New updates Everyday

Like Us For Updates

සනත්ගෙ තෙවන නැටුම අසාර්ථකයි ද?



සනත්ගෙ තෙවන නැටුම අසාර්ථකයි ද?

සනත් ජයසුරිය හා සුචිත්‍රා "සල්සා" නර්තනය ක්‍රමය යටතේ නර්තනයේ යෙදෙමින්  "ජලක් දික්ලා ජා" තරගයෙ ඔවුන්ගේ තුන් වන නර්තනය ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ නම් එතරම් හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ නැහැ.
සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලය විසින් ඉහල ප්‍රතිචාරයක් ලැබුන අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවුනා.

සනත්ගේ දෙවන නර්තනය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක ජනප්‍රිය ගීත වලට අනුව පසුගිය (24) වනදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ ලකුණු 24 ක් ලබා දෙමින්.

නමුත් මෙවර ඔහුට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 30 න් 19 ක් පමණයි.ලකුණු ලබාදීමට පෙර සනත් සඳහන් කලේ මෙයට පෙර ඉදිරිපත් කල නර්තන දෙකම මහන්සි වී පුරුදු වූ නමුත් මෙම නැටුම සඳහා තමාට වෙහෙසවීමට නොහැකි වූ බවයි.

සනත්ගේ සල්සා නර්තනය ඉහතින් බලන්න.


























මිතුරන් සමඟ බෙදාගන්න.

අලුත්ම තොරතුරු දැනගැනීමට EMAIL ලිපිනය ඇතුලත් කරන්න.

Enter your email address:

Delivered by FeedBurner