  ගටලූ ඇති වේ.

           ස්ථාන  නියෝජනය කරන 4  වැන්නේ  අගහරු පිහිටීම නිසා නව භූමිලාභද පදිංචි ස්ථාන අලූත් වැඩියා  දියුණුව සිදුකෙරේ. ඉඩ කඩම් සමිභන්ධ  ප්‍රශ්ණ  නිරාකරණය වේ. සෙනසුරුගේ මහ දශාවක් ගතකරන්නේනම් යහපත් ලෙස  නව නිවාසයකට  උරුමකම් ගෙන දේ.

          අධ්‍යාපනය ල  ඥාණය නියෝජනය කරන බුධ ග්‍රහයා යහපත් ස්ථානයක පිහිටීම නිසා අධ්‍යාපන කටයුතුවල සාර්ථක බවක්  පෙන්නුම් කරයි. විභාග,   සම්මුඛ පරීක්ෂණ,  කථික  තරග ආදියෙන් ජය ලැබේ. අලූත් පාඨමාලා ආරම්භ කිරීම බාහිරව අධ්‍යාපන  කටයුතු වල නියැලීම,  උසස් අධ්‍යාපනය උදෙසා දේශීය විදේශීය  නව මාවත් විවෘත වේ.

          මෙම ලග්නය  හිමි කුඩා දුවා දරුවන්ට මෙම  වසර  නව පාසැල් ලැබේ. දරුවන්ගේ ක්‍රියාකාරි කටයුතු වල පුහුණුවක්  ඇති කරයි. අධ්‍යාපන කටයුතු යහපත් වේ. වෘෂභ  ලක්නය  හිමි දරුවන්ගේ සෞඛ්‍යය තත්වය ගැන සැළකිලිමත් විය යුතු වේ.  දරු සම්පත්  අපේක‍ෂාවෙන් සිටන  අයට බලාපොරොත්තු    ඉටුවන වසරකි.

            විවාහ  ස්ථානය වන 7 වැන්නේ  රාහු පිහිටීම නිසා විවාහක  අය ඉතා  ඉවසීමෙන්  තීරණගෙන ගෘහ ජීවිතය  ගත කළ  යුතුය. සැක සහිත අවස්ථාවන් උදා වීම නිසා  අසමගික්ම් ඇතිවිය හැක. දුර බැහැර  රැකියාවන්  වල යෙදීම,  පවුල් සංස්ථාවෙන්  දිගුකල් වෙන් වී සිටීමටද  අනපේක්ෂිතව  හේතු යෙදේ. විවාහවීමට බලාපොරොත්තුවෙන්  සිටන අයට මංගල  යෝග  ප්‍රමාදවීම්, පෙම් සබදතා පළුදු වීම ඇති වේ. විවාහකාරක සිකුරුගේ මහ දශාවක්  අතුරු දශාවක්  යහපත් ලෙස ගත කරන්නේනම් විවාහ පැතුම් ඉටුවන නව  පෙම් සබදතා  ගොඩනැගෙන වසරකි. රාහුගේ දශාවක් යහපත් ලෙස  ගත කරන්නේනම් විවාහ පැතුම් ඉටුවන නව පෙම් සබදතා  ගොඩනැගෙන වසරකි. රාහුගේ දශාවක්  ගත කරන්නේ නම් බුද්ධිමත්ව  විවාහ කටයුතු සිදු කරන්න.

             ශරීර  සෞඛ්‍ය  තත්වයට  වසර  උදාවේදී අයහපත්  බලපෑම්,   බඩේ අසනීප,  සෙම් රෝග  පපුව සම්බන්ධ වාත රෝග බලපායි. අධික  රුධිර පිඩනයෙන් පෙළෙන ඔබ විශේෂයෙන්ම කුජ  සිව් වැන්නේ මා නැකතේ තැන්පත් වී ඇරඹුන මේ වසර  අශුභ  ග්‍රහ දසා  පැවැතෙන  ඔබට  අගුණ  තත්වයන් පෙනනුම් කෙරේ. ශරීරය  උෂ්ණාධික වේ. බෝධි පුජා වැනි  ආගමික  වතාවත්  හී  යෙදීම ශුභ දායක වේ.

අය -  08
ශුභ දින  - බදාදා සහ සිකුරාදා
ශුභ වර්ණය - ලා නිල්

මිථුන ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

මිථුන ලග්නය 
රැකියාවේ අනපේක්ෂිත වෙනස්වීම්, අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය 

මෙම වසර උදා‍වෙද්දී ලග්නාධිපති බුධ දස වැන්නේ කේන්ද්‍රස්ධානගතව පිහිටීමෙන් ‍රැකියාවේ අනපේක්ෂිත වෙනස්වීම් සිදුවේ. මෙතෙක් නොලැබූ විවිධ බාධක මධ්‍යයේ පුමාද වූ වෘත්තීය අයතිවාසිකම් ලැබෙන අතර උසස්වීම් සමග ස්ථාන මාරුවීම්ද පෙන්නුම් කෙරේ. ස්වයං රැකියාවේ යෙදුන ඔබට යහපති.නව පැතිකඩයම් ඔස්සේ ආදායම් මාර්ග පෑදේ. හවුල් ව්‍යාපාරයන්ට කාලය එළඹ ඇත. දැනට ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඔබට යහපත් සතුටුදායක ප්‍රථිපල ගෙනදෙන නමුත් වංචනිකයන්ගෙන්, රුවටිලිකාරයන්ගෙන් සහ හොරුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. ගණුදෙනුවලදී තීක්ෂණව ක්‍රියාකල යුතුය. භාග්‍ය ස්ථානයේ අධිපති සෙනසුරු ග්‍රහයා උච්ච වීම උත්සාහයේ ප්‍රතිඵල මත දියුණුවීමට වාසනාව ඇති කරන ශුභ පිහිටීමකි. එහෙත් විවිධාකාර බාධක ඇතිකෙරේ.  ජලයෙන් ප්‍රවේසම් විය යුතුය.


රැකීරක්ෂා නියෝජනය කරන බ්‍රහස්පති ග්‍රහයා රවි සමග 11 වැන්නේ ස්ථානගත විම තුල ආර්ථික වශයෙන් යහපත් තත්වයක් ඇති කරයි. දුර බැහැර ප්‍රදේශවල කටයුතු වලින්ද ලැබීමේ වාසනාව ඇති කරයි. 2012.5.17 සිට බ්‍රහස්පති 12 වැන්නේ ගමන් කරන කාලය තුල හදිසි විදේශ ගමන් යෙදේ. ඉන් ප්‍රයොජන ලැබිය හැකිය. සුළු නීතිමය ගැටලුවලටද මුහුණ පෑමට සිදුවේ. එහෙත් ජයග්‍රහණය සතුය. රහස් සතුරන්ගේ කුමන්ත්‍රණවලින් ප්‍රවේසම් වන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් විය යුතුය.

පදිංචි ස්ථාන ගොඩනැගීම්ද, නව නිවාසවල පංචියද හේතුවෙන් යහපත් තත්වයක් ඇති කරයි. භූමි ලාභ සතුය. නව කටයුතු ඇරඹීමට අගෝස්තු සහ සැප්තැම්බර් මාස යෝග්‍ය වේ. කෘෂිකාර්මික වගා ගොවීන්ට සරු අස්වැන්නක් තුලින් ලාභ ගෙන‍ දේ.

බුධ ගුරු යහපත් ස්ථානවල පිහිටීම නව ග්‍රන්ථ එලි දැක්වීමටද, විවිධ නිර්මාණවල කුසලතා ප්‍රගතියක්ද පෙන්නුම් කෙරේ. උසස් අධ්‍යාපනය උදෙසා සාර්ථක විදේශ ගමන් යෙදේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය මෙන්ම අධ්‍යාත්මික නැඹුරුතාවකටද පත්වේ. විභාග ආදියෙන් සමත් වේ. මෙම ලග්න හිමි කුඩා දරුවන්ට ඉගෙනීම කෙරේ දෙමාපියන්ගේ උනන්දුව පෙරදාට වඩා වැඩි විය යුතු වේ.

විවාහ කටයුතු ගැන බැලීමේදී විවාහ ස්ථානය අයත් බ්‍රහස්පති 11 වැන්නේ පිහිටීම නිසා මංගල යෝග උදා  කරයි. විවාහ ගෘහ ජීවිතය තුල සුහදතාවය වර්ධනය වේ. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. පැවති පෙම් සබඳතා තුල කළකිරෙන ස්වභාවයක් සෙනසුරු ග්‍රහ මාරුවත් සමග ඇති වේ. රාහු ග්‍රහයාගේ මහ දසාවන් මෙම කාලය තුල ආවරණය කිරීම මිථුන ලග්න හිමි ඔබට සිදු වුන හොත් විවාහ ප්‍රමාද, පෙම් සබඳතා බිඳ වැටීම හා යුග දිවිය තුල කළකිරුණ ස්වභාවයක් මතුවේ.

දරුඵල ප්‍රමාද විය හැක. ගර්භනී මාතාවන්ට ආරක්ෂා උදෙසා ආගමික ශාන්ති කටයුතු කිරීම සුභදායක වේ. මිථුන රාශිය හිමි ඔබේ කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් විය යුතුය.

ශරීරය උෂ්ණාධික වේ. අර්ශස්, අධික රුධිර පීඩනය තුලින් අයහපත් සෞඛ්‍යය තත්වයක් මතුවේ. රාහු කේතු පිහිටීම අනුව චන්ද්‍රයාගේ පිහිටීම අනුවත් සෙම් රෝග ඇති විය හැක. පාදවල වේදනා කැක්කුම් දණහිස් ආබාධ තුවාල ඇති වේ. අයහපත් මහ දශාවක් ගත කරන්නේනම් ආගමික වතාවන් හි යෙදීම සුභදායක වේ.

අය - 11
වැය - 08
ශුභ දින - සිකුරාදා සහ බදාදා
ශුභ වර්ණය - කොළ පාට
ශුභ අංකය - 5

කටක ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

කටක ලග්නය
සමාජයේ ගෞරවය හා ප‍්‍රසාදය, ලැබීම අතින් සතුටුදායකයි. 

මෙම අවුරුද්ද උදාවන අවස්ථාවේ ග‍්‍රහ පිහිටීම් ගැන සළකා බැලීමේදී රැකියා ස්ථානය වු දස වැන්නේ භාග්‍යාකාරක වු බ‍්‍රහස්පති ග‍්‍රහයා රජක කාරක වු රවි සමඟ කේන්ද්‍රස්ථාන ගතව සිටීම යහපති. රැකියා අපේක්ෂිත ඔබට බලාපොරොත්තු ඉටුවන අතර රැකියාවේ නියුතු ඔබට මෙතෙක් පැවති බාධක මඟහැරී උසස්වීම් ලබාදේ. රාජ්‍ය සම්මාන ගෞරව, සමාජයේ ප‍්‍රසාදයට ලක්වේ. සමාජසේවා කටයුතුවල නිරන්තරයෙන්ම නියැලේ. දේශපාලන, පරිපාලන, කටයුතු වල යෙදෙන කටක රාශි හිමියන්ට සුවිශේෂී වු වසරක් මෙන්ම ජාත්‍යන්තර තලයට පැමිණිය හැකි මතකයේ නිධන්ගතවන වසරකි.

රැකියා ස්ථානයේ බ‍්‍රහස්පති බලවත් වු රවීත් සමඟ කේන්ද්‍රස්ථාන ගතව සිටීම රැකියා සම්බන්ධයෙන් දියුණුවක් ඇතිකරයි. 2012.05.17 සිට බ‍්‍රහස්පති 11 වැන්නේ ගමන් කරන කාලයේදී රැකියා දියුණුව මෙන්ම ලැබීම අතින් සතුටුදායක වේ. නමුත් බාධක මධ්‍යයේය. මිතුරන්ගේ උපකාර මෙන්ම ලාභ ලැබේ. කුජ හෝ රාහු ග‍්‍රහයාගේ මහ දසාවක් ගත කරන්නේ නම් උසස්වීම් සමග ස්ථාන මාරුවීම්ද සිදුවේ. වෘත්තීය වශයෙන් කෙටි විදේශ ගමන් යෙදේ. සඳු හිමි කටක රාශියෙන් ජන්ම ලාභය ලද වාසනාවන්ත ඔබට භාග්‍යයකාරක බ‍්‍රහස්පති සහ ලග්නාධිපති වු සඳු කේන්ද්‍රස්ථාන ගතවද, රවි කුජ අතර යෙදුන මහ ධන පරිවර්ථන යෝගයද යහපති. ධනය ලැබීම රැුකියා භාග්‍ය පෙර කුසල් ඉස්මතු වේ. තම අරමුණු ඉටු වේ. සතුරන් මර්ධනය වේ. උත්සාහයේ ප‍්‍රතිඵල ගෙනදේ.

අධ්‍යාපනය ගැන බැලීමේදී 5 වැන්නේ රාහු ග‍්‍රහයා සිටීම නිසා බාධක ඇතිවිය හැක. එම නිසා ඉගෙනීමේ කටයුතු සමිබන්ධයෙන් වැඩි උත්සාහයක් දැරීමට සිදුවේ. උසස් අධ්‍යාපනයේ නියුතු වුවන් වඩාත් සැළකිලිමත් විය යුතුය. රාහු ග‍්‍රහයා වසර උදාවේ විඳි ස්ථානයවූ 5 වැන්නේ සිටීම තුලින් හිතුවක්කාර ස්වභාවය මෙන්ම අධ්‍යාපනයේ උදාසීන ප‍්‍රතිථල ගෙන දේ . මැයි මස අග දක්වා මෙම තත්වය පවතී. බුධ ගුරු දෙදෙනාගේ පිහිටීම අනුව විදේශ උසස් අධ්‍යාපනයට යොමු වේ. වසර මැද භාගයේ එය සාර්ථක වේ. බාහිර අධ්‍යාපන කටයුතු වල නිරතවේ. නව ග‍්‍රන්ථල නිබන්ධන එලිදැක්වීමට යෝග්‍යවේ.

ආර්ථික වශයෙන් මෙම වසරේ යහපත් පරිවර්ථන කිහිපයක් සුදුවේ. මුදල් ලැබීමේ වාසනාව භාග්‍යය පෙන්නුම් කෙරේ. ධනස්ථානයේ අධිපති වූ රවි උච්චව 5 - 9 යන ත‍්‍රිකෝණ දෙක අධිපති කුජ - ගුරු දෙදෙනාගේ දුෂ්ටි දායකත්වය සහ පරිවර්ථනයත් ලක්නාධිපති වූ සඳුගෙන් බ‍්‍රහස්පති කේන්ද්‍රස්ථාන ගතව වීම තුලින් ධනය ලැබීමේ භාග්‍යය පෙන්නුම් කෙරේ. ව්‍යයාපාරයන්ගේ දියුණුවක් ගෙන දේ. නව ව්‍යාපාර ආරම්භයට සුදුසුය. හවුල් ව්‍යාපාරික ඔබ සැලකිලිමත් විය යුතුය. අය ස්ථානයේ ශුක‍්‍ර ස්වක්‍ෂත‍්‍ර වුවත් මහා බාධක ග‍්‍රහයා බවට පත් වී ඇති හෙයින් බුද්ධිමත්ව ඉවසීමෙන් ක‍්‍රියා කළ යුතුය. පාඩු ලැබු ව්‍යාපාරය හිමි අයට මැයි මාසයෙන් පසු සතුටුදායක ආර්ථික තත්වයක් උදාවේ.

පදිංචි ස්ථාන අලූත් වැඩියා කටයුතු ල නව නිවාස, ගොඩනැගිලි ඉදිකිරීම් වලට යෝග්‍යය වේ. දේපල භූමි ලාභ මෙන්ම ඥාතින් අතර ප‍්‍රශ්ණ ඇති වේ. පදිංචි ස්ථාන මාරු අනපේක්ෂිතව සිදු වේ. විශේෂයෙන්ම ආගමික වතාවත් සහ දුර බැහැර ගමන් යෙදේ. විවාහ ස්ථානය අධිපති වූ සෙනසුරු ග‍්‍රහයා උච්චව කේස්ද්‍රස්ථාන ගතව බලවත් වී පිහිටීමත් නිසා විවාහ කටයුතු සම්බන්ධයෙන් අවිවාහක ඔබට මෙම වසරේ යහපත් අතර මංගල යෝග උදාකරයි. නව පෙම්සබදථා ගොඩනැගේ. ගෘහ කටයුතු සාර්ථක වේ.

දරුවන් සම්බන්ධ නියෝජනය කරන පස්වැන්නේ රාහු ස්ථානගතවීම නිසා දරුපල ප‍්‍රමාදවීම්ල ගබ්සා වීම් සිදුවේ. ගර්භනී මාතාවන් වඩාත් සුරක්ෂිත විය යුතු කාල පරිචේදයකි. කුඩා දුවා දරුවන් ගැන සැලකිලිමත් විය යුතුය. ශරීර සෞඛ්‍ය සමිබන්ධයෙන් බැලීමේදී සෙම්රෝග, බෙල්ලෙ අමාරු, උදරාබාධා ගති ඇතිවිය හැක. අශුභ දශාතත්වයක් පවතින අයට ශූභ ප‍්‍රතිපල අඩු වන අතර ආගමික වතාවන්හි යෙදීම සුභදායක වේ.

අය - 08
වැය -05
ශූභ දින - අගහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා
ශූභ වර්ණය - කහ සහ සුදු
ශුභ අංක - 01, 07

2012 වසර ඔබට කොහොමද?

සිංහ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

සිංහ ලග්නය
බුද්ධිමත්ව, වේගවත්ව හා ක්‍රියාකාරීව කටයුතු කරයි.

රවි හිමි සිංහ රාශියෙන් ජන්මය ලද ඔබට වර්ෂය ආරම්භ වන අවස්ථාවේ රවි බලවත්ව භාග්‍යස්ථානය වන නව වැන්නේ බ්‍රහස්පති සමග ත්‍රිකෝණගතව සිටීමෙන් සැළකිය යුතු දියුණුවක් ලැබේ. වාසනාව උදාවේ. තරමක් ආවේගශීලී වුවත් අන්‍යයන් ඔබේ බසට අවනත වන අතර යහපත් සමාජ සබඳතා ගොඩ නැගේ. පිටස්තර අයගේ උදව් උපකාර ලැබේ. බුද්ධිමත්ව, වේගවත්ව හා ක්‍රියාකාරීව කටයුතු කරන ඔබ මෙම වසරේ මිතුරු වෙසින් එන සතුරන්ව හඳුනාගෙන ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන් විය හැකි බොහෝ කරදර විපත්වලින් මිදී සැනසිල්ල උදාකරගැනීමට හැකිවනු ඇත. මැයි මාසයේ සිට අගෝස්තු අවසානය දක්වා නිෂ්ඵල ගමන් යෙදෙන අතර දුර බැහැර වන්දනා ගමන්ද අනපේක්ෂිතව යෙදේ. ප්‍රිය සම්භාෂන හා උත්සව වලට සහභාගි වීමේ අවස්ථාව උදා වේ. ලග්නයේ කුජගේ පිහිටීම තුලින් උද්යෝගමත්ව කටයුතු කරන ඔබට සාර්ථක ප්‍රතිඵල අනිවාර්ය වේ. ක්ෂණික තීරණ ගැනීම තුල ගැටලු නිර්මාණය වේ.

රැකියා කටයුතු සම්බන්ධයෙන් බැලීමේදී එම ස්ථානය නියෝජනය කරන සිකුරු බලවත්ව සිටීමත් ලග්නාධිපති රවි සමග ගුරු වන වැන්නේ යෙදීමෙන් දියුණු තත්වයක් පෙන්නුම් කරයි. විදේශ රටවල රැකියා ලැබීමේ භාග්‍යක්ද ඇත. දුර ප්‍රදේශවල රැකියා ස්ථාන මාරුවීම්වලටද හේතු වේ. හවුල් ව්‍යාපාරවල යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් කෙරේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට ජුනි මාසයෙන් පසුව සුදුසුය. නව රැකියා සහ උසස්වීම් අපේක්ෂිත අයගේ අරමුණු ඉටුවේ. දිගු කලක් පැවති රැකියාවේ සහනකාරී බව ක්‍රමයෙන් පහව යයි.

උසස් අධාපනයේ නියැලෙන සිසුන් තුල හදිසි ආවේගශීලී ස්වභාවයක් ඉස්මතු වේ. බාහිර විභාග කටයුතුවල නියැලෙන ඔබට සතුටුදායක ප්‍රතිඵල උදාවේ. අධ්‍යාපනය නියෝජනය කරන බ්‍රහස්පති බලවත්වී නව වැන්නේ සිටීම ඉගෙනීම සම්බන්ධව උද්යෝගය ඇතිවන අතර සාර්ථක ප්‍රතිඵල අත් කර ගනී. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගමන් යෙදේ. කුඩා දරුවන්ගේ පාසල් අවශ්‍යතාවයන් පහසුවෙන් ල‍ැබෙන වසරකි. විවිධ පැතිකඩයන් ආවරණය වන පරිදි නව පාඨමාලා ආරම්භ කෙරේ. ගුරු බුධ ග්‍රහයන්ගේ පිහිටීම තුල අධ්‍යාපනයේ නව ඉසව් යන මේ වසර අධාපනික වහයෙන් ඔබට තීරණාත්මක වේ.

විවාහස්ථානයේ අධිපති සෙනසුරු උච්චව සිටීම මෙන්ම විවාහකාරක සිකුරු ස්වක්ෂේත්‍රව යෙදී උදා වූ වසර විවාහ යෝජනා සම්බන්ධයෙන් සුභවාදී වෙයි. යුගදිවි ඇරබුමට කාලයයි. යහපත් පෙම් සබඳතා ගොඩ නැගේ. එසේම විවාහක අයගේ පවුල් ජීවිත තුල යහපත් ලෙස ගොඩනැගෙන සමගිය පවුලේ දියුණුව කරා ගෙන යා හැකි වේ. උප්පත්ති කේන්ද්‍රයේ සඳු තුන් වැන්නේ පිහිටා ඇත්නම් විවාහ කටයුතු මෙන්ම සියල්ල පිළිබඳව ඉතාම බුද්ධිමත්ව සිතා බලා තීරනගෙන ක්‍රයාත්මක විය යුතු වසරකි.

දරුඵල අපේක්ෂිත අයගේ පැතුම් ඉටුවේ. දරුවන්ගේ දියුණුව ඇතිකරයි. පදිංචි ස්ථාන නවීකරණය කරයි. පදිංචි ස්ථානවල දෝෂ ඇති කර ගැනීමට ඉඩ කඩද ඇත. නෑදෑයන් සමග දේපල ප්‍රශ්නද ඇති කර ගැනීමේ ඉඩක් පවතී. නව නිවාස ඉදිකිරීම් වලටද මෙම වසර ශුබයි. නමුත් මැයි මාසය පසුවිය යුතුය. රාහු මහ දශාවක් ගත කරන්නේ නම් පදිංචි ස්ථාන මාරුවේ. එය යහපත උදෙසා පරිවර්තනය කර ගනී.

දෙමාපියන්ට අසනීප කරදර හා වෙනත් ප්‍රශ්න ඇති කිරීමට හේතු වේ. ජන්ම හිමි සඳු තුන් වැන්නේ පිහිටා තිබුණෙනම් සියල්ල පිළිබඳව උනන්දු විය යුතුය. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලීමේදී සෙම් රෝග නිතරම ඇතිවේ. හිසේ අසනීප ගති ඇති කරයි. සෙම නිසා පපුවේ අමාරු, රුධිර පීඩන හා හිසේ අසනීප ගති ඇි විය හැක.

අය - 11
වැය - 02
ශුභ දින - ඉරිදා
ශුභ වර්ණය - රන්වන්
ශුභ අංකය - 01 - 09

කන්‍යා ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

කන්‍යා ලග්නය
බාධක මධ්‍යයේ සිය කටයුතු සිදු කෙරේ


බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපත ලද ඔබට මෙම වසර ආරම්භයේදී ලග්නාධිපති වූ බුධ ග්‍රහයා බාධක ස්ථානයේ පිහිටීමද බාධක ග්‍රහයා බාධක ස්ථානයේ පිහිටීමද බාධක ග්‍රහයා වූ බ්‍රහස්පති අට වැන්නේ යෙදීමද නිසා විවිධ බාධක මධ්‍යයේ සිය කටයුතු සිදු කෙරේ. තවද ලග්න ඒරාෂ්ඨකය පූර්ණව අවසාන නොවී ආපසු ගමනින් සෙනසුරු ග්‍රහයා මැයි මාසයේ ලග්නයට නැවත පැමිණීමද අයහපත් වේ. විෂේශයෙන්ම සනි මහ දසාවක් ගත කරන්නේ නම් බුද්ධිමත්ව ඉවසීමෙන් ආගමික කටයුතුවල නිරතව මෙම වසර ගත කල යුතුය. සිකුරු යහපත් ලෙස ක්ව‍ක්ෂේත්‍ර බයයෙන් යුතුව භාග්‍යස්ථානය වූ නව වැන්නේ පිහිටීමෙන් මද සැනසිල්ලක් උදාවේ. උත්සාහයෙන් ධෛර්ය සම්පන්නව කටයුතු කරන ඔබට වසර අග භාගයේදී සුභවාදි පරිවර්තන සිදුවේ. 2012 මැයි 17 සිට 9 වැන්නේ ගමන් කරන බැවින් පැවතුන භාධක ක්‍රමයෙන් පහව ගොස් වඩා සතුටුදායක වටපිටාවක් නිර්මාණය වේ. සිකුරු දශා ගත කරන්නේනම් සෞභාග්‍යය ප්‍රතිඵල හිමි වෙයි.

වර්ෂය ආරම්භයේ පැවතෙන ග්‍රහ තත්වය අනුව රැකියා කටයුතුවල දියුණුව තරමක් අඩු වුවත් ජුනි 14 සිට බුධ බලවත් වීම, බ්‍රහස්පති 9 වැන්නේ ගමන් කිරීම රැකියාවේ සතුටුදායක දියුණුවක් ඇති කරන්නකි. බලාපොරොත්තු වු උසස්වීම් ලබා දෙයි. රැකියා අපේක්ෂිත අයට නව රැකියා ලැබේ. එසේම දුර බැහැර මාරුවීම්ද සිදු කෙරේ. අධික වියදම් දැරීමටද සිදු වේ. ප්‍රාග්ධනය වැය කිරීමේදී සැළකිලිමත් විය යුතුය. විදේශ සම්බන්ධ ව්‍යාපාරික මෙන්ම හවුල් ව්‍යාපාර ආරම්භ කරීමට යෝග්‍ය වේ. වාහන, ඉඩම්, නව නිවාස මිලදී ගැනීමට වසරේ මැද කාර්තුවේ යෝග යෙදේ.

උසස් අධ්‍යාපනය උදෙසා විදේශ ගමන් යෙදේ. බාහිර අධ්‍යාපන කටයුතුවල නියැලේ. එහි ප්‍රතිඵල සතුටුදායක වේ. විවිධ විෂයන් අධ්‍යනය කිරීමට නිරායාශයෙන් යොමු වේ. නව නිබන්ධන ග්‍රන්ථ එලි දැක්වේ. පුවත්පත් වේදීන්ට, නාට්‍ය කලාවන්හි නිරත වන්නන්ට මෙම වසරේ ප්‍රගතියක් පෙන්නුම් කෙරේ. කුඩා දරුවන්ගේ ඉගෙනීම සමබන්ධයෙන් සැළකිලිමත් වන්න.

නිවාස ස්ථාන සම්බන්ධව බැලීමේදී බ්‍රහස්පති 8 වැන්නේ සිටින කාලය තුලදී පදිංචි ස්ථාන මාරුවීම් අළුත්වැඩියා කටයුතු නව නිවාස ඉදි කිරීම් කෙරෙහි වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. ගුණවත් බලවත් ණැනවත් දරුවන් ලොවට දායාද කිරීමේ වාසනාව ඇත. දරු සම්පත් හිමි වේ. සහෝදරි හා නෑදෑයන් අතර සිත්තැවුල් මත ‍‍බේද හටගැනේ. ලග්නය දෙපස ශනි කුජ ග්‍රහයන් දෙදෙනාගේ පිහිටීම තුලින් ලග්නය පාපකීර්ති වීම අනවශ්‍ය කරදර ගැටලු නීතිමය ප්‍රශ්න සතුරු කරදර යනාදී අයහපත් බලපෑම් ඇතිවේ. මේ කාලය තුලදී බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කරන්න.

යුගදිවි ඇරඹුමට මැයි මාසයෙන් පසු ශුභ වේ. නව පෙම්සබඳතා ගොඩ නැගේ. ප්‍රමාද වූ මංගල උත්සව වසර අවසානයේදී සිදු කෙරේ. ඔබට සුදුසු මංගල වාසනාවන්ත මංගල යෝග උදාකෙරේ. රාහු ග්‍රහයාගේ හෝ සෙනසුරු ග්‍රහයාගේ මහ දශාවක් ගත කරයිනම් ගෘහ ජීවිතයේ ගැටලු මතු කෙරේ. විවාහකයන් ඉවසීමෙන් කාලය ගත කල යුතුය.

ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලීමේදී සෙම් රෝග උගුරේ ආබාධ හිසේ තදබල වේදනා ඇතිවේ. කල් පවතින අසනීප ගති මතුවිමට ඉඩ ඇත. ආහාර පැවතුම් කෙරෙහි වැඩි සැළකිල්ලක් දැක්විය යුතු කාලයකි. නිතර ආගමික වතාවත්වල යෙදීම යහපත පිණිස හේතුවේ.

විශේෂයෙන් සැළකිය යුතු දෙයක් ඇත. එනම් අෂ්ඨමාධිපති වූ කුජ ග්‍රහයා ත්‍රකෝණස්ථානයක් වූ 12 වැන්නේ සිටින අතර ලග්නාධිපති වූ බුධ ග්‍රහයා බාධකස්ථානයේද මාරකස්ථානගතව සිටීමද ලග්න ඒරාෂ්ඨක අවසාන භාගය ගතවීමද අයහපත් වේ. මෙම තත්වය වර්ධනය වීම හෝ මර්ධනය වීම පුද්ගලිකව ඔබේ ග්‍රහ තත්වය මත රඳා පවතී.

අය - 14
වැය - 08
ශුභ දින - බදාදා සහ සිකුරාදා
ශුභ වර්ණය - ලා කොළ
ශුභ අංකය - 05

තුලා ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

තුලා ලග්නය
සාර්ථක ප්‍රතිඵල උදාකෙරෙන යහපත් වර්ෂයක්


සිකුරු හිමි තුලා ලග්නයෙන් උපන් ඔබ උත්සාහයෙන් කරන කටයුතුවල දියුණුව ප්‍රථිලාභය මෙන්ම සාර්ථක ප්‍රතිඵල උදාකෙරෙන මෙම වර්ෂය යහපත්ය. සුබසාධන සමාජසේවා පරිපාලන කටයුතු සාර්ථක ‍වේ. දේශපාලනයේ නියැලෙන්නේනම් එතුල ශක්තිමත් ප්‍රබෝධයක් ගෙන දේ. නව ව්‍යාපාර ආරම්භ කෙරේ. ඔබට ලාභදායක මෙන්ම සතුටුදායක ප්‍රතිඵල හිමිවේ. හවුල් ව්‍යාපාර මෙන්ම විදේශ සම්බන්ධ ආනයන අපනයන ආරම්භයට මෙම වසර ඉතාම යහපත් වේ. සෙනසුරු ග්‍රහයා ලග්නයේ බලවත්ව සස නම් මහා පුරුෂ යෝගය උදාවීම හේතුවෙන්  උද්යෝගමත්ව කටයුතු කර දියුණුව උදාකර ගැනීමේ හැකියාව මෙන්ම පරිපාලනය කිරීමේ හැකියාව පෙන්නුම් කෙරේ. ලග්නයට යෝගකාරක වූ සෙනසුරු බලවත් වීම ආර්ථික වහයෙන් උසස් තත්වයක් ඇතිකර ගැනීමේ හැකියාව වසරේ පවතින ග්‍රහ තත්වය අනුව සැළකිය යුතු දියුණුවක් ලැබීමේ වාසනාව පෙන්නුම් කරයි. දීර්ඝ සාර්ථක විදේශ ගමන් මෙන්ම දුර බැහැර වන්දනා ගමන්ද යෙදේ. සතුරු කරදර හා නීතිමය කරදර ක්‍රමයෙන් පහව යයි.

රැකියා කටයුතු සම්බන්ධයෙන් බැලීමේදී දසවැන්නාධිපති චන්ද්‍රයා වර්ෂය ආරම්භයේ කේන්ද්‍රස්ථානයක සි‍ටීමත් බ්‍රහස්පති යහපත් තැනක සිටීමත් නිසා වෘත්තිමය කටයුතුවල දියුණුවක් ඇති කරයි. අමතර ආදායම්වල හා ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් ඇති කර ගනී. රාහුගේ පිහිටීම අනුව අධික වියදම් දැරීමේ වැඩකටයුතු යෙදේ. වෙනදාට වඩා අවිවේකී බවක් ඉස්මතු වේ.

ගේ දොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් නියෝජනය කරන සෙනසුරු මෙම වර්ෂය ආරම්භයේදී බලවත්වී පිහිටීම නිසා එම කටයුතු සම්බන්ධව වැඩි දියුණුවක් අත්කර ගනී. නව නිවාස සෑදීම අලුත් නිවාසවල පදිංචි වීම නිවාස අලුත්වැඩියා කිරීම ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම වගකීම්ද බහුල වේ.

අධ්‍යාපන කටයුතු කෙරේ බැලීමේදී උසස් අධ්‍යාපන ප්‍රථිපල සතුටුදායක වේ. ස්වකීය විරළ නිර්මාණ එලිදැක්වීමක් විවිධ විශයන් හැදෑරීමටද උසස් අධ්‍යාපනය උදෙසා සාර්ථක විදේශ ගමන්ද යෙදේ. කුඩා දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සඳහා උනන්දුවිමෙන් සාර්ථක ප්‍රථිපල ගෙනදේ. විද්‍යාස්ථානය නියෝජනය කරන සෙනසුරු බලවත් වීම හේතුවෙන්ද බුද්ධිකාරක බුධ ග්‍රහයා ත්‍රිකෝණගතවද බුහස්පති කේන්ද්‍රස්ථානගතව ලග්නය දැකීම ණැන ගුණ පෝෂණය කර අධ්‍යාපන කටයුතුවල සාර්ථක බවක් ඇති කරයි. බාහිර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමටද අදහස් කෙරේ. දරුවන් සම්බන්ධයෙන් සැළකීමේදී පස්වැන්නාධිපති උච්ච රාශි ගත වීමද බ්‍රහස්පති ග්‍රහයා ශුභ ස්ථානයක සිටීමත් දරුඵල අතින් යහපත් තත්වයක් ඇතිකරයි. දරුවන්ගේ වැඩි දියුණුව පෙන්නුම් කරන අතර දරු සම්පත් බලාපොරොත්තු වන අයට සිතුම් පැතුම් ඉටුකර ගැනීමේ වාසනාව හිමිවේ.

ලග්නාධිපති වූ සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව පිහිටා උදාවූ මෙම වසරේ විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ විවාහය පහසුවෙන් සිදුවේ. නැවුම් පෙම් සබඳතා ගොඩ නැගේ. යහපත් මිතුදම් වර්ධනය වේ. ගෘහ ජීවිතය සාමකාමීව සාර්ථකව ගත කෙරේ. විවාහක අයගේ පවුල්වල සුලු යම් මතබේද ඇති වුවත් එය ශුභවාදී වේ. පවුල් සංස්ථාව තුල ප්‍රගතිය උදෙසා එය පරිවර්ථනය වනු ඇත.

ශාරීරික සෞඛ්‍ය ගැන බැලීමේදී සෙම් රෝග ඉක්මනින් ඇති විය හැකි අතර හිසේ අසනීප ගති උගුරේ බෙල්ලේ අසනීප පිත් අමාරු බහුල වේ. සෙනසුරු ග්‍රහයා ලග්නයේ ගමන් කිරීම තුලින් ඒරාෂ්ඨක යෝග යෙදුන නමුත් බලවත් වීම නිසාත් මෙම රාශියට වැඩි අශුභපල ඇති නොකරයි. ආගමික වතාවත් කිරීම යහපත්ය.

අය - 08
වැය - 11
ශුභ දින - බදාදා සහ සිකුරාදා
ශුභ වර්ණය - ලා කහ
ශුභ අංකය - 07

වෘෂ්චික ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

වෘශ්චික ලග්නය
උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් ක්‍රියා කල යුතුය.


වෘශ්චික ලග්නය හිමි ඔබට නව වසර ආරම්භයේදී රාහු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වී සිටීම සෙනසුරු 12 වැන්නේ වක්‍ර ගමනක යෙදී  ඒරාෂ්ඨක අපල පැවතීමද ව්‍යාකූල වේගවත් ස්වභාවක් තුලින් උදාවන මෙම වසරේ ලග්නාධිපති කුජ ග්‍රහයා දසවැන්නේ දිග්බලව පිහිටීම තුලින් උත්සාහයෙන් මෙන්ම දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කල යුතුය. වසරේ මුල් භාගයේ මානසික චිත්ත පීඩා ඇති කරයි. හදිසි තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුය. අපවාද දෝශාරෝපන අස්ථාන චෝදනාවලට ලක්විය හැකිය. වැය කරන කාලයෙන් ශ්‍රමයෙන් ආර්ථිකයෙන් බුද්ධියෙන් නියම ප්‍රතිලාබ ප්‍රයෝජන විපුල ඵල උදාකෙරේ. හදිසි තීරණ ගෙන වැඩ කටයුතු කිරීමෙන් ව්‍යාකූල ස්වභාවය මතුවේ. වෙනදාට වඩා ක්ෂ්ණිකව කිපෙන වේගවත් ස්වභාවයක් පෙන්නුම් කෙරේ. බලාපොරොත්තු රහිත දුර බැහැර වන්දනා ගමන් යෙදේ. විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටි අයට එය අනපේක්ෂිතව ඉටුවේ. කෙටි විදේශ ගමන් බහුල වේ. බ්‍රහස්පති ග්‍රහයා වර්ෂය ආරම්භයේදී අශුභ ස්ථාන ගත වීම නිසා රහස් සතුරන් ඇතිවේ. අනවශ්‍ය වියදම් දැරීමට සිදුවන අතර සොර සතුරන්ගෙන් ධන හානි සිදුවේ.

රැකීරක්ෂා ගැන බැලීමේදී උසස් වීම් ලැබීමට බාධක මතුවේ. බලාපොරොත්තු රහිත ස්ථාන මාරු යෙදේ. රැකියා ස්ථානයේ රහස් සතුරන් ඇතිවේ. නමුත් සියල්ල මැඩගෙන ඉදිරියට යාමට මැයි 17න් පසුව හැකිවේ. ස්වාධීන ව්‍යාපාරවල නියුතු අයට උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. හවුල් ව්‍යාපාර ඇරඹීමට යහපත්ය. විදේශ සම්බන්ධ ආනයන අපනයන කටයුතුවලට සුදුසුය. ඇවිදිලි අධික මෙන්ම  කෘෂිකාර්මික වගාවන්ට වඩා වෙහෙසිය යුතුය. අමතර ආදායම් මාර්ග පෑදේ. මූලික ප්‍රාග්ධනය යෙදෙවීමේදී වඩාත් කල්පනානාරී වියයුතු වසරකි.

පදිංචි ස්ථාන මාරුවීම් නව නිවාස ඉදි කිරීම් නිවාස මිලදී ගැනීම් යනාදියට යහපත්ය. පදිචි ගෘහයේ නිර්මාණශීලී ප්‍රථිසංස්කරණවලටද සිත ඇදී යනු ඇත. මුදල් අධික ලෙස වැයවෙන විවිධ ක්‍රියාවන්වල ලෙදෙන ඔබට කාර්ය බහුල වසරක් වේ. ගේදොර ඉඩකඩම් දේපළ පිලිබඳ අර්බුද හා නීතිමය ගැටළු නිර්මාණයටද ඉඩ ඇති වසරකි. විශේෂයෙන් රාහු සෙනසුරු දසා ගත කරන්නේනම් ඒ පිලිබඳව වඩාත් සැළකිය යුතුවේ.

උසස් අධ්‍යාබනය උදසා විදේශ ගමන් යෙදෙන වසරකි. බාහිර අධ්‍යාපන කටයුතුවල නායැලේ. ග්‍රන්ථකරණයේ නව නිර්මාණ බිහි කිරීමට බුධ සහ ලග්නාධිපති වූ කුජද බ්‍රහස්පතිගේ පිහිටීමද ඊට හේතුවේ. උසස් අධ්‍යාපයේ යෙදෙන ඔබ ඉවසීමෙන් ඊට යෙදාය යුතු අතර දුරදිග නොබලා කරන කටයුතු ඔබට අවාසි සහගතද වේ.

දරු සම්පත් බලාපොරොත්තු වන අයට මැයි 17 දක්වා කාලය තරමක් අයහපත් වන අතර ගබ්සාවීම් හෝ ගර්භාෂිත රෝගාබාධ ඇතිවිය හැකි කාලයකි. පුත්‍රකාරක බ්‍රහස්පති මැයි 17 දක්වා 6 වැන්නේ අසුභ ස්ථන ගතවීම මීට හේතුව වන අතර මැයි 17න් පසු 7 වැන්නට පැමිණීමෙන් පසු යහපත් ඵල ගෙනදේ. ඉන්පසු දරුවන්ගේ කටයුතුවල දියුණුවද අපේක්ෂා කල හැකිය.

පවතින මිතුරුදම් යහපත්ව පවත්වා ගෙන යා හැකි අතර නව පෙම් සබඳතා ගොඩනැගේ. සිකුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරන්නේ නම් විවාහ අපේක්ෂක අයට වසර මැද විවාහය සිදුවේ. විවාහ ස්ථානයේ ස්වක්ෂේත්‍රවන සිකුරු එසේ විවාහයට මංගල යෝග උදාකරනු ඇත. විනෝදයට කලාවට යොමු වේ.

පාදවල හා හිසේ අසනීප වකුගඩු හා මුත්‍ර දෝග ස්නායු සම්බන්ධයෙන් රෝග ඇතිවීමට ඉඩ ඇත. උෂානික රෝග මෙන්ම විෂ සහිත රෝග ශරීරයේ නිදන්ගත වීමටද ඉඩ ඇති වසරකි.

අය - 14
වැය - 02
ශුභ දින - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා
ශුභ වර්ණය - ලා රතු සහ කහ
ශුභ අංකය - 09 - 01

2012 වසර ඔබට කොහොමද?

ධනු ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

ධනු ලග්නය
උසස් අධ්‍යාපන වරප්‍රසාද හා යහපත් තත්වයක්


නව වර්ෂය උදාවෙද්දී ලග්න හා ත්‍රිකෝණ අදිපති වූ රවි කුජ ග්‍රහ පරිවර්ථන යෝගද ලග්නාධිපති එම යෝගයට සම්බන්ධවීමද බාධක කරදර සතුරු බලපෑම් මැඩ සියළු අයහපත් අභියෝග අභිබවා දියුණුව සම්බන්ධ වි‍‍ශේෂ පියවර කිහිපයක් ගැනීමට උත්සුක වේ. ජීවිතයේ දියුණුව සම්බන්ධයෙන් වඩාත් ගුණදායකය. ලග්නාධිපති බ්‍රහස්පති මැයි 17 දක්වා පස්වැන්නේ ගමන් කර ලග්නයට සුභදෘෂ්ඨි ලබා දීම යහපත්ය. ජය ලැබේ. බලාපොරොත්තු ඉටුවේ. අළුතින් ආරම්භ කරන කටයුතුවල දියුණුවටද හේතු වේ. රැකියා කටයුතු දියුණු වේ. ජුනි මාසයෙන් පසු එතෙක් පැවති ණය තුරුස් පියවා ගනී.

රැකියා සම්බන්ධව ඇති බාධක ත්‍රමයෙන් බැහැර ගොස් උසස් වීම් සමග යහපත් ස්ථාන මාරුවීම් සිදුවේ. ව්‍යාපාරික වශයෙන් ප්‍රාග්ධනය ආයෝජනය බුද්ධීමත්ව කල යුතුය. හවුල් ව්‍යාපාර ආරම්භය සුදුසු වුවත් අතරමැදියන් සමග විශ්වාසය පළුදු විය හැක. ඉඩම් අලෙවිකරුවනට යහපති. සංචාරක ව්‍යාපාරිකයන්ට අනපේක්ෂිත පාඩු ඇතිවේ. මෙම ලග්නයේ ග්‍රහ පිහිටීම අනුව දුර බැහැර විදේශ ගමන් අනපේක්ෂිතව යෙදේ.

ගේ දොර කටයුතු සාමාන්‍ය තත්වයෙන් පවතී. පදිංචි ස්ථානවල වෙනස්කම් සිදු වේ. ප්‍රාග්ධනය ආයෝජනය කර ඉඩම් කඩම් ගැනීම සුදුසු වේ. ඉඩම් දේපල මිලදී ගැනීමේදී නීතිමය ප්‍රශ්න කෙරෙහි වඩාත් අවධානයෙන් කල යුතුවේ.

අධ්‍යාපන කටයුතු මැයි 17 තෙක් යහපත් වන අතර ඉන්පසු බුහස්පති අශුභ ස්ථාන ගතවීම සුභ ඵල අඩු කිරීමට හේතුවේ. එබැවින් ඉගෙනීම සඳහා වැඩි උනන්දුවක් දැරිය යුතුය. උසස් අධ්‍යාපන වරප්‍රසාද තත්වයෙන් වාසි සහගත වන අතර ශිෂ්‍යත්ව සඳහා යහපත් තත්වයක් පෙනේ. එසේම මැයි 17න් පස් බ්‍රහස්පති හය වැන්නේ කේතු සමග සංයෝග විමේ හේතුව මත බුද්ධිය මෙහෙයවා කරන ශ්‍රාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රථිපල උදාවේ.

දරුවන්ගේ කටයුතු දියුණුවන අතර එහි විශේෂ අවස්ථාවන්ද දකින්නට අසන්නට ගැබෙන යහපත් කාපයක් ‍වේ. දරුවන්ගේ කටයුතුවල මන්දගාමී තත්වයක් පෙන්වන බැවින් හැසිරීම් පාලනය ඉතා ප්‍රවේශමෙන් කල යුතුය. දරු සම්පත් බලාපොරොත්තු විවාහකයන්ගේ  පැතුම් ඉටුවේ.

වසර ආරම්භයේදී සිකුරු පාප ග්‍රහයන් සමග සම්බන්ධ වීම නිසා විවාහ කටයුතු සම්බන්ධව බාධාවන් ඇති වේ. මෙය පෙම් සබඳතා දෙදරා යෑමටත් යුග දිවි ගත කරන්නන් අතර යම් මතභේද ඇති කිරිමටද හේතුවේ. එහෙත් ජුනි මාසයෙන් පසු තත්වය සමනය වේ. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග උදා කරන්නටත් යහපත් විවාහයන් ගිවිස ගැනීමටත් සුදුසු වේ. විශේෂයෙන්ම ශනි රාහු දසා අතුරු දශා ගත කරන්නන් විවාහ වීම හෝ විවාහ ජීවිතේ තීරණ ගැනීම කල්පනාවෙන් කල යුතුය.

ශරීර සෞඛ්‍ය තත්වය බැලීමේදී සෙම් රෝග බඩේ අසනීප ගති නිතර හට ගනී. ආහාර විෂ වීම හේතුවේන් බඩේ අජීර්ණ හට ගැනේ. අදිර රුධිර පීඩනයෙන් පෙලේ. ගර්භනී මාතාවන් ප්‍රවේසම් විය යුතුය. ග්‍රහ අගුණ පවතින කාලයන්හි නිතර ආගමික වතාවන්හි යෙදීම ශුභදායක වේ.

අය - 11
වැය - 08
ශුභ දින - බ්‍රහස්පතින්දා සහ ඉරිදා
ශුභ වර්ණය - කහ
ශුභ අංකය - 05

මකර ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

මකර ලග්නය
වර්ෂය තුල දියුණුව සහ භාග්‍යද ඇති කරයි.


වසර උදාවන අවස්ථාවේ ලග්නය සහ ධනස්ථානය අයිති සෙනසුරු බලවත්ව දසවැනි ස්ථානයේ උච්චව ආරෝහන ගමනක යෙදෙන බැවින් ඔබට යහපත් ආර්ථික තත්වයක් දැකිය හැක. ව්‍යාපාරිකයන්ය යහපත් වන අතර නව ව්‍යාපාර ආරම්භයටද සුදුසුය. වර්ෂය තුල දියුණුව මෙන්ම ලැබීමේ භාග්‍යද ඇති කරයි. රැකියාවල යෙදෙන්නන්ට තනතුරු උසස්වීම් හා වැඩි ආදායම් ලැබීමේ භාග්‍ය ඇත. ධනස්ථානය බලවත් වීමත් මීට හේතු වන අතර හවුල් ව්‍යාපාර ආරම්බයටද සුදුසුය. මහා පරිමාණයේ කෘෂිකාර්මිකයන්ට වාසිදායක වකවානුවකි.

පදිංචි ස්ථාන සම්බන්ධයෙන් බැලීමේදී බ්‍රහස්පති එම ස්තානයේ සිටීම නිසා ස්ථාන දියුණුවද, නව නිවාස ඉඩ කඩම් දේපල වාහන ආදියේ වැඩි දියුණුවක්ද පෙන්නුම් කෙරේ. සිතට සහනය ගෙනදේ. නෑදෑයන්ගෙන් සහයෝගය ලැබේ. බලාපොරොත්තු රහිතව දේපල ඉඩම් හා වාහනවලින් ලාභ මතුවේ. වාහන ගැනීම මෙන්ම ඒ සම්බන්ධ ව්‍යාපාරවලටද මේ වසර යෝග්‍ය වේ. ඉන් ප්‍රතිඵල අත්වේ. පදිංචි ස්ථාන කාලයේ තාලයට අනුව අලුත්වැඩියා කෙරෙන අතර ඒ සඳහා අධික වියදම් හා වෙහෙසක් දැරීමට සිදුවේ. හදිසි අනතරුවලට හා සුලු ශල්‍යකර්මවලටද ඉඩ ඇත.

අධ්‍යාපන කටයුතු ගැන බැලීමේදී කලා ක්‍ෂේත්‍රයේ නියුතු වූවන්ගේ නිර්මාණ ප්‍රථිභසම්පන්න වේ. සෞන්ධර්ය විෂය කෙරෙහි උනන්දුවන අතර උසස් අධ්‍යාපනයේ නියුතුවන්නන්ගේ ප්‍රගතියක් ඇති කෙරේ. විදේශ ශිෂ්‍යත්ව හිමිය. කුඩා දරුවන් නැටුම් සංගීතය යනාදියට සම්බන්ධවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ. එමෙන්ම කාර්මික ඉංජිනේරු අංශයේ හදාරන දරුවන්ට මෙම වසර සතුටුදායක වේ. සිකුරු සහ කේතු ග්‍රහයාගේ පිහිටීම අනුව අධ්‍යාපන කටයුතුවල මෙම ප්‍රගතිය හේතුවේ. මැයි 17න් පසු බ්‍රහස්පති 5 වැන්නේ ගමන් කිරීම අධ්‍යාපන කටයුතු තව තවත් දියුණුවීමට හේතුවේ. බාහිර කටයුතු ආරම්භ කිරීමට මේ වසර යහපත් වන අතර විභාගවලින් ජය අත්වේ.

දරු සම්පත් සම්බන්ධයෙන් යහපත් වන අතර දරැවන්ගේ කටයුතු වැඩි දියුණු වේ. දරුවන්ගේ කටයුතුවල වැදගත් අවස්ථාවන්ට සම්බන්ධ වීමට සිදුවේ. යුග දිවි ඇරබූ අයගේ පැතුම් ඉටු වී වාසනාවන්ත දරු ඵල උරුම වේ.

විහාහ ස්ථානය නියෝජනය කරන චන්ද්‍රයා බ්‍රහස්පති හා සිකුරු ග්‍රහයන්ගේ පිහිටීම මංගල යෝග උදා කරන අතර මෙය මැයි 17න් පසුව වඩාත් තීර්ව වේ. අඟහරුගේ පිහිටීම භාධක ඇති කරන්නක් වුවත් බ්‍රහස්පතිගේ යහපත් පිහිටීම සහ වන්ද්‍රයා කේව්ද්‍රගත වීම අනුව බාධක ඉවත් වී යහපත සැළසීමට හේතු කාරක වෙයි. ප්‍රියසාදයන්ට සහභාගි වීමට ඉඩ ඇත. නෑදෑයන් සමග සිත් අමනාපකම් සිත්බිඳීම් ඇතිවේ. ලග්නගතව සිටින සඳුට විවාහකාරක සිකුරු ත්‍රිකෝණගත වීම මගින් මංගලයෝග උදාවන අතර යුගදිවි ඇරඹේ. නව සබඳතා ගොඩනැගෙන අතර පවතින ඇසුරුකම් වඩාත් ස්ථිර‍ වේ. කුජ රාහු ග්‍රහයන්ගේ සශාවන් ගත කරන්නේනම් විවාහ කටයුතු තීරණ ගැනීමේදී මෙන්ම යුගදිවි ඇරබුමේදී ජ්‍යොතිෂ උපදෙස් පිළිපැදිය යුතුවේ. එය ඔබේ අනාගතයේ ස්ථිර සැනසුමට හේතු වේ.

ශරීර සෞඛය සම්බන්ධයෙන් බැලීමේදී සෙම් රෝග, බඩේ අසනීප බඩේ උෂ්ණාධික රෝග වකුගඩු ආශ්‍රිත රෝග ස්නායු දුර්වලතා ඇතිවිය හැක. ඉතාම උනන්දුවෙන් ආගමික කටයුතු කලයුතු අතර උදේ සවස සෙත් පිරිත් ගායනා කරන්න.

අය - 05
වැය - 11
ශුභ දින - බදාදා සහ සිකුරාදා
ශුභ වර්ණය - නිල්
ශුභ අංකය - 09

කුම්භ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

කුම්භ ලග්නය 
ඉඩකඩම් නව නිවාස වාහන දේපල ලැබීමේ භාග්‍ය


නව වසර ආරම්භයේදී ලග්නාධිපති කුම්භ භාග්‍යස්ථානගතව උදාවේ. එබැවින් මෙම වසර යහපත්  තත්වයක් උදාකරනු ඇත. යෝගකාරක සිකුරු ස්වක්ෂේත්‍රව හා දිග්බලයෙන් යුතුව සිව්වැන්නේ පිහිටීමෙන් ඉඩකඩම් නව නිවාස වාහන දේපල ලැබීමේ භාග්‍ය හිමිවේ. වසර ආරම්භයේදී ලග්නාධිපති අෂ්ඨම ඒරාෂ්ඨකයෙන් මිදී නව වැන්නේ සිටීමෙන් පසුගිය වසරට වඩා දියුණු තත්වයක් උදාවේ. දේශීය ව්‍යාපාරවලින් මෙන්ම විදේශීය ගමන් බිමන්වලින් ලැබීමේ භාග්‍ය ඇත. රාහු ග්‍රහයාගේ ගමන අනුව දේශීය වශයෙන් රැකියාවල දියුණුව තරමක් අඩුවිය හැකි අතර ස්ථාන මාරුවීම් රැකියා ස්ථානයේ කරදර ප්‍රශ්න යනාදිය ඇතිවේ. දුර දුහැර රැකියා කටයුතුවල නියැලීමට සිදුවේ.

පදිංචි ස්ථානය ගැන බැලීමේදී වසර ආරම්භයේ සිකුරු නිවාසස්ථානයේ දිග්බලව සිටීම දියුණුව ඇති කරන පිහිටීමකි. කේතුගේ පිහිටීම අනුව නෑදෑයන්ගේ කරදර ප්‍රශ්නද ඇති වීමට ඉඩ ඇත. භූමි ලාභ නව නිවාස හා මව්පස දේපල උරුම වේ.

ආර්ථික තත්වයේ සතුටුදායක් වර්ධනය්ක් පෙනේ. හවුල් ව්‍යාපාරවල දියුණුවක්ද දක්නට ලැබේ. රැකියා කටයුතුවල කරදර මෙන්ම ප්‍රතිඵල අඩු ගමන්බිමන්වලට ඉඩකඩ වැඩිය. අනපේක්ෂිත දුරබැහැර ‍ප්‍රදේශවලට රැකියා මාරුවීම් ලැබේ. රාහු ග්‍රහයායේ මහ දශාවක් ගත කරන්නේනම් රැකියාව ආරක්ෂා කර ගත යුතු අතර ඉවසීමෙන් ක්‍රියා කල යුතුවේ. හදිසි තීරණ ගැනීම ඔබට අවාසිදායක වන අතර රහස් සතුරු කරදරද ඇතිවේ.

අධ්‍යාපන කටයුතු බුධ ග්‍රහයා යහපත් තැනක සිටිම නිසා යහපත් වේ. නොයෙක් දේ හැදෑරීමට උනන්දුව ඇතිවේ. උසස් අධ්‍යාපනය උදෙසා සාර්ථක විදේශ ගමන් යෙදේ. නව ග්‍රන්ථ නිර්මාණ එලිදැක්වීම සතුටුදායක විභාග ප්‍රතිඵල අත්වේ. දරුවන්ගේ අධ්‍යාපන දියුණුවන අතර බාහිර ක්‍රියාකාරකම්වලින්ද සතුටුදායක ප්‍රතිඵල ලැබේ. කාර්මික ඉංජිනේරු විශයන් හදාරණ අයට මෙම වසර සතුටුදායක වේ.

බ්‍රහස්පති සිව්වැන්නේ හෙයින් දරුවනට ශුභ වන අතර දරු සම්පත් අපේක්ෂිත අඹු සැමියන්ගේ බලාපොරොත්තු ඉටුවේ. මව් පිය සම්බන්ධතා යහපත් වනවා සේම ගර්භණී මාතාවන් මැයි මස අගතෙක් ආරක්ෂා විය යුතුය.

විවාහස්ථානයේ අඟහරු සිටින බැවින් විවාහ බාධක ප්‍රමාද ඇතිවිය හැකිය. විවාහකයන් අතර සමගියට යම් යම් බාධා එල්ල වේ. ඉවසීමෙන් ක්‍රියා කල යුතුය. හදිසි තීරණ මත නොගැළපෙන විවාහ ගිවිස ගැනීම් දක්නට ලැබේ. සිකුරු සඳු ගුරු යන ග්‍රහයන්ගේ බලපෑම් මතජුනි මාසයෙන් පසු විවාහ ගිවිසගැනීම්වලට ශුභ වේ. අවිවාහකයන්ට මංගල යෝග උදාවේ. නව සම්බන්ධතා ගොඩනැගේ. අඹු සැමියන් අතර සුලු සුලු මත බේද හට ගැනේ.

සෞඛ්‍ය සම්බන්ධව බැලීමේදී සෙම්රෝග පපුවේ අසනීප පාදවල හා දණහිස් ප්‍රදේශවල අසනීප ස්නියු මෙන්ම උදරාබාධ ඇති විය හැකිය. අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුව ඇසුරු කරන අය අතර මතභේද ඇති වීමට කරුනු යෙදේ. ග්‍රහ අගුණ පවතින හෙයින් ශාන්තිකර්ම කටයුතු මෙන්ම ආගමික වතාවන්හි යෙදීම අශුභ ඵල අඩු කර ගැනීමට හේතුවේ.

අය - 05
වැය - 11
ශුභ දින - සිකුරාදා
ශුභ වර්ණය - ලා නිල්
ශුභ අංකය - 09

අලුත්ම තොරතුරු දැනගැනීමට EMAIL ලිපිනය ඇතුලත් කරන්න.

Enter your email address:

Delivered by FeedBurner