මීන ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
මීන ලග්නය
මිත්‍රශීලී ගුණවත් මිතුරන් ඇසුට යොමුවේ.
ගුරු හිමි මීන රාශියෙන් ජන්ම ලාභය ලැබූ ඔබට රැකියාවේ උසස්වීම් සහ යහපත් වෘත්තීමය වෙනස්කම් හා අපේක්ෂිත රැකියා ලැබීම් හා විදේශීය රැකියා ලැබීම් ආදියටද වාසනාව සැනසිලි හා සතුටුදායක තත්වයක් උදාකරනු ඇත. අෂ්ඨම ඒරාෂ්ඨක අපල යෙදී තිබුණ නමුත් උච්ච බලයෙන් යුතු සෙනසුරු ග්‍රහයාට යහපත් ග්‍රහ දෘෂ්ඨි ලබා දෙන ලග්නාධිපති කරදර භාධක අපල අවම කිරීමට උත්සුක වේ. ධනස්ථානයේ බ්‍රහස්පතිගේ පිහිටීම අනුව ආර්ථික කටයුතුවල යහපත් දියුණුවක් පෙන්නුම් කෙරේ. නමුත් මැයි 17න් පසු බ්‍රහස්පති වෘෂභ රාශියට මාරුවීම නිසා සුභඵල ගෙනදීම මදක් මන්දගාමී වේ. එසේම වසර ආරම්භයේ සෙනසුරු අටවැන්නේ ඒරාෂ්ඨක වීම නිසා දියුණුවට බාධා අධික වියදම් දැරීම ව්‍යපාරවල නියුතු වූවන්ගේ මූලික ප්රාග්ධනය හීනවීමටද හේතු ඇතිවේ. රැකියා අංශයේ දෝෂාරෝපන චෝදනාවලට ලක්වීම හා අනවශ්‍ය කරදර මතුවීමටද ඉඩ ඇති හෙයින් කල්පනාකාරී විය යුතුය.
උසස් අධ්‍යාපනයේ නියැලෙන්නන් උනන්දුවිය යුතු අතර තරමක අමතකවීම් වැඩකටයුතු අතපසුවිම් ඇති වේ. උසස් අධ්‍යාපනය උදෙසා විදේශ ගමන් යෙදේ. එහි ප්‍රතිඵල සතුටුදායක වේ. සෙනසුරු ඒරාෂ්ඨකයද බ්‍රහස්පති අටවැන්නේ සිටීමද සුභවාදී මෙම කරුණුවලට බාදා ඇති කරන්නනට හේතු වේ.නමුත් ඒවා ඉදිරියේදි යහපත් වෙනස්වීම් රැසකට මුල පුරනු ඇත. මිත්‍රශීලී ගුණවත් මිතුරන් ඇසුට යොමුවේ.
ලග්නාධිපති වූ බ්‍රහස්පති ධනස්ථානයේද සඳු අයස්ථානගතව 11 වැන්නේ එම සඳුගෙන් කේන්ද්‍රස්ථානගතව සිටීමද සිකුරු ක්වෂේත්‍ර බලයෙන් ගුරුගෙන් දෙවැන්නේ සිටීම අතින් ඉතා යහපති. සෙනසුරු උච්චව 8 වැන්නේ යෙදීම හේතුවෙන් වරින්වර හදිසි ධනයට හිමිකම් කියන මෙම වසර යහපත් ආර්ථික තත්වයකට හේතුවේ. නව ආර්ථික ආදායම්වලටද මංපෙත් විවර වේ. විදේශ සම්බන්ධ ව්‍යාපාර මෙන්ම හවුල් ව්‍යාපාරවලටද හේතුවේ. කෘෂිකාර්මික ගොවීන්ට යහපත් ප්‍රතිඵල ලැබේ. ස්වයං කර්මාන්තවල නියුතු වූවන්ට දියුණුවක් පෙන්නුම් කෙරේ.
දරු සම්පත් අපේක්ෂිත අයගේ පැතුම් ඉටුවේ. බඩේ උස්නාදික කම කුජ ග්‍රහයාගේ ගමන අනුව පෙන්නුම් කරන අතරම ගබ්සාවීම්ද සිදුවේ. උස්නිධික ආහාරවලින් ප්‍රවේශම් විය යුතුය. දරුවන්ට ඒරාස්ඨක අපල පවතින බැවින් සියළු අයහපත් බලපෑම්වලින් ආරක්ෂා කර ගත යුතුය.
පවතින පෙම් සබඳතා ශක්තිමත් නොවේ. යුගදිවි ඇරඹුමට මැයි 17න් පසුව යහපති. විවාහක අය ඉතාමත් බුද්ධිමත්ව යුග දිවිය පවත්වාගත යුතුය. විවාහ ස්ථානය වූ 7වැන්න පාපකර්නී විම මීට හේතුවයි. විවාහ කටයුතු ප්‍රමාද වීමටත් බාධා ඇතිවිමටත් එයට හේතුවේ.
ශරීර සෞඛ්‍ය සම්බන්ධව බැලීමේදී උස්නාදික රෝග වකුගඩු මුත්‍ර ආබාධ හදිසි අනතුරු තුවාල ශල්‍යකර්ම ආදිය පෙන්නුම් කෙරේ. ස්නායුගත දුරුවලතා මෙන්ම පාදවල සහ පිට කොන්දේ දුබලතා මතුවේ. ඒරාෂ්ටක දෝෂ පවතින නිසා නිතර අසනීප විය හැකිය. සෙසුරුගේ දහාවක ඔබ සිටින්නේනම් නිතර ආගමික කටයුතුවල යෙදීමද බොධි පූජා තැබීම සෙත් කවි කියවීම තුන් සූත්‍රය උදේ හවස කියවීම සුභදායක වේ.
අය - 05
වැය - 07
ශුභ දින - බ්‍රහස්පතින්දා සහ සඳුදා
ශුභ වර්ණය - ලා රෝස
ශුභ අංකය - 02
මේෂ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
මේෂ ලග්නය
සමාජයේ සැළකිළි, රැකියාවේ දියුණුව, භූමි ලාභ
මෙම වර්ෂය උදාවන අවස්ථාවේ
මේෂ ලග්නයේ ග්‍රහ පිහිටීම් ගැන සළකා බැලීමේදී යහපත් දියුණුවක් උදාකරණ
වර්ශයක් බව පෙනේ. ලග්නයේ රවි සහ බ්‍රහස්පති ග්‍රහයා සංයෝගවී සිටීම
වැදගත් යෝගයකි. ලග්නයෙන් පළවන ත්‍රිකෝණය වන සිංහ රාශියත් දෙවන ත්‍රිකෝනය
වන නවවන ධනු රාශිය අයත් රවි සහ බ්‍රහස්පති ලග්නයේ සංයෝග වීම සමාජයේ
සැළකිළි ලබන යහපත් රැකියා ලැබීමේ වාසනා භාග්‍යය උදා කරයි.එමෙන්ම රැකියා ස්ථානය වන දස වැන්නේ සදු ග්‍රහයා රවිගේ නැකතක තැන්පත්ව එම සදුගේද බ්‍රහස්පති ග්‍රහයා කේන්ද ස්ථාන ගතව සිටීමෙන් රැකියා කටයුතු වල දියුණුව, උසස් වීම, යහපත් ස්ථාන මාරුවීම්, නව රැකියා අපේක්ෂිත ඔබටද මෙම වසර බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත වසරක් බැව් පෙනේ. ව්‍යාපාරික කටයුතු වල නිරත ඔබගේ ආදායම් තත්වය වැඩි දියුණු වේ. හවුල් ව්‍යාපාර කටයුතු වල නියැලෙන ඔබට බුධ ග්‍රහයා බාධක ස්ථානය වන 11 වැන්නේ සිටීම නිසා ඇතැම් විට විවිධ බාධක ප්‍රශ්න මතු වීමට හේතු වේ. 2012 මැයි 17 සිට බ්රහස්පතී ධනස්ථානය වන 2 වැන්නට පැමිනීමෙන් ආදායම් තත්වය තව දුරටත් සතුටුදායක වේ. වදේශ සමිබන්ධ ව්‍යාපර ඇරඹුමටද යෝග්‍ය වේ.
පදිංචි නිවාස ස්ථාන ගැන බැලීමේදී චන්ද්‍රයා 10 වැන්නේ සිට බලවත් සිකුරුගේ දුෂ්ටියට ලක්වීම තුලින් නව නිවාස අලූතින් සෑදීම හෝ සුන්දර පරිසර වල පදිංචිය සිදුවීමද යහපත් පදිංචි ස්ථාන මාරුවීම් වලටද මෙම වසර හේතුවේ. භූමි ලාභද පෙන්වා දෙන අතර පදිංචි නිවස අලූත් වැඩියා කටයුතු සිදු කෙරේ.
අධ්‍යාපනය ගැන බැලීමේද රවි සහ ලග්නාධි පති පරිවර්ථන යෝගව රවි, ගුරු මනා සම්භන්ධතාවය තුලින් අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිපල උදා කරයි. උසස් විභාග සමත් වේ. බාරහිර අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් පෙන්නුම් කෙරේ. විදේශ උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙන ඔබට මෙම වසර විශිෂ්ඨ වේ. නව පාසල් අපේකෂිත කුඩා දුවා දරුවන්ට බාධාවෙන් තොරව පාසල් පහසුකම් සැලසේ.
දරුපල අපේකෂිත ඇයට බලාපොරොත්තු ඉටුවන මෙම වසරේ රාහු ග්‍රහයා 8 වෙනි භාවයේ පිහිටිම නිසා සුලූ සැත්කම් වලට ලක්වීමට හේතු වේ. විශේෂයෙන්ම මෙම වසරේ ඇය හෝ ඔබ ගත කරනු ලබන්නේ රාහුගේ මහා දශාවක් නම් හදිසි අනතුරු වලින්ද ප්‍රවේශම් විය යුතුය. ශරීරය උෂ්ණාධික වේ. ගබ්සා වීම් පෙන්නුම් කෙරේ. තවද මෙම ලග්නයේ දුවා දරුවන් සිටින ඔබ ඒ අයගේ රැකවරනය සහ සෞඛ්‍යය ගැනද සැළකිලිමත් විය යුතුය.
යුග දිවිය ඇරඹුමට මංගල යෝග උදා කරන ඔබට බ්රහස්පතීගේ මහ දශාව ගත කරන්නේනම් වඩාත්ම උචිත වේ. රාහුගේ දසාවක් පැවතෙන්නේනම් බුද්ධිමත්ව විවාහ කටයුතු පිළිබදව තීරණ ගත යුතුවේ. ප්‍රමාද වූ මංගල යෝග උදාවේ. එසේම විවාහක ඔබ තාවකාලිකව දුර බැහැරට වාසයට හේතු වේ. පෙම් සබදතා ඇරඹේ.
ධනය සහ මිල මුදල් අතින් සතුටු විය හැක. ලාබීමේ වාසනා භාග්‍ය බ්‍රහස්පතිගේ පිහිටීම තුලින් පෙන්නුම් කෙරේ. විවිධ වු ආදායම් මාර්ග සැකසේ. වසර මැද භාගයේ මුදල් ගණු දෙණු සමිබන්ධව සැළකිලිමත් වන්න. උත්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා 7 - 8 වැන්නේ පිහිටා සිටින්නේ නම් ඉතාම බුද්ධිමත්ව ඉවසීමෙන් මෙම වසර ගත කළ යුතුය. පවතින මහා දශා අතුරු දශා අනුව ශුභ අශුභ ඵල වෙනස් ව්මි සිදුවේ. ආගමික වතාවන් හි යෙදීම ශුභ දායක වේ.
ශරීර සෞඛ්‍යය සමිබන්ධයෙන් බැලීමේදී රාහු 8 වැන්නේ අගහරු 5 වැන්නේ ස්ථාන ගතවීම බඩේ උෂ්ණගති අසනීප ගති ඇති විය හැක. ශරීරය උෂ්ණාධික වේ. මුත්‍රා, වකුගඩු, අර්ශස් රෝග වලින්ද ඔබ ආරක්ෂාවිය යුතු අතර එවැනි රෝග පැවතෙන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වකවානුවකි.
අය - 14, වැය 02
ශුභ දින ඉරිදා සහ අගහරුවාදා
ශුභ වර්ණය - රන්වන් සහ රතු
ශුභ අංකය -01 සහ 09
වෘෂභ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
වෘෂභ ලග්නය
හදිසි ධන ලාභ, නව රැකියා
මෙම
වර්ෂය උදා වන අවස්ථාවේ ලග්නයට බලපාන ග්‍රහ තත්වය ගැන බැලීමේදී
ලග්නාධිපති සිකුරු ග්‍රහයා ලග්නයේ ස්වකෂත්රව සදුගෙන් ත්‍රිකෝණ ගතව
මාලවියෝගයකින් බලවත්වී යහපත උදෙසා සමාජසේවා පරිත්‍යාගශීලි කටයුතු
කිරීමට නිරන්තරයෙන්ම අවකාශය සැලසෙන අතර කාගේත් සහයෝගය නොමදව ලැබේ.
ලග්නාධිපති සිකුරු බලවත් වීම ඔබගේ අනාගත දියුණුවට විවිධ පැතිකඩක්
ඔස්සේ ආදායම් මාර්ග නිර්මාණය වේ. කලා කටයුතු වල නියතු ඔබ මෙම වසරේ
සම්මාන ගරු බුහුමන් වලට පාත්‍ර වේ. කලා නිර්මාණ විදේශීය වශයෙන්ද
එළිදැක් වේ. වාහන යොදවා කරන ව්‍යාපාර කටයුතු වල ප්‍රගතිය පෙන්නුම් කෙරේ.ධනස්ථානධිපති බුධ ග්‍රහයා අය ස්ථානයේ ගමන් කිරීම නිසාද ලග්නයෙන් සහ ලග්නාධිපතිගෙන්ද බැලීමේදී සතුටු දායක ආදායම් තත්වය හදිසි ධන ලාභ, අලූත් රැකියා තත්වයන් උදා කරයි. නව රැකියා බලාපොරොත්තු වන ඔබට එය සපුරා ගත හැකි වේ. එසේම විදේශ රැකියා සම්බන්ධයෙන් හෝ දුර ප්‍රදේශ වළ රැකියා පෙන්නුම් කෙරේ. විදේශ සම්බන්ධ ව්‍යාපාර වලින් ආදායම් ලැබීමේ වාසනාවද ඇති කරයි. නව ව්‍යාපාර ආරම්භයට සුදුසු වේ. රාජ්‍ය අංශයේ නියුතු ඔබට උසස් වීම් සිදුවේ. හවුල් කටයුතු වල ගටලූ ඇති වේ.
ස්ථාන නියෝජනය කරන 4 වැන්නේ අගහරු පිහිටීම නිසා නව භූමිලාභද පදිංචි ස්ථාන අලූත් වැඩියා දියුණුව සිදුකෙරේ. ඉඩ කඩම් සමිභන්ධ ප්‍රශ්ණ නිරාකරණය වේ. සෙනසුරුගේ මහ දශාවක් ගතකරන්නේනම් යහපත් ලෙස නව නිවාසයකට උරුමකම් ගෙන දේ.
අධ්‍යාපනය ල ඥාණය නියෝජනය කරන බුධ ග්‍රහයා යහපත් ස්ථානයක පිහිටීම නිසා අධ්‍යාපන කටයුතුවල සාර්ථක බවක් පෙන්නුම් කරයි. විභාග, සම්මුඛ පරීක්ෂණ, කථික තරග ආදියෙන් ජය ලැබේ. අලූත් පාඨමාලා ආරම්භ කිරීම බාහිරව අධ්‍යාපන කටයුතු වල නියැලීම, උසස් අධ්‍යාපනය උදෙසා දේශීය විදේශීය නව මාවත් විවෘත වේ.
මෙම ලග්නය හිමි කුඩා දුවා දරුවන්ට මෙම වසර නව පාසැල් ලැබේ. දරුවන්ගේ ක්‍රියාකාරි කටයුතු වල පුහුණුවක් ඇති කරයි. අධ්‍යාපන කටයුතු යහපත් වේ. වෘෂභ ලක්නය හිමි දරුවන්ගේ සෞඛ්‍යය තත්වය ගැන සැළකිලිමත් විය යුතු වේ. දරු සම්පත් අපේකෂාවෙන් සිටන අයට බලාපොරොත්තු ඉටුවන වසරකි.
විවාහ ස්ථානය වන 7 වැන්නේ රාහු පිහිටීම නිසා විවාහක අය ඉතා ඉවසීමෙන් තීරණගෙන ගෘහ ජීවිතය ගත කළ යුතුය. සැක සහිත අවස්ථාවන් උදා වීම නිසා අසමගික්ම් ඇතිවිය හැක. දුර බැහැර රැකියාවන් වල යෙදීම, පවුල් සංස්ථාවෙන් දිගුකල් වෙන් වී සිටීමටද අනපේක්ෂිතව හේතු යෙදේ. විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටන අයට මංගල යෝග ප්‍රමාදවීම්, පෙම් සබදතා පළුදු වීම ඇති වේ. විවාහකාරක සිකුරුගේ මහ දශාවක් අතුරු දශාවක් යහපත් ලෙස ගත කරන්නේනම් විවාහ පැතුම් ඉටුවන නව පෙම් සබදතා ගොඩනැගෙන වසරකි. රාහුගේ දශාවක් යහපත් ලෙස ගත කරන්නේනම් විවාහ පැතුම් ඉටුවන නව පෙම් සබදතා ගොඩනැගෙන වසරකි. රාහුගේ දශාවක් ගත කරන්නේ නම් බුද්ධිමත්ව විවාහ කටයුතු සිදු කරන්න.
ශරීර සෞඛ්‍ය තත්වයට වසර උදාවේදී අයහපත් බලපෑම්, බඩේ අසනීප, සෙම් රෝග පපුව සම්බන්ධ වාත රෝග බලපායි. අධික රුධිර පිඩනයෙන් පෙළෙන ඔබ විශේෂයෙන්ම කුජ සිව් වැන්නේ මා නැකතේ තැන්පත් වී ඇරඹුන මේ වසර අශුභ ග්‍රහ දසා පැවැතෙන ඔබට අගුණ තත්වයන් පෙනනුම් කෙරේ. ශරීරය උෂ්ණාධික වේ. බෝධි පුජා වැනි ආගමික වතාවත් හී යෙදීම ශුභ දායක වේ.
අය - 08
ශුභ දින - බදාදා සහ සිකුරාදා
ශුභ වර්ණය - ලා නිල්
මිථුන ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
මිථුන ලග්නය
රැකියාවේ අනපේක්ෂිත වෙනස්වීම්, අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය
මෙම වසර උදාවෙද්දී ලග්නාධිපති
බුධ දස වැන්නේ කේන්ද්රස්ධානගතව පිහිටීමෙන් රැකියාවේ අනපේක්ෂිත වෙනස්වීම්
සිදුවේ. මෙතෙක් නොලැබූ විවිධ බාධක මධ්‍යයේ පුමාද වූ වෘත්තීය අයතිවාසිකම්
ලැබෙන අතර උසස්වීම් සමග ස්ථාන මාරුවීම්ද පෙන්නුම් කෙරේ. ස්වයං රැකියාවේ
යෙදුන ඔබට යහපති.නව පැතිකඩයම් ඔස්සේ ආදායම් මාර්ග පෑදේ. හවුල් ව්‍යාපාරයන්ට
කාලය එළඹ ඇත. දැනට ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඔබට යහපත් සතුටුදායක
ප්‍රථිපල ගෙනදෙන නමුත් වංචනිකයන්ගෙන්, රුවටිලිකාරයන්ගෙන් සහ හොරුන්ගෙන්
ප්‍රවේසම් විය යුතුය. ගණුදෙනුවලදී තීක්ෂණව ක්‍රියාකල යුතුය. භාග්‍ය ස්ථානයේ
අධිපති සෙනසුරු ග්‍රහයා උච්ච වීම උත්සාහයේ ප්‍රතිඵල මත දියුණුවීමට වාසනාව
ඇති කරන ශුභ පිහිටීමකි. එහෙත් විවිධාකාර බාධක ඇතිකෙරේ. ජලයෙන් ප්‍රවේසම්
විය යුතුය.රැකීරක්ෂා නියෝජනය කරන බ්‍රහස්පති ග්‍රහයා රවි සමග 11 වැන්නේ ස්ථානගත විම තුල ආර්ථික වශයෙන් යහපත් තත්වයක් ඇති කරයි. දුර බැහැර ප්‍රදේශවල කටයුතු වලින්ද ලැබීමේ වාසනාව ඇති කරයි. 2012.5.17 සිට බ්‍රහස්පති 12 වැන්නේ ගමන් කරන කාලය තුල හදිසි විදේශ ගමන් යෙදේ. ඉන් ප්‍රයොජන ලැබිය හැකිය. සුළු නීතිමය ගැටලුවලටද මුහුණ පෑමට සිදුවේ. එහෙත් ජයග්‍රහණය සතුය. රහස් සතුරන්ගේ කුමන්ත්රණවලින් ප්‍රවේසම් වන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් විය යුතුය.
පදිංචි ස්ථාන ගොඩනැගීම්ද, නව නිවාසවල පංචියද හේතුවෙන් යහපත් තත්වයක් ඇති කරයි. භූමි ලාභ සතුය. නව කටයුතු ඇරඹීමට අගෝස්තු සහ සැප්තැම්බර් මාස යෝග්‍ය වේ. කෘෂිකාර්මික වගා ගොවීන්ට සරු අස්වැන්නක් තුලින් ලාභ ගෙන දේ.
බුධ ගුරු යහපත් ස්ථානවල පිහිටීම නව ග්රන්ථ එලි දැක්වීමටද, විවිධ නිර්මාණවල කුසලතා ප්‍රගතියක්ද පෙන්නුම් කෙරේ. උසස් අධ්‍යාපනය උදෙසා සාර්ථක විදේශ ගමන් යෙදේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය මෙන්ම අධ්‍යාත්මික නැඹුරුතාවකටද පත්වේ. විභාග ආදියෙන් සමත් වේ. මෙම ලග්න හිමි කුඩා දරුවන්ට ඉගෙනීම කෙරේ දෙමාපියන්ගේ උනන්දුව පෙරදාට වඩා වැඩි විය යුතු වේ.
විවාහ කටයුතු ගැන බැලීමේදී විවාහ ස්ථානය අයත් බ්‍රහස්පති 11 වැන්නේ පිහිටීම නිසා මංගල යෝග උදා කරයි. විවාහ ගෘහ ජීවිතය තුල සුහදතාවය වර්ධනය වේ. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. පැවති පෙම් සබඳතා තුල කළකිරෙන ස්වභාවයක් සෙනසුරු ග්‍රහ මාරුවත් සමග ඇති වේ. රාහු ග්‍රහයාගේ මහ දසාවන් මෙම කාලය තුල ආවරණය කිරීම මිථුන ලග්න හිමි ඔබට සිදු වුන හොත් විවාහ ප්‍රමාද, පෙම් සබඳතා බිඳ වැටීම හා යුග දිවිය තුල කළකිරුණ ස්වභාවයක් මතුවේ.
දරුඵල ප්‍රමාද විය හැක. ගර්භනී මාතාවන්ට ආරක්ෂා උදෙසා ආගමික ශාන්ති කටයුතු කිරීම සුභදායක වේ. මිථුන රාශිය හිමි ඔබේ කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් විය යුතුය.
ශරීරය උෂ්ණාධික වේ. අර්ශස්, අධික රුධිර පීඩනය තුලින් අයහපත් සෞඛ්‍යය තත්වයක් මතුවේ. රාහු කේතු පිහිටීම අනුව චන්ද්‍රයාගේ පිහිටීම අනුවත් සෙම් රෝග ඇති විය හැක. පාදවල වේදනා කැක්කුම් දණහිස් ආබාධ තුවාල ඇති වේ. අයහපත් මහ දශාවක් ගත කරන්නේනම් ආගමික වතාවන් හි යෙදීම සුභදායක වේ.
අය - 11
වැය - 08
ශුභ දින - සිකුරාදා සහ බදාදා
ශුභ වර්ණය - කොළ පාට
ශුභ අංකය - 5
කටක ලග්නය - 2012 වසර ඔබට කොහොමද?
කටක ලග්නය
සමාජයේ ගෞරවය හා ප්‍රසාදය, ලැබීම අතින් සතුටුදායකයි.
මෙම
අවුරුද්ද උදාවන අවස්ථාවේ ග්‍රහ පිහිටීම් ගැන සළකා බැලීමේදී රැකියා ස්ථානය
වු දස වැන්නේ භාග්යාකාරක වු බ්‍රහස්පති ග්‍රහයා රජක කාරක වු රවි සමඟ
කේන්ද්‍රස්ථාන ගතව සිටීම යහපති. රැකියා අපේක්ෂිත ඔබට බලාපොරොත්තු ඉටුවන අතර
රැකියාවේ නියුතු ඔබට මෙතෙක් පැවති බාධක මඟහැරී උසස්වීම් ලබාදේ. රාජ්‍ය
සම්මාන ගෞරව, සමාජයේ ප්‍රසාදයට ලක්වේ. සමාජසේවා කටයුතුවල නිරන්තරයෙන්ම
නියැලේ. දේශපාලන, පරිපාලන, කටයුතු වල යෙදෙන කටක රාශි හිමියන්ට සුවිශේෂී වු
වසරක් මෙන්ම ජාත්‍යන්තර තලයට පැමිණිය හැකි මතකයේ නිධන්ගතවන වසරකි.රැකියා ස්ථානයේ බ්‍රහස්පති බලවත් වු රවීත් සමඟ කේන්ද්‍රස්ථාන ගතව සිටීම රැකියා සම්බන්ධයෙන් දියුණුවක් ඇතිකරයි. 2012.05.17 සිට බ්‍රහස්පති 11 වැන්නේ ගමන් කරන කාලයේදී රැකියා දියුණුව මෙන්ම ලැබීම අතින් සතුටුදායක වේ. නමුත් බාධක මධ්‍යයේය. මිතුරන්ගේ උපකාර මෙන්ම ලාභ ලැබේ. කුජ හෝ රාහු ග්‍රහයාගේ මහ දසාවක් ගත කරන්නේ නම් උසස්වීම් සමග ස්ථාන මාරුවීම්ද සිදුවේ. වෘත්තීය වශයෙන් කෙටි විදේශ ගමන් යෙදේ. සඳු හිමි කටක රාශියෙන් ජන්ම ලාභය ලද වාසනාවන්ත ඔබට භාග්යයකාරක බ්‍රහස්පති සහ ලග්නාධිපති වු සඳු කේන්ද්‍රස්ථාන ගතවද, රවි කුජ අතර යෙදුන මහ ධන පරිවර්ථන යෝගයද යහපති. ධනය ලැබීම රැුකියා භාග්‍ය පෙර කුසල් ඉස්මතු වේ. තම අරමුණු ඉටු වේ. සතුරන් මර්ධනය වේ. උත්සාහයේ ප්‍රතිඵල ගෙනදේ.
අධ්‍යාපනය ගැන බැලීමේදී 5 වැන්නේ රාහු ග්‍රහයා සිටීම නිසා බාධක ඇතිවිය හැක. එම නිසා ඉගෙනීමේ කටයුතු සමිබන්ධයෙන් වැඩි උත්සාහයක් දැරීමට සිදුවේ. උසස් අධ්‍යාපනයේ නියුතු වුවන් වඩාත් සැළකිලිමත් විය යුතුය. රාහු ග්‍රහයා වසර උදාවේ විඳි ස්ථානයවූ 5 වැන්නේ සිටීම තුලින් හිතුවක්කාර ස්වභාවය මෙන්ම අධ්‍යාපනයේ උදාසීන ප්‍රතිථල ගෙන දේ . මැයි මස අග දක්වා මෙම තත්වය පවතී. බුධ ගුරු දෙදෙනාගේ පිහිටීම අනුව විදේශ උසස් අධ්‍යාපනයට යොමු වේ. වසර මැද භාගයේ එය සාර්ථක වේ. බාහිර අධ්‍යාපන කටයුතු වල නිරතවේ. නව ග්රන්ථල නිබන්ධන එලිදැක්වීමට යෝග්‍යවේ.
ආර්ථික වශයෙන් මෙම වසරේ යහපත් පරිවර්ථන කිහිපයක් සුදුවේ. මුදල් ලැබීමේ වාසනාව භාග්‍යය පෙන්නුම් කෙරේ. ධනස්ථානයේ අධිපති වූ රවි උච්චව 5 - 9 යන ත්‍රිකෝණ දෙක අධිපති කුජ - ගුරු දෙදෙනාගේ දුෂ්ටි දායකත්වය සහ පරිවර්ථනයත් ලක්නාධිපති වූ සඳුගෙන් බ්‍රහස්පති කේන්ද්‍රස්ථාන ගතව වීම තුලින් ධනය ලැබීමේ භාග්‍යය පෙන්නුම් කෙරේ. ව්යයාපාරයන්ගේ දියුණුවක් ගෙන දේ. නව ව්‍යාපාර ආරම්භයට සුදුසුය. හවුල් ව්‍යාපාරික ඔබ සැලකිලිමත් විය යුතුය. අය ස්ථානයේ ශුක්‍ර ස්වක්ෂත්ර වුවත් මහා බාධක ග්‍රහයා බවට පත් වී ඇති හෙයින් බුද්ධිමත්ව ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. පාඩු ලැබු ව්‍යාපාරය හිමි අයට මැයි මාසයෙන් පසු සතුටුදායක ආර්ථික තත්වයක් උදාවේ.
පදිංචි ස්ථාන අලූත් වැඩියා කටයුතු ල නව නිවාස, ගොඩනැගිලි ඉදිකිරීම් වලට යෝග්‍යය වේ. දේපල භූමි ලාභ මෙන්ම ඥාතින් අතර ප්‍රශ්ණ ඇති වේ. පදිංචි ස්ථාන මාරු අනපේක්ෂිතව සිදු වේ. විශේෂයෙන්ම ආගමික වතාවත් සහ දුර බැහැර ගමන් යෙදේ. විවාහ ස්ථානය අධිපති වූ සෙනසුරු ග්‍රහයා උච්චව කේස්ද්රස්ථාන ගතව බලවත් වී පිහිටීමත් නිසා විවාහ කටයුතු සම්බන්ධයෙන් අවිවාහක ඔබට මෙම වසරේ යහපත් අතර මංගල යෝග උදාකරයි. නව පෙම්සබදථා ගොඩනැගේ. ගෘහ කටයුතු සාර්ථක වේ.
දරුවන් සම්බන්ධ නියෝජනය කරන පස්වැන්නේ රාහු ස්ථානගතවීම නිසා දරුපල ප්රමාදවීම්ල ගබ්සා වීම් සිදුවේ. ගර්භනී මාතාවන් වඩාත් සුරක්ෂිත විය යුතු කාල පරිචේදයකි. කුඩා දුවා දරුවන් ගැන සැලකිලිමත් විය යුතුය. ශරීර සෞඛ්‍ය සමිබන්ධයෙන් බැලීමේදී සෙම්රෝග, බෙල්ලෙ අමාරු, උදරාබාධා ගති ඇතිවිය හැක. අශුභ දශාතත්වයක් පවතින අයට ශූභ ප්‍රතිපල අඩු වන අතර ආගමික වතාවන්හි යෙදීම සුභදායක වේ.
අය - 08
වැය -05
ශූභ දින - අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා
ශූභ වර්ණය - කහ සහ සුදු
ශුභ අංක - 01, 07