සිංහ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
සිංහ ලග්නය
බුද්ධිමත්ව, වේගවත්ව හා ක්‍රියාකාරීව කටයුතු කරයි.

රැකියා කටයුතු සම්බන්ධයෙන් බැලීමේදී එම ස්ථානය නියෝජනය කරන සිකුරු බලවත්ව සිටීමත් ලග්නාධිපති රවි සමග ගුරු වන වැන්නේ යෙදීමෙන් දියුණු තත්වයක් පෙන්නුම් කරයි. විදේශ රටවල රැකියා ලැබීමේ භාග්‍යක්ද ඇත. දුර ප්‍රදේශවල රැකියා ස්ථාන මාරුවීම්වලටද හේතු වේ. හවුල් ව්‍යාපාරවල යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් කෙරේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට ජුනි මාසයෙන් පසුව සුදුසුය. නව රැකියා සහ උසස්වීම් අපේක්ෂිත අයගේ අරමුණු ඉටුවේ. දිගු කලක් පැවති රැකියාවේ සහනකාරී බව ක්‍රමයෙන් පහව යයි.
උසස් අධාපනයේ නියැලෙන සිසුන් තුල හදිසි ආවේගශීලී ස්වභාවයක් ඉස්මතු වේ. බාහිර විභාග කටයුතුවල නියැලෙන ඔබට සතුටුදායක ප්‍රතිඵල උදාවේ. අධ්‍යාපනය නියෝජනය කරන බ්‍රහස්පති බලවත්වී නව වැන්නේ සිටීම ඉගෙනීම සම්බන්ධව උද්යෝගය ඇතිවන අතර සාර්ථක ප්‍රතිඵල අත් කර ගනී. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගමන් යෙදේ. කුඩා දරුවන්ගේ පාසල් අවශ්‍යතාවයන් පහසුවෙන් ලැබෙන වසරකි. විවිධ පැතිකඩයන් ආවරණය වන පරිදි නව පාඨමාලා ආරම්භ කෙරේ. ගුරු බුධ ග්‍රහයන්ගේ පිහිටීම තුල අධ්‍යාපනයේ නව ඉසව් යන මේ වසර අධාපනික වහයෙන් ඔබට තීරණාත්මක වේ.
විවාහස්ථානයේ අධිපති සෙනසුරු උච්චව සිටීම මෙන්ම විවාහකාරක සිකුරු ස්වක්ෂේත්‍රව යෙදී උදා වූ වසර විවාහ යෝජනා සම්බන්ධයෙන් සුභවාදී වෙයි. යුගදිවි ඇරබුමට කාලයයි. යහපත් පෙම් සබඳතා ගොඩ නැගේ. එසේම විවාහක අයගේ පවුල් ජීවිත තුල යහපත් ලෙස ගොඩනැගෙන සමගිය පවුලේ දියුණුව කරා ගෙන යා හැකි වේ. උප්පත්ති කේන්ද්‍රයේ සඳු තුන් වැන්නේ පිහිටා ඇත්නම් විවාහ කටයුතු මෙන්ම සියල්ල පිළිබඳව ඉතාම බුද්ධිමත්ව සිතා බලා තීරනගෙන ක්‍රයාත්මක විය යුතු වසරකි.
දරුඵල අපේක්ෂිත අයගේ පැතුම් ඉටුවේ. දරුවන්ගේ දියුණුව ඇතිකරයි. පදිංචි ස්ථාන නවීකරණය කරයි. පදිංචි ස්ථානවල දෝෂ ඇති කර ගැනීමට ඉඩ කඩද ඇත. නෑදෑයන් සමග දේපල ප්‍රශ්නද ඇති කර ගැනීමේ ඉඩක් පවතී. නව නිවාස ඉදිකිරීම් වලටද මෙම වසර ශුබයි. නමුත් මැයි මාසය පසුවිය යුතුය. රාහු මහ දශාවක් ගත කරන්නේ නම් පදිංචි ස්ථාන මාරුවේ. එය යහපත උදෙසා පරිවර්තනය කර ගනී.
දෙමාපියන්ට අසනීප කරදර හා වෙනත් ප්‍රශ්න ඇති කිරීමට හේතු වේ. ජන්ම හිමි සඳු තුන් වැන්නේ පිහිටා තිබුණෙනම් සියල්ල පිළිබඳව උනන්දු විය යුතුය. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලීමේදී සෙම් රෝග නිතරම ඇතිවේ. හිසේ අසනීප ගති ඇති කරයි. සෙම නිසා පපුවේ අමාරු, රුධිර පීඩන හා හිසේ අසනීප ගති ඇි විය හැක.
අය - 11
වැය - 02
ශුභ දින - ඉරිදා
ශුභ වර්ණය - රන්වන්
ශුභ අංකය - 01 - 09
කන්‍යා ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
කන්‍යා ලග්නය
බාධක මධ්‍යයේ සිය කටයුතු සිදු කෙරේ

වර්ෂය ආරම්භයේ පැවතෙන ග්‍රහ තත්වය අනුව රැකියා කටයුතුවල දියුණුව තරමක් අඩු වුවත් ජුනි 14 සිට බුධ බලවත් වීම, බ්‍රහස්පති 9 වැන්නේ ගමන් කිරීම රැකියාවේ සතුටුදායක දියුණුවක් ඇති කරන්නකි. බලාපොරොත්තු වු උසස්වීම් ලබා දෙයි. රැකියා අපේක්ෂිත අයට නව රැකියා ලැබේ. එසේම දුර බැහැර මාරුවීම්ද සිදු කෙරේ. අධික වියදම් දැරීමටද සිදු වේ. ප්‍රාග්ධනය වැය කිරීමේදී සැළකිලිමත් විය යුතුය. විදේශ සම්බන්ධ ව්‍යාපාරික මෙන්ම හවුල් ව්‍යාපාර ආරම්භ කරීමට යෝග්‍ය වේ. වාහන, ඉඩම්, නව නිවාස මිලදී ගැනීමට වසරේ මැද කාර්තුවේ යෝග යෙදේ.
උසස් අධ්‍යාපනය උදෙසා විදේශ ගමන් යෙදේ. බාහිර අධ්‍යාපන කටයුතුවල නියැලේ. එහි ප්‍රතිඵල සතුටුදායක වේ. විවිධ විෂයන් අධ්‍යනය කිරීමට නිරායාශයෙන් යොමු වේ. නව නිබන්ධන ග්‍රන්ථ එලි දැක්වේ. පුවත්පත් වේදීන්ට, නාට්‍ය කලාවන්හි නිරත වන්නන්ට මෙම වසරේ ප්‍රගතියක් පෙන්නුම් කෙරේ. කුඩා දරුවන්ගේ ඉගෙනීම සමබන්ධයෙන් සැළකිලිමත් වන්න.
නිවාස ස්ථාන සම්බන්ධව බැලීමේදී බ්‍රහස්පති 8 වැන්නේ සිටින කාලය තුලදී පදිංචි ස්ථාන මාරුවීම් අළුත්වැඩියා කටයුතු නව නිවාස ඉදි කිරීම් කෙරෙහි වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. ගුණවත් බලවත් ණැනවත් දරුවන් ලොවට දායාද කිරීමේ වාසනාව ඇත. දරු සම්පත් හිමි වේ. සහෝදරි හා නෑදෑයන් අතර සිත්තැවුල් මත බේද හටගැනේ. ලග්නය දෙපස ශනි කුජ ග්‍රහයන් දෙදෙනාගේ පිහිටීම තුලින් ලග්නය පාපකීර්ති වීම අනවශ්‍ය කරදර ගැටලු නීතිමය ප්‍රශ්න සතුරු කරදර යනාදී අයහපත් බලපෑම් ඇතිවේ. මේ කාලය තුලදී බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කරන්න.
යුගදිවි ඇරඹුමට මැයි මාසයෙන් පසු ශුභ වේ. නව පෙම්සබඳතා ගොඩ නැගේ. ප්‍රමාද වූ මංගල උත්සව වසර අවසානයේදී සිදු කෙරේ. ඔබට සුදුසු මංගල වාසනාවන්ත මංගල යෝග උදාකෙරේ. රාහු ග්‍රහයාගේ හෝ සෙනසුරු ග්‍රහයාගේ මහ දශාවක් ගත කරයිනම් ගෘහ ජීවිතයේ ගැටලු මතු කෙරේ. විවාහකයන් ඉවසීමෙන් කාලය ගත කල යුතුය.
ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලීමේදී සෙම් රෝග උගුරේ ආබාධ හිසේ තදබල වේදනා ඇතිවේ. කල් පවතින අසනීප ගති මතුවිමට ඉඩ ඇත. ආහාර පැවතුම් කෙරෙහි වැඩි සැළකිල්ලක් දැක්විය යුතු කාලයකි. නිතර ආගමික වතාවත්වල යෙදීම යහපත පිණිස හේතුවේ.
විශේෂයෙන් සැළකිය යුතු දෙයක් ඇත. එනම් අෂ්ඨමාධිපති වූ කුජ ග්‍රහයා ත්‍රකෝණස්ථානයක් වූ 12 වැන්නේ සිටින අතර ලග්නාධිපති වූ බුධ ග්‍රහයා බාධකස්ථානයේද මාරකස්ථානගතව සිටීමද ලග්න ඒරාෂ්ඨක අවසාන භාගය ගතවීමද අයහපත් වේ. මෙම තත්වය වර්ධනය වීම හෝ මර්ධනය වීම පුද්ගලිකව ඔබේ ග්‍රහ තත්වය මත රඳා පවතී.
අය - 14
වැය - 08
ශුභ දින - බදාදා සහ සිකුරාදා
ශුභ වර්ණය - ලා කොළ
ශුභ අංකය - 05
තුලා ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
තුලා ලග්නය
සාර්ථක ප්‍රතිඵල උදාකෙරෙන යහපත් වර්ෂයක්

රැකියා කටයුතු සම්බන්ධයෙන් බැලීමේදී දසවැන්නාධිපති චන්ද්‍රයා වර්ෂය ආරම්භයේ කේන්ද්‍රස්ථානයක සිටීමත් බ්‍රහස්පති යහපත් තැනක සිටීමත් නිසා වෘත්තිමය කටයුතුවල දියුණුවක් ඇති කරයි. අමතර ආදායම්වල හා ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් ඇති කර ගනී. රාහුගේ පිහිටීම අනුව අධික වියදම් දැරීමේ වැඩකටයුතු යෙදේ. වෙනදාට වඩා අවිවේකී බවක් ඉස්මතු වේ.
ගේ දොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් නියෝජනය කරන සෙනසුරු මෙම වර්ෂය ආරම්භයේදී බලවත්වී පිහිටීම නිසා එම කටයුතු සම්බන්ධව වැඩි දියුණුවක් අත්කර ගනී. නව නිවාස සෑදීම අලුත් නිවාසවල පදිංචි වීම නිවාස අලුත්වැඩියා කිරීම ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම වගකීම්ද බහුල වේ.
අධ්‍යාපන කටයුතු කෙරේ බැලීමේදී උසස් අධ්‍යාපන ප්‍රථිපල සතුටුදායක වේ. ස්වකීය විරළ නිර්මාණ එලිදැක්වීමක් විවිධ විශයන් හැදෑරීමටද උසස් අධ්‍යාපනය උදෙසා සාර්ථක විදේශ ගමන්ද යෙදේ. කුඩා දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සඳහා උනන්දුවිමෙන් සාර්ථක ප්‍රථිපල ගෙනදේ. විද්‍යාස්ථානය නියෝජනය කරන සෙනසුරු බලවත් වීම හේතුවෙන්ද බුද්ධිකාරක බුධ ග්‍රහයා ත්‍රිකෝණගතවද බුහස්පති කේන්ද්‍රස්ථානගතව ලග්නය දැකීම ණැන ගුණ පෝෂණය කර අධ්‍යාපන කටයුතුවල සාර්ථක බවක් ඇති කරයි. බාහිර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමටද අදහස් කෙරේ. දරුවන් සම්බන්ධයෙන් සැළකීමේදී පස්වැන්නාධිපති උච්ච රාශි ගත වීමද බ්‍රහස්පති ග්‍රහයා ශුභ ස්ථානයක සිටීමත් දරුඵල අතින් යහපත් තත්වයක් ඇතිකරයි. දරුවන්ගේ වැඩි දියුණුව පෙන්නුම් කරන අතර දරු සම්පත් බලාපොරොත්තු වන අයට සිතුම් පැතුම් ඉටුකර ගැනීමේ වාසනාව හිමිවේ.
ලග්නාධිපති වූ සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව පිහිටා උදාවූ මෙම වසරේ විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ විවාහය පහසුවෙන් සිදුවේ. නැවුම් පෙම් සබඳතා ගොඩ නැගේ. යහපත් මිතුදම් වර්ධනය වේ. ගෘහ ජීවිතය සාමකාමීව සාර්ථකව ගත කෙරේ. විවාහක අයගේ පවුල්වල සුලු යම් මතබේද ඇති වුවත් එය ශුභවාදී වේ. පවුල් සංස්ථාව තුල ප්‍රගතිය උදෙසා එය පරිවර්ථනය වනු ඇත.
ශාරීරික සෞඛ්‍ය ගැන බැලීමේදී සෙම් රෝග ඉක්මනින් ඇති විය හැකි අතර හිසේ අසනීප ගති උගුරේ බෙල්ලේ අසනීප පිත් අමාරු බහුල වේ. සෙනසුරු ග්‍රහයා ලග්නයේ ගමන් කිරීම තුලින් ඒරාෂ්ඨක යෝග යෙදුන නමුත් බලවත් වීම නිසාත් මෙම රාශියට වැඩි අශුභපල ඇති නොකරයි. ආගමික වතාවත් කිරීම යහපත්ය.
අය - 08
වැය - 11
ශුභ දින - බදාදා සහ සිකුරාදා
ශුභ වර්ණය - ලා කහ
ශුභ අංකය - 07
වෘෂ්චික ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
වෘශ්චික ලග්නය
උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් ක්‍රියා කල යුතුය.

රැකීරක්ෂා ගැන බැලීමේදී උසස් වීම් ලැබීමට බාධක මතුවේ. බලාපොරොත්තු රහිත ස්ථාන මාරු යෙදේ. රැකියා ස්ථානයේ රහස් සතුරන් ඇතිවේ. නමුත් සියල්ල මැඩගෙන ඉදිරියට යාමට මැයි 17න් පසුව හැකිවේ. ස්වාධීන ව්‍යාපාරවල නියුතු අයට උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. හවුල් ව්‍යාපාර ඇරඹීමට යහපත්ය. විදේශ සම්බන්ධ ආනයන අපනයන කටයුතුවලට සුදුසුය. ඇවිදිලි අධික මෙන්ම කෘෂිකාර්මික වගාවන්ට වඩා වෙහෙසිය යුතුය. අමතර ආදායම් මාර්ග පෑදේ. මූලික ප්‍රාග්ධනය යෙදෙවීමේදී වඩාත් කල්පනානාරී වියයුතු වසරකි.
පදිංචි ස්ථාන මාරුවීම් නව නිවාස ඉදි කිරීම් නිවාස මිලදී ගැනීම් යනාදියට යහපත්ය. පදිචි ගෘහයේ නිර්මාණශීලී ප්‍රථිසංස්කරණවලටද සිත ඇදී යනු ඇත. මුදල් අධික ලෙස වැයවෙන විවිධ ක්‍රියාවන්වල ලෙදෙන ඔබට කාර්ය බහුල වසරක් වේ. ගේදොර ඉඩකඩම් දේපළ පිලිබඳ අර්බුද හා නීතිමය ගැටළු නිර්මාණයටද ඉඩ ඇති වසරකි. විශේෂයෙන් රාහු සෙනසුරු දසා ගත කරන්නේනම් ඒ පිලිබඳව වඩාත් සැළකිය යුතුවේ.
උසස් අධ්‍යාබනය උදසා විදේශ ගමන් යෙදෙන වසරකි. බාහිර අධ්‍යාපන කටයුතුවල නායැලේ. ග්‍රන්ථකරණයේ නව නිර්මාණ බිහි කිරීමට බුධ සහ ලග්නාධිපති වූ කුජද බ්‍රහස්පතිගේ පිහිටීමද ඊට හේතුවේ. උසස් අධ්‍යාපයේ යෙදෙන ඔබ ඉවසීමෙන් ඊට යෙදාය යුතු අතර දුරදිග නොබලා කරන කටයුතු ඔබට අවාසි සහගතද වේ.
දරු සම්පත් බලාපොරොත්තු වන අයට මැයි 17 දක්වා කාලය තරමක් අයහපත් වන අතර ගබ්සාවීම් හෝ ගර්භාෂිත රෝගාබාධ ඇතිවිය හැකි කාලයකි. පුත්‍රකාරක බ්‍රහස්පති මැයි 17 දක්වා 6 වැන්නේ අසුභ ස්ථන ගතවීම මීට හේතුව වන අතර මැයි 17න් පසු 7 වැන්නට පැමිණීමෙන් පසු යහපත් ඵල ගෙනදේ. ඉන්පසු දරුවන්ගේ කටයුතුවල දියුණුවද අපේක්ෂා කල හැකිය.
පවතින මිතුරුදම් යහපත්ව පවත්වා ගෙන යා හැකි අතර නව පෙම් සබඳතා ගොඩනැගේ. සිකුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරන්නේ නම් විවාහ අපේක්ෂක අයට වසර මැද විවාහය සිදුවේ. විවාහ ස්ථානයේ ස්වක්ෂේත්‍රවන සිකුරු එසේ විවාහයට මංගල යෝග උදාකරනු ඇත. විනෝදයට කලාවට යොමු වේ.
පාදවල හා හිසේ අසනීප වකුගඩු හා මුත්‍ර දෝග ස්නායු සම්බන්ධයෙන් රෝග ඇතිවීමට ඉඩ ඇත. උෂානික රෝග මෙන්ම විෂ සහිත රෝග ශරීරයේ නිදන්ගත වීමටද ඉඩ ඇති වසරකි.
අය - 14
වැය - 02
ශුභ දින - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා
ශුභ වර්ණය - ලා රතු සහ කහ
ශුභ අංකය - 09 - 01