ධනු ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
ධනු ලග්නය
උසස් අධ්‍යාපන වරප්‍රසාද හා යහපත් තත්වයක්
රැකියා සම්බන්ධව ඇති බාධක ත්‍රමයෙන් බැහැර ගොස් උසස් වීම් සමග යහපත් ස්ථාන මාරුවීම් සිදුවේ. ව්‍යාපාරික වශයෙන් ප්රාග්ධනය ආයෝජනය බුද්ධීමත්ව කල යුතුය. හවුල් ව්‍යාපාර ආරම්භය සුදුසු වුවත් අතරමැදියන් සමග විශ්වාසය පළුදු විය හැක. ඉඩම් අලෙවිකරුවනට යහපති. සංචාරක ව්‍යාපාරිකයන්ට අනපේක්ෂිත පාඩු ඇතිවේ. මෙම ලග්නයේ ග්‍රහ පිහිටීම අනුව දුර බැහැර විදේශ ගමන් අනපේක්ෂිතව යෙදේ.
ගේ දොර කටයුතු සාමාන්‍ය තත්වයෙන් පවතී. පදිංචි ස්ථානවල වෙනස්කම් සිදු වේ. ප්රාග්ධනය ආයෝජනය කර ඉඩම් කඩම් ගැනීම සුදුසු වේ. ඉඩම් දේපල මිලදී ගැනීමේදී නීතිමය ප්‍රශ්න කෙරෙහි වඩාත් අවධානයෙන් කල යුතුවේ.
අධ්‍යාපන කටයුතු මැයි 17 තෙක් යහපත් වන අතර ඉන්පසු බුහස්පති අශුභ ස්ථාන ගතවීම සුභ ඵල අඩු කිරීමට හේතුවේ. එබැවින් ඉගෙනීම සඳහා වැඩි උනන්දුවක් දැරිය යුතුය. උසස් අධ්‍යාපන වරප්‍රසාද තත්වයෙන් වාසි සහගත වන අතර ශිෂ්‍යත්ව සඳහා යහපත් තත්වයක් පෙනේ. එසේම මැයි 17න් පස් බ්‍රහස්පති හය වැන්නේ කේතු සමග සංයෝග විමේ හේතුව මත බුද්ධිය මෙහෙයවා කරන ශ්‍රාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රථිපල උදාවේ.
දරුවන්ගේ කටයුතු දියුණුවන අතර එහි විශේෂ අවස්ථාවන්ද දකින්නට අසන්නට ගැබෙන යහපත් කාපයක් වේ. දරුවන්ගේ කටයුතුවල මන්දගාමී තත්වයක් පෙන්වන බැවින් හැසිරීම් පාලනය ඉතා ප්‍රවේශමෙන් කල යුතුය. දරු සම්පත් බලාපොරොත්තු විවාහකයන්ගේ පැතුම් ඉටුවේ.
වසර ආරම්භයේදී සිකුරු පාප ග්‍රහයන් සමග සම්බන්ධ වීම නිසා විවාහ කටයුතු සම්බන්ධව බාධාවන් ඇති වේ. මෙය පෙම් සබඳතා දෙදරා යෑමටත් යුග දිවි ගත කරන්නන් අතර යම් මතභේද ඇති කිරිමටද හේතුවේ. එහෙත් ජුනි මාසයෙන් පසු තත්වය සමනය වේ. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග උදා කරන්නටත් යහපත් විවාහයන් ගිවිස ගැනීමටත් සුදුසු වේ. විශේෂයෙන්ම ශනි රාහු දසා අතුරු දශා ගත කරන්නන් විවාහ වීම හෝ විවාහ ජීවිතේ තීරණ ගැනීම කල්පනාවෙන් කල යුතුය.
ශරීර සෞඛ්‍ය තත්වය බැලීමේදී සෙම් රෝග බඩේ අසනීප ගති නිතර හට ගනී. ආහාර විෂ වීම හේතුවේන් බඩේ අජීර්ණ හට ගැනේ. අදිර රුධිර පීඩනයෙන් පෙලේ. ගර්භනී මාතාවන් ප්‍රවේසම් විය යුතුය. ග්‍රහ අගුණ පවතින කාලයන්හි නිතර ආගමික වතාවන්හි යෙදීම ශුභදායක වේ.
අය - 11
වැය - 08
ශුභ දින - බ්‍රහස්පතින්දා සහ ඉරිදා
ශුභ වර්ණය - කහ
ශුභ අංකය - 05
මකර ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
මකර ලග්නය
වර්ෂය තුල දියුණුව සහ භාග්‍යද ඇති කරයි.
පදිංචි ස්ථාන සම්බන්ධයෙන් බැලීමේදී බ්‍රහස්පති එම ස්තානයේ සිටීම නිසා ස්ථාන දියුණුවද, නව නිවාස ඉඩ කඩම් දේපල වාහන ආදියේ වැඩි දියුණුවක්ද පෙන්නුම් කෙරේ. සිතට සහනය ගෙනදේ. නෑදෑයන්ගෙන් සහයෝගය ලැබේ. බලාපොරොත්තු රහිතව දේපල ඉඩම් හා වාහනවලින් ලාභ මතුවේ. වාහන ගැනීම මෙන්ම ඒ සම්බන්ධ ව්‍යාපාරවලටද මේ වසර යෝග්‍ය වේ. ඉන් ප්‍රතිඵල අත්වේ. පදිංචි ස්ථාන කාලයේ තාලයට අනුව අලුත්වැඩියා කෙරෙන අතර ඒ සඳහා අධික වියදම් හා වෙහෙසක් දැරීමට සිදුවේ. හදිසි අනතරුවලට හා සුලු ශල්‍යකර්මවලටද ඉඩ ඇත.
අධ්‍යාපන කටයුතු ගැන බැලීමේදී කලා ක්ෂේත්රයේ නියුතු වූවන්ගේ නිර්මාණ ප්රථිභසම්පන්න වේ. සෞන්ධර්ය විෂය කෙරෙහි උනන්දුවන අතර උසස් අධ්‍යාපනයේ නියුතුවන්නන්ගේ ප්‍රගතියක් ඇති කෙරේ. විදේශ ශිෂ්‍යත්ව හිමිය. කුඩා දරුවන් නැටුම් සංගීතය යනාදියට සම්බන්ධවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ. එමෙන්ම කාර්මික ඉංජිනේරු අංශයේ හදාරන දරුවන්ට මෙම වසර සතුටුදායක වේ. සිකුරු සහ කේතු ග්‍රහයාගේ පිහිටීම අනුව අධ්‍යාපන කටයුතුවල මෙම ප්‍රගතිය හේතුවේ. මැයි 17න් පසු බ්‍රහස්පති 5 වැන්නේ ගමන් කිරීම අධ්‍යාපන කටයුතු තව තවත් දියුණුවීමට හේතුවේ. බාහිර කටයුතු ආරම්භ කිරීමට මේ වසර යහපත් වන අතර විභාගවලින් ජය අත්වේ.
දරු සම්පත් සම්බන්ධයෙන් යහපත් වන අතර දරැවන්ගේ කටයුතු වැඩි දියුණු වේ. දරුවන්ගේ කටයුතුවල වැදගත් අවස්ථාවන්ට සම්බන්ධ වීමට සිදුවේ. යුග දිවි ඇරබූ අයගේ පැතුම් ඉටු වී වාසනාවන්ත දරු ඵල උරුම වේ.
විහාහ ස්ථානය නියෝජනය කරන චන්ද්‍රයා බ්‍රහස්පති හා සිකුරු ග්‍රහයන්ගේ පිහිටීම මංගල යෝග උදා කරන අතර මෙය මැයි 17න් පසුව වඩාත් තීර්ව වේ. අඟහරුගේ පිහිටීම භාධක ඇති කරන්නක් වුවත් බ්‍රහස්පතිගේ යහපත් පිහිටීම සහ වන්ද්‍රයා කේව්ද්රගත වීම අනුව බාධක ඉවත් වී යහපත සැළසීමට හේතු කාරක වෙයි. ප්රියසාදයන්ට සහභාගි වීමට ඉඩ ඇත. නෑදෑයන් සමග සිත් අමනාපකම් සිත්බිඳීම් ඇතිවේ. ලග්නගතව සිටින සඳුට විවාහකාරක සිකුරු ත්‍රිකෝණගත වීම මගින් මංගලයෝග උදාවන අතර යුගදිවි ඇරඹේ. නව සබඳතා ගොඩනැගෙන අතර පවතින ඇසුරුකම් වඩාත් ස්ථිර වේ. කුජ රාහු ග්‍රහයන්ගේ සශාවන් ගත කරන්නේනම් විවාහ කටයුතු තීරණ ගැනීමේදී මෙන්ම යුගදිවි ඇරබුමේදී ජ්‍යොතිෂ උපදෙස් පිළිපැදිය යුතුවේ. එය ඔබේ අනාගතයේ ස්ථිර සැනසුමට හේතු වේ.
ශරීර සෞඛය සම්බන්ධයෙන් බැලීමේදී සෙම් රෝග, බඩේ අසනීප බඩේ උෂ්ණාධික රෝග වකුගඩු ආශ්රිත රෝග ස්නායු දුර්වලතා ඇතිවිය හැක. ඉතාම උනන්දුවෙන් ආගමික කටයුතු කලයුතු අතර උදේ සවස සෙත් පිරිත් ගායනා කරන්න.
අය - 05
වැය - 11
ශුභ දින - බදාදා සහ සිකුරාදා
ශුභ වර්ණය - නිල්
ශුභ අංකය - 09
කුම්භ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
කුම්භ ලග්නය
ඉඩකඩම් නව නිවාස වාහන දේපල ලැබීමේ භාග්‍ය
පදිංචි ස්ථානය ගැන බැලීමේදී වසර ආරම්භයේ සිකුරු නිවාසස්ථානයේ දිග්බලව සිටීම දියුණුව ඇති කරන පිහිටීමකි. කේතුගේ පිහිටීම අනුව නෑදෑයන්ගේ කරදර ප්‍රශ්නද ඇති වීමට ඉඩ ඇත. භූමි ලාභ නව නිවාස හා මව්පස දේපල උරුම වේ.
ආර්ථික තත්වයේ සතුටුදායක් වර්ධනය්ක් පෙනේ. හවුල් ව්‍යාපාරවල දියුණුවක්ද දක්නට ලැබේ. රැකියා කටයුතුවල කරදර මෙන්ම ප්‍රතිඵල අඩු ගමන්බිමන්වලට ඉඩකඩ වැඩිය. අනපේක්ෂිත දුරබැහැර ප්‍රදේශවලට රැකියා මාරුවීම් ලැබේ. රාහු ග්‍රහයායේ මහ දශාවක් ගත කරන්නේනම් රැකියාව ආරක්ෂා කර ගත යුතු අතර ඉවසීමෙන් ක්‍රියා කල යුතුවේ. හදිසි තීරණ ගැනීම ඔබට අවාසිදායක වන අතර රහස් සතුරු කරදරද ඇතිවේ.
අධ්‍යාපන කටයුතු බුධ ග්‍රහයා යහපත් තැනක සිටිම නිසා යහපත් වේ. නොයෙක් දේ හැදෑරීමට උනන්දුව ඇතිවේ. උසස් අධ්‍යාපනය උදෙසා සාර්ථක විදේශ ගමන් යෙදේ. නව ග්රන්ථ නිර්මාණ එලිදැක්වීම සතුටුදායක විභාග ප්‍රතිඵල අත්වේ. දරුවන්ගේ අධ්‍යාපන දියුණුවන අතර බාහිර ක්‍රියාකාරකම්වලින්ද සතුටුදායක ප්‍රතිඵල ලැබේ. කාර්මික ඉංජිනේරු විශයන් හදාරණ අයට මෙම වසර සතුටුදායක වේ.
බ්‍රහස්පති සිව්වැන්නේ හෙයින් දරුවනට ශුභ වන අතර දරු සම්පත් අපේක්ෂිත අඹු සැමියන්ගේ බලාපොරොත්තු ඉටුවේ. මව් පිය සම්බන්ධතා යහපත් වනවා සේම ගර්භණී මාතාවන් මැයි මස අගතෙක් ආරක්ෂා විය යුතුය.
විවාහස්ථානයේ අඟහරු සිටින බැවින් විවාහ බාධක ප්‍රමාද ඇතිවිය හැකිය. විවාහකයන් අතර සමගියට යම් යම් බාධා එල්ල වේ. ඉවසීමෙන් ක්‍රියා කල යුතුය. හදිසි තීරණ මත නොගැළපෙන විවාහ ගිවිස ගැනීම් දක්නට ලැබේ. සිකුරු සඳු ගුරු යන ග්‍රහයන්ගේ බලපෑම් මතජුනි මාසයෙන් පසු විවාහ ගිවිසගැනීම්වලට ශුභ වේ. අවිවාහකයන්ට මංගල යෝග උදාවේ. නව සම්බන්ධතා ගොඩනැගේ. අඹු සැමියන් අතර සුලු සුලු මත බේද හට ගැනේ.
සෞඛ්‍ය සම්බන්ධව බැලීමේදී සෙම්රෝග පපුවේ අසනීප පාදවල හා දණහිස් ප්‍රදේශවල අසනීප ස්නියු මෙන්ම උදරාබාධ ඇති විය හැකිය. අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුව ඇසුරු කරන අය අතර මතභේද ඇති වීමට කරුනු යෙදේ. ග්‍රහ අගුණ පවතින හෙයින් ශාන්තිකර්ම කටයුතු මෙන්ම ආගමික වතාවන්හි යෙදීම අශුභ ඵල අඩු කර ගැනීමට හේතුවේ.
අය - 05
වැය - 11
ශුභ දින - සිකුරාදා
ශුභ වර්ණය - ලා නිල්
ශුභ අංකය - 09