Pages

Lankasri web news බිරියගේ අසැබි දසුන් අන්තර්ජාලයට දැමූ අයෙක් මාට්ටු

බිරියගේ අසැබි දසුන් අන්තර්ජාලයට දැමූ අයෙක් මාට්ටු


Lankasri web news  තරුණියන් හා කාන්තාවන් රවටා රැගෙන ගොස් ඔවුන්ට හොර රහසේ ඔවුන්ගේ අසභ්‍ය දර්ශන රූගත කර ඒවා අන්තර්ජාලයට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුන බවට සැකපිට තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ළඟ තිබී කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

රාගම ප‍්‍රදේශයේ විසිහය හැවිරිදි තරුණියක් රවටාගෙනවිත් ඇයගේ දෙමාපියන්ට හොර රහසේ විවාහ වී බියගම ප‍්‍රදේශයේ ලැඟුම්හලක් වෙත කැදවාගෙන විත් දෙමසකට අධික කාලයක් නැවතී සිටිමින් ඇයගේ අසභ්‍ය දර්ශන ද රූගත කර අන්තර් ජාලයට දමා ඇතැයි පැවසේ.

රුපියල් අනූපන්දහසක් වූ අදාළ ලැඟුම්හලේ පළමු මාසයේ ලැගුම් ගාස්තුව එම යුවතියගේ කනකර රන් ආභරණ උකස් කර ගෙවා ඇතැයිද පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

දෙවැනි මාසයේ ලැඟුම්හල් ගාස්තුව ලෙස රුපියල් හැටපන් දහසක් ගෙවීමට සිදුව තිබූ බවද වාර්තා වේ.

අදාල මුදල ගෙවීමට නොහැකිවීම හේතුවෙන් ලැගුම් හල් හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසුව මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.

සැකකරු විසිනව හැවිරිදි වියේ පසුවන හෝකන්දර ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.